IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


උද්ධමනය සියයට 11ත් ඉක්මවයි

(යොහාන් භාසුර සහ තුෂාර ද සිල්වා)

මෙම වසරේ ඉහළම උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

පසුගිය නොවැමබර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 11.1 ක් වූ බවත් ඔක්තෝබර් මාසයේ උද්ධමනය  සියයට 8.3 ක්ව පැවතුණු බවත් මහ බැංකුව කියයි.

නොවැම්බර් මස සියයට 11.1 ක් වූ උද්ධමනය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.8 ක ඉහළ යෑමක් බවත් ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකේම මිල ගණන් ඉහළ යෑම මෙම තත්වයට හේතුව බවත් මහ බැංකුව සඳහන් කරයි.



අදහස් (12)

උද්ධමනය සියයට 11ත් ඉක්මවයි

ravin Wednesday, 22 December 2021 10:58 AM

මොළ හතෙන් අඩුමගානේ එකක්වත් පස්චාත් ප්‍රදේශයේ පිහිටා තියනවා වගේ.හෙලිකොප්ටරයෙන්ම ගිහිලා තමයි බලන්න වෙන්නේ

:       2       22

BamunuarachchiThursday, 23 December 2021 07:20 PM

මොළ හතකින් කරන ඒවා ගොන් මොළවලට තේරෙන්නේ නැහැ.

:       1       0

kamal Wednesday, 22 December 2021 11:21 AM

පක්ෂ පාට බදාගෙන එක රටක මිනිස්සු වෙලත් රණ්ඩු වෙන බැන ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.ඒ මාන්සකිකත්වය නැති වන තාක් කල් මෙම රට දියුණු නොවන අතර දුෂ්ට දේශපාලුවන් රජ කරනවා.දැන්වත් එය තේරුම් අරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.චන්දය ලං උනාම මෙම දුශිතයෝ ටික අපිට නොදැනීම අපව නැවත රවටනවා.ඒකට අහුවෙන්න එපා.අපේ දුර්වලතාවයක් තියනවා අපි හැමදේම ඉක්මනට අමතක කරනවා.ඒකෙන් දේශපාලුවන් ප්‍රයෝජනය ගන්නවා.චන්දය ලං උනාම අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් මිල අඩු කලාම අපිඅට ,ඒ සියලු දේවල් අමතක වෙනවා.එසේ නොවී මොවුන්ගේ අදුරදර්ශී වැඩ කොමිස් ගැහිලි හොදින් මතක තබා ගෙන එන චන්දයේදී වත් බුද්ධිමත්ව මොවුන්ට පාඩමක් උගන්වමු .

:       1       15

RaveendraWednesday, 22 December 2021 12:25 PM

සහතික ඇත්ත. අපගේ මම අදහස්වලට වැඩි පිරිසක් එකග නොවනු ඇත. එනමුත් කිවයුතු දෙය කිව යුතුමය.... අප රටේ 99.99999% සිටින්නේ තමන්ගේ බඩ ගැන හා තමන් ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී මෝඩ ගොන් තකතීරු ඡන්දදායකයන් බව සදහන් කරන්නෙම්. නැවත නැවතත් අප සදහන් කරන්නේ දියවනාව පට්ටියේ බලය ලබාගැනුමට 226ක් අං පටලවාගන්නේ , වස්ත්‍ර කරට අරගෙන විනීත ලෙස හැසිරෙන්නේ, පාරවල් දිගේ උද්ගෝෂණ කරන්නේ ,සරසවිවල අධ්‍යායාපනය අඩාල කරන්නේ , අරක දියව් මේක දියව් කියමින් කාලය කාදමන්නේ රට ගොඩනැගීමට නොවන බව 100% ස්ථිරය. එමගින් රට ගොඩ නැගුනානම් අවුරුදු 70 වැනි "කෙටි" කාලයක්ම අප රට සංවර්ධනය වෙමින් පවතින රටක් වන්නේ කෙසේද ?

:       3       6

Hafeel Wednesday, 22 December 2021 11:33 AM

මේ තත්වයට හේතුව ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකේම මිල ගණන් ඉහළ යෑම නිසාලු. එහමනම්, කබ්රාල්ගේ වැරැද්ද නොවේ. ඒ නිසාද ඔහු වැටුපත්, විශ්‍රාම වැටුපත් එකම අවස්ථාවේ බුක්ති විඳගෙන සහ අර්ජුන් මහේන්ද්‍රන් සගයාටත් විශ්‍රාම වැටුපෙන් බුක්ති විඳින්න පහසුකම් දීල තියන්නේ.

:       1       13

[email protected] Wednesday, 22 December 2021 12:00 PM

උද්දමනයට වඩා අපට ලැබෙන පොලිය අඩු අගයක, අපි වැඩකර ජීව්තයේ සැඳෑ කාලයට ඉතිරිකර තිබුන මුදලින් ලැබෙන පොලියෙන් දැන් ජීවිතය අමාරුවෙන් ගෙවන අපට මුදලේ අගයත් පහලට, අඩුම වශයෙන් පොලිය උද්දමනයට සරිලන සේ ඉහල දමන්න, අපට ජීවිතය ගෙවන්න ඉතිරිව ඇති මුදලත් නැතිකර අපිව පාරට දමන්නට එපා.

:       1       13

Shan Wednesday, 22 December 2021 01:10 PM

සල්ලි අච්චු ගහනකොට උද්ධමනය වැඩි වෙනවා කියලා දන්නේ නැත්තේ කබ්රාල් විතරයි.

:       1       10

fairoos Wednesday, 22 December 2021 01:59 PM

ඉස්සර රුපියල බාල්දු වෙනකොට බෙරිහන් දීපු අයගේ කටවල් වැහිලා.

:       1       11

BamunuarachchiFriday, 24 December 2021 05:29 PM

ඉස්සර රුපියල බාල්දු වුනේ පාලකයින්ගේ වරදින්. ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයෝ අමාත්‍යාංශ 43 පාලනය කරන්න ගත්ත නිසා. දැන් රුපියල බාල්දු වුනේ ඒ හම්බයින්ම කොරෝන නිසා අපේ බදු මුදලින් කන්න පටන් ගත්තු නිසා...

:       0       0

Soma dubayi Wednesday, 22 December 2021 04:26 PM

මේක ලොකු අගයක් නෙවෙයිනේ... රටක් දියුණු වෙනකොට ජනතාවට කැපකිරීම් කරන්න වෙනවා.

:       0       0

Rohana Wednesday, 22 December 2021 06:49 PM

හැමදේටම සීමාවකින් තොරව විදේශ ණය ගැනීම තුළින් දැන් ණය කන්දක් හැදිලා. ඒ ණය විදේශ මුදලින් ආපසු ගෙවන්න ගියාම විදේශ සංචිත වේගයෙන් පහත වැටෙනවා. විදේශ ඉපැයුම් ප්‍රමාණවත් ලෙස නොලැබෙන මෙවන් යුගයක විදේශ මුදල් හිඟවීමේ අර්බුදයකට මුහුණ දී ඇත්තේ ඒ නිසයි. ඒ නිසා රටට අත්‍යාවශ්‍ය ඛනිජ තෙල්, ගෑස් පොහොර හිඟයකින් තොරව ආනයනය කිරීමට නොහැකි තත්වයකට රට මුහුණ දී සිටී.

:       0       1

Bamunuarachchi Thursday, 23 December 2021 07:24 PM

තැන්පතුවලට ගෙවන පොලිය වැඩිකරන්න කාලේ හරි, නැතිනම් ආර්ථික ප්‍රශ්න පැන නගිනවා. තැන්පතුවලට ගෙවන පොලිය උද්ධමනයට කෙලින්ම සම්බන්ධයි. මිනිස්සු මුදල් තැන්පත් කිරීම නවතනවා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි
2025 පෙබරවාරි මස 12 742 1

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි


කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
2025 පෙබරවාරි මස 12 325 0

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප


‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘
2025 පෙබරවාරි මස 12 927 4

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව


ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 387 2

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
2025 පෙබරවාරි මස 12 454 0

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.


’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
2025 පෙබරවාරි මස 12 276 1

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 123 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 911 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site