IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


උපාධිධාරී පත්වීම් සඳහා වන වයස් සීමාව ඉහළට

(ඩයනා උදයංගනී)

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.

මීට පෙර මෙම වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබූ අතර ඊට වඩා වයසින් වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම සලකා වයස් සීමාව අවුරුදු 45 දක්වා වැඩිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් 2019-12-31 වන දිනට සම්පූර්ණ කර ඇති අයට මේ සඳහා අයදුම් කළ හැක.

මේ සඳහා වන අයදුම්පත් මෙම මස 20 වැනිදාට පෙරතැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඞ් පෝස්ට් කූරියර් සේවාව මගින් රැකියා විරහිත උපාධිධාරින්/ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 ලිපිනයට යොමු කළ යුතුය.

ලිපියේ වම් පස ඉහළ කෙළවර, රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020 ලෙස සඳහන් කර තිබිය යුතුය.

අදාළ අයදුම්පත් ජනාධිපති කාර්යාලීය www.presidentsoffice.gov.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි අතර වැඩිදුර තොරතුරු 0112433261 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක.

 

 



අදහස් (16)

උපාධිධාරී පත්වීම් සඳහා වන වයස් සීමාව ඉහළට

Laal Sunday, 09 February 2020 03:07 PM

55 කරා නම් මොකද වෙන්නේ? 45 වෙනකමුත් රස්සාවක් නැහැ කියන්නේ ජොබ් එකකට සුදුසු නැහැ කියන එකනේ...

:       88       113

Mahesh Sunday, 09 February 2020 05:47 PM

මාර විහිලුවක්නේ මේ. 60 වෙනකන්ම වැඩි කරා නම් හරි.. යහපාලනය වගේම මේකත් විහිලුවක් වේගෙන එන්නේ..

:       71       77

indra Sunday, 09 February 2020 06:40 PM

මෙම වයස් සීමාව රැකියා බලාපොරොත්තුවෙන් සිටින සෑම කෙනෙකුටම හිමිවෙන්න ඕනේ...

:       2       26

Wasantha Sunday, 09 February 2020 08:45 PM

මේකේ කමෙන්ට් කරලා තියෙන අය වගේ අය තමයි ලංකාවේ වැඩි හරියක් ඉන්නේ. ලෝකේ ගැන අවබෝධයක් නැතුව ගෙම්බන් වගේ රට දිහා බලන්නේ. ලෝකේ දියුණු වුණු රටවල් වල මිනිස්සු වයස 60 වෙද්දිත් උපාධි ගන්නවා. රස්සාවල් මාරු කරනවා. කම්පැනි අලුතින් ඕපන් කරනවා. අපේ රටේ මිනිසුන්ට ගෝඨාභය මහත්මයා වගේ ලෝකේ ගැන දන්නා මනුස්සයෙක් හොඳ වැඩියි.. බඩු මලු නිකන් බෙදන අය තමයි හරියන්නේ...

:       15       5

kapMonday, 10 February 2020 05:32 AM

වයසක උපාධිකාරයෙක් වගේ ඔයා.........

:       0       1

BamunuarachchiMonday, 10 February 2020 02:10 PM

හලෝ 60 පැනලත් උපාධි ගන්න බව අපි දන්නවා. නමුත් ප්‍රශ්නය 60 පැනපු අය රජයේ රැකියා සොයන එකයි. තේරුණාද දැන් මොලේ පෑදුණාද?

:       0       0

රමල් Monday, 10 February 2020 01:30 AM

දීමනාවක් දීලා ගෙදර ඉන්න කියන්න. රාජ්‍ය සේවා අවුල් නොක‍ර...

:       1       1

Bamunuarachchi Monday, 10 February 2020 01:34 AM

වයස සීමාවත් ළඟ එන ඡන්දෙත් අතර මොකක්දෝ සම්බන්ධයක් තිබෙන බව පෙනෙනවා. ඔය 45වෙනතුරු උපාධිධාරීන් රැකියාවල් නොකරද ඉන්නේ? නැහැ මොවුන් රජයේ රැකියාවල් සොයන්නේ මොකද ජනතාවගේ මුදලින් පඩි ගන්නයි, පැන්ෂන් ගන්නයි...

:       1       41

Bamunuarachchi Monday, 10 February 2020 01:40 AM

අඩුම ගානේ තැපැල් දෙපාර්තමේන්තුවට වත් ලාභයක් ලැබේවිනේ. හැබැයි පුතෝ මොවුන්ට රැකියා දුන්නාට කමක් නැහැ. වැටුප් ගෙවන්න. ජනතාවට බදු ගහන්න එපා. ඔවුන්ටම එම වැටුප උපයන්න පුළුවන් රැකියාවල යොදවන්න...

:       3       24

BamunuarachchiMonday, 10 February 2020 01:44 PM

අහන්න දෙයක් නැහැ. වැඩබැරි උපාධිධාරි 3ක් ඩිස්ලයික් දාලා තිබෙන්නේ...

:       0       0

lalithm Monday, 10 February 2020 03:02 AM

උපයන එක කොහොම වෙතත් මොනවා හරි වැඩක් කරන්න ඕනේ නේද? අපේ ග්‍රාමනිලධාරි කාර්යාලයේ වාඩිවී ඉන්න තව දෙන්නෙක්... එක අයෙක් කෘෂි හෝ මොනවාහරි දෙයක් සඳහා... මේ ළඟදී වෙනත් කරණයකට ග්‍රාමනිලධාරිතුමා හමුවෙන්න ගියාම පොල් ඉඩම් පිළිබඳ විස්තර ඉල්ලා පෝරමයක් පුරවා දෙන්න ඉල්ලුවා. මෙම කටයුතු කාර්යාලවල ඉඳගෙන පුටු රත් කරන දේවල් නොවෙයි නේද? ක්ෂේත්‍රයේ ඇවිදලා අඩුම තරමින් ගන්න පඩියට හරියන්න හරි තොරතුරු රැස් කරන්න මොවුන්ට බැරි නම් මේ කාලකන්නින්ට පඩි දෙන්නේ මොකටද? මොන උපාධිකාරයා වුණත් ඉගෙනගෙන තියෙන්නේ රටේ මහාජ මුදලි නේද? අනික වැඩට එන්නේ දවස් කීයද? ඉන්නේ පැය කීයද? මේ කරන වැඩේට ග්‍රාම නිලධාරිතුමාට කාර්යාල කාර්ය සහායකයෙක් දුන්නා නම් මීට වඩා හොඳයි.

:       0       4

Kamal Monday, 10 February 2020 03:13 AM

සමූහ ගොවිපලවල් සාදා එහි රැකියාවට දමන්න... මොකක් හරි රජයේ රැකියාවක්නේ ඕනෑ.

:       0       1

laaL Monday, 10 February 2020 03:55 AM

හැමකෙනාම අවුරුද්දක්වත් පුද්ගලික අංශයට අනුයුක්ත කරන්න ඕනෑ ආණ්ඩුවෙන් පඩිගෙවලා...

:       0       1

ජයරත්න Monday, 10 February 2020 04:36 AM

උපාධියක් තිබීමම රැකියාවකට සුදුසුකමක්ද? මේ අය රජයේ රැකියාවක්ම ඉල්ලන්නේ ඔහේ කන්තෝරුවකට වෙලා පිංපඩි ගන්න වැඩකට...

:       0       3

BamunuarachchiMonday, 10 February 2020 01:43 PM

උපාධියක් තිබීමම රැකියාවකට සුදුසුකමක්ද? පිස්සුද හලෝ?

:       0       0

Jehaan Monday, 10 February 2020 08:51 AM

මෙච්චර වයස්ගත වෙනකන් දෙමව්පියන්ගෙන් කන්න අඳින්න හිටිය එකෙන්ම කාර්යක්ෂමතාව ඔප්පු වෙනවා. ඕනෑතරම් පුද්ගලික අංශයේ රැකියා තිබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31353 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site