(ජයන්ත සමරකෝන්)
එළඹෙන උත්සව සමයේ අධිවේගී මාර්ගවල තදබදය අවම කිරීමේ නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
උත්සව සමය තුළ අධිවේගී මාර්ගවල වාහන 120,000ක් පමණ ධාවනය වනු ඇති බවත් ඒ අනුව ඇතිවිය හැකි තදබදය සඳහා ගෙවීම් කවුන්ටර් වැඩිදියුණු කර පිටවීමේ දොරටු සංඛ්‍යාව වැඩිකර ඇති බව් එහි නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පැවසීය.
අවුරුදු නැකැත් වේලාව අවසන් වූ විගසම සෑම වසරකදීම වාහන සිය ගණනක් අධිවේගීමාර්ගවලට පිවිසීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී ඇතැයිද එබැවින් ඇතිවන හදිසි තදබලය වැළැක්වීමට නැකැත් පසුවූ විගස ම නොපැමිණෙන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.
මුදල් ගෙවීමේ කවුන්ටර කාර්යක්ෂම කිරීමෙන් වෙනදා පැයකට පිටත් වූ වාහන 250 වෙනුවට ඉදිරියේදී පැයකට වාහන 400ක් පිටත්කිරීමට හැකිවී ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
COMMENTS
නැකත පහු වුණු ගමන්ම එන්නේ නැතුව නැකතට පැයකට පස්සේ ඔක්කෝටම එන්න කිව්වා නම් හරිනේ...
තදබද වගේම රිය අනතුරු අඩු කරන්නත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. දෝෂ සහිත, ටයර් ගෙවුනු වාහන ඇතුල් කරන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම ඉස්සර නොකරන වෙලාවට වම්තීරුවේ විතරක් වාහන ධාවනය කරන්න රියදුරන් දැනුවත් කරන්න... ධාවන තීරුදෙකේම නැතුව. පොඩි ළමයි ඉස්සරහ සීට් එකේ තියාගෙන යන්න දෙන්න එපා... මේ ටික ක්‍රියාත්මක කෙරුවොත් මේ අවුරුද්දේ රිය අනතුරු නිසා වෙන මරණ ගණන අඩු කරගන්න පුළුවන්.