IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උප්පුවේලි සංචාරක බංගලාවට 346,000ක පොල්ලක්

(අමදෝරු අමරජීව)
 
ත්‍රිකුණාමලය, උප්පුවේලි පිහිටි සංචාරක බංගලා සංකීර්ණයේ කාමරයක් භාවිතකිරීම වෙනුවෙන් ගෙවිය යුතු වූ රුපියල් 346,000ක මුදලක් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකම්වරයෙකු පළාත් සභාවට මෙතෙක් ගෙවා නැතැයි වාර්තාවේ.

නැගෙනහිර පළාත් සභාවට අයත් උප්පුවේලි බංගලා සංකීර්ණයෙන් වායුසමනය කළ කාමරයක් ගත් මෙම ලේකම්වරයා එහි දින 173ක් රැඳී සිට ඇත.

එක් දිනක් වෙනුවෙන් රුපියල් 2000 බැගින් රුපියල් 346,000ක මුදලක් අයවිය යුතු බව ඒ සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන ලේකම් හා ආණ්ඩුකාර ලේකම් වෙත යැවූ ලිපිවල දැක්වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන්  ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන මහතා පැවසුවේ  එම මුදල අය කරගැනීමට  අදාළ බිල්පත එම නිලධාරියාගේ ලිපිනයට යවා ඇති බවය. 

යම් හෙයකින් ගෙවීම් පැහැර හැරියහොත් නීති මගින් කටයුතු කරන බව කී ආණ්ඩුකාර ලේකම්වරයා මෙම සංචාරක බංගලාවට අයත් පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙතරම් විශාල මුදලක් එකතු වෙනතෙක් නොසිට එය අයකර ගැනීමට කටයුතු නොකිරීම වරදක් බවද කීය.



අදහස් (2)

උප්පුවේලි සංචාරක බංගලාවට 346,000ක පොල්ලක්

රවින් Thursday, 06 June 2019 09:21 AM

මේ කියන ගණනට (රුපියල් 2000.00) වායුසමනය කල කාමරයක්? ගණන කොහොම වෙතත් ඔය කියන ලොක්කා රාජ්‍ය දේපල හා මුදල් අවභාවිතයෙන් නම් ඉහළම තැනක තමා ඉන්නේ. විදේශ ඇමතිකාලේ වියදම් කල විදිය? පවුල් පිටින් රාජ්‍ය මුදලින් සවාරි ගිය විදිය? එහෙම කට්ටියගේ ගෝලයොත් ඒවගේ නැතැ.

:       0       22

Hafeel Thursday, 06 June 2019 09:29 AM

මේ බෝගොල්ලාගම යන තැන අනවශ්‍ය වියදම් තමා. අනික දින 173ක් රැඳී සිටින්නකල් හොටෙල් කළමනාකරුවන් කොහෙද හිටියේ?

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site