(අංජුල මහික වීරරත්න)
ජනතාව පාරට බස්සමින් උද්ඝෝෂණය කරවීමට වඩා එන්නත්කරණයට උනන්දු කිරීම ජාතික වගකීමක් ලෙස සළකා එකතුවී වැඩ කරමු යැයි විපක්ෂයේ සියලු පක්ෂ වලට ආරාධනා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
පක්ෂ පාටවලට නොබෙදී කොරෝනා වසංගතය පරාජය කිරීමට එකතු වන්නැයි විපක්ෂයට සිහිකැඳවීමක් කරන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.
මහා මාර්ග අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවෙි කොවිඩ් වෛරසය ආසාදනය වන්නේ පක්ෂ පාට බලලා නොවන බව මුලින්ම තේරුම් ගත යුතු බවයි.
COMMENTS
අනේ මිනිසුන්ට තියෙන ආදරෙ. දැන් මිනිස්සු ප්‍රස්නවලට පාරට එන එක නවත්වන්න බොරු උප්පර වැට්ටි ගෙන්න එපා.
රට විදේශිකයන්ට අරින්න තදියම තියෙන්නේ.
බාර් ටිකත් මේ කාලේ වහලා තිබ්බොත් නරකද? ඕක කියන්න කළින්...
මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ ෆන් එකට නෙමේ කියලා මේ වගේ මෝඩ ඇමතියන්ට කවුරු හරි කියලා දෙනවා නම් තමයි හොඳ. අනික මේ පළාත් අතර ගමනාගමනයට ඉඩ දීලා, කෝච්චි වල, බස් වල සාඩින් ලෙවල් එකට මිනිස්සු පැක් කරලා ඩෙල්ටා පැතිරීම අස්සේ වැඩට එන්න කියන ආණ්ඩුවක මෝඩයින් කා වෙනුවෙන් ද කතා කරන්නේ කියන දේ මිනිස්සු හොඳින් දන්නවා...
සමහර ඇමතිවරු නොහොබිනා කථා කීමේ ප්‍රතිඵලය තමා රජය මේ අත්විඳින්නේ. ඔලුව ඉදීමීමට නොවරදින ප්‍රතිකාරය කටඋත්තර නැතිවෙන්නම පස්ස බිම ඇනීම.තව වැඩිය ඈත නෑ.
මේ වගේ කුලියට කහින අය කියන ඒවා අහන්න මිනිස්සු මෝඩ නෑ.