



( රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා අද (11) උතුරු පළාත පුරා හර් තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුණි.
දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම හර්තාලය සංවිධානය කොට තිබුණි.
මේ අනුව උතුරේ වව්නියාව , මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කයන්හි වෙළඳසැල් සියල්ලක්ම වසා වෙළෙඳ සංගම් විසින් හර්තාල් ව්‍යාපාරයට සහයෝගයක් ලබා දී තිබුණි.
ඊට අමතරව උතුරේ පෞද්ගලික බස් සංගම් විසින්ද හර්තාලයට සහය ලබා දෙමින් උතුරු පළාත තුළ ධාවනය වන බස් රථ ගමනාගමනයෙන් වැළකී සිටි අතර උතුරු පලාතෙන් පිටත ධාවනය වන බස් රථ පමණක් ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි.
උතුරේ වෙළඳසැල් සහ බස් ගමනාගමනය නොවීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට බාධා සිදු වූ අතර බස් රථ ගමනාගමනය නොවීම හේතුවෙන් පාසල් ළමුන්ද පීඩාවන්ට පත් වූහ.
උතුරේ ක්‍රියාත්මක හර්තාලයට සහයෝගය දුන් පිරිස් කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතියක් වූ යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම දැඩි අසාධාරණයක් බැවින් වහාම අදාළ යුද ස්මාරකය නැවත ඉදිකිරීමට බලධාරීන් පියවර ගත යුතු බවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්තාල් ව්‍යාපාරයක් නැතුව අර්තාපල් ව්‍යාපාරයක් කරගෙන පාඩුවේ ඉන්න පුරුදු වෙනවා නම් කොච්චර හොඳද?
මුස්ලිම්, දෙමළ පක්ෂ හර්තාලයට සම්බන්ධ වුණා පමණයි. කඩපු ස්මාරකය අලුතින් හදන්න මුල් ගලත් තියලා ඉවරයි. දකුණට, මින් ඉදිරියට ඔය බය තියෙන්න ඕනේ..
හර්තාල් කරගෙන යන්න දෙන්න. බඩගිනි වුණාම හර්තාල් ඉවර වෙයි.