IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උද්ඝෝෂණය කළැයි අඹගමුව ප්‍ර.ස.මන්ත්‍රීවරයෙක් ඇතුළු 4 ක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)

ජනතා විමුක්ති පෙරමුණ මගින් හැටන් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (08) පැවැත් වු උද්ඝෝෂණයක් විසුරුවා හැර එම උද්ඝෝෂණය සංවිධානය කළ ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රි මංජුල සුරවිර ආරච්චි මහතා ඇතුළු එම පක්ෂයේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව  හැටන් පොලිසිය කියයි.

අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිම සහ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත කොතලාවල පනතට එරෙහිව එම පක්ෂයේ සමාජිකයෝ හැටන් ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.

උද්ඝෝෂකයන් අතරට පැමිණි හැටන් පොලිසියේ  මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.බි.පලිපාන මහතා උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියේ උද්ඝෝෂණ පැවැත්විම රටේ තහනම් කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත මෙම උද්ඝෝෂනය පැවැත්විමට ඉඩ ලබා දිය නොහැකි බවයි.

දෙපාර්ශවය අතර ඇති වු උණුසුම් තත්ත්වයත් සමග ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂනය සංවිධානය කල මංජුල සුරවිර ආරච්චි මහතා , සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් තමිල් සෙල්වි මෙනවිය , කොත්මලේ ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වන ජයරත්න , කපිල බණ්ඩාර යන සිව්දෙනා  හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.

ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ව හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව එම පක්ෂයේ සමාජිකයන් කියා සිටියේ තම පක්ෂයේ සමාජිකයන් අත්අඩංගුවට ගැනිමෙන් තමන් අධෛර්යට පත් නොවන බවත්, ඉදිරියේදි මෙවැනි අණ පනත් සහ  දුෂණ වංචා  වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ නැගි සිටින බවයි.

අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසිය.



අදහස් (0)

උද්ඝෝෂණය කළැයි අඹගමුව ප්‍ර.ස.මන්ත්‍රීවරයෙක් ඇතුළු 4 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 2 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site