(එෆ්. අස්ලම්)
රට තුළ පැන නැගී ඇති අනාරක්ෂිත හදිසි තත්වය සැළකිල්ලට ගනිමින් උතුරේ ආරක්ෂාව වැඩි කරන ලෙසත් ආරක්ෂක හමුදාව පළාතෙන් ඉවත් නොකරන ලෙසත් උතුරු පළාත් හිටපු වනිතා කටයුතු ඇමැතිනි ඊල මක්කල් සුයාට්චි කලහම් පක්ෂයේ නායිකා ආනන්දි ශෂිධරන් මහත්මිය පවසයි.
උතුරේ ආරක්ෂක හමුදාව ඉවත් කරන ලෙසට පෙර අවස්ථාවලදී රජයට බලපෑම් කළද තමාගේ ඇතුළු පළාතේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවේ හා පොලිසියේ ආරක්ෂාව ශක්තිමත් කළ යුතු යැයි ද ඇය කියා සිටියාය.
රට තුළ පැන නැගී ඇති අනාරක්ෂිත තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශෂිධරන් මහත්මිය මේ බව අවධාරණය කළාය.
එමෙන්ම පසුගිය පාස්කු ඉරිදා (21) වැනි දා දිවයිනේ ස්ථාන අටකට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරවල සම්පූර්ණ වගකීම රජය බාරගත යුතු බවත් රජයට ලද බුද්ධි තොරතුරු පිළිබඳ නිසි අවධානය යොමුකර අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබිණි නම් මෙවන් විනාශයක් සිදුනොවන බවත් සඳහන් කළාය.
ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකිකයින් වශයෙන් ජාති බේදයකින් තොරව එක්ව නැගී සිටිය යුතු බවත් මහජන ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් රජය හැකි උපරිමයෙන්ම කටයුතු කළයුතු බවත් ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයකට සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ මෙරට පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බවත් ශෂිධරන් මහත්මිය සඳහන් කළාය.
COMMENTS
අක්කට හමුදාවේ අගේ දැන් තේරිලා වගේ...
ඉල්ලන කොට ඉන්නයි, එලවන කොට යන්නයි අපි ලෑස්තියි කියලද හිතන් ඉන්නේ..? කියන්නකෝ ගිහිං ජීනීවා කොමිසමටයි, චැල්ෆො එකටයි... අර සිවාජිලිංගම්ද කාටදැයි අාරක්ෂා කරලා දෙන්න කියලා... ඔබලගේ අවනමබු විඳගෙන හමුදාව කරන කැපවීමට කකුල් දෙක අල්ලලා වැඳපල්ලා.. තාම අාවඩන්නේ ත්‍රස්තවාදීන්ට බව අමතක වුණාද...?
එහෙමද ?? එතකොට අපේ හමුදාව හොද වුනේ කොහොමද?
කියනකන් හිටියේ. මොනවා වුනත් ඔබලා හමුදාවගේ අගය වටහාගත්තට සතුටුයි.
දැනුයි මොලේ පැදිලා තියෙන්නේ
දැන් තමයි හමුදාවේ ,පොලිසියේ අගේ පෙනෙන්නේ
මොකද එක පාරම හීනෙන් බයවෙලාද??
එහෙමද ආස දැන්???
ආ.. දැන් නෝනට හමුදාවේ වටිනාකම දැනිල නේද? පහුගිය කාලයේ ජාතිවාදයෙන් ඔලුව උදුම්මාගෙන බෙරිහන් දෙද්දී අපේ හමුදාව ද්‍රෝහී වුණා නේද? අද ආරක්ෂාව, බිය දැනෙද්දී හමුදාව ඕනෑවෙලා නේද?
එළම කිරි! ඔය තියෙන්නේ හොඳ කතා. ඔහොම යන් ඉදිරියට!
ඔන්න ඕකට තමයි කියන්නේ කන්න ඕනෑ වුණාම කබරයත් තලගොයි කරනවා කියලා..
හමුදාව මතක් වෙන්නේ මරණ බය දැනෙනකොට නේද ? අපි තිස් අව්රුද්දක් බයේ හිටියේ ඔයාලගේ කට්ටිය නිසා
ඔන්න අවස්ථාවාදි දෙමල දේශපාලකයෝ. පහුගිය කාලේ ලෝකෙ වටේ කේලාම් කියාගෙන ගියා නේද හමුදාව උතුරින් අයින් කරන්න කියලා... හමුදාව අපරාධ කළා කියලා. දැන් ආරක්ෂාව ඉල්ලන්නේ හමුදාවෙන්මයි. කෝ ඔබලගේ රටරට වල ඉඳන් බුරන ඩයස්පෝරාව...?
දැන් තමයි ඕනේ වෙලා තියෙන්නේ අපේ හමුදාව...
හමුදාව පාරේ සිටීම බාධාවක් බව සිතුවේ වැරදි වැඩ කරන මිනිසුන් සහ ඒ මිනිසුන්ගෙන් වැඩගත් දේශපාලකයින්. දැන්වත් නිදහසට වඩා ආරක්ෂාව ගැන සිතීම පිළිබඳව අපි අගයමු.
හිනා යනවා මේවට රණවිරුවා මොන තරම් වටිනවද කියල දැන් තේරෙන්නේ
මොවුන් තමයි දවසකටවත් අය...
උතුරේ සියලුම හමුදා දකුණේ ආරක්ෂාවට යෙදවිය යුතුයි. මේ තරම් කාලයක් මේ අය කාලකන්නි ආණ්ඩුව එක්ක එකතුවෙලා හමුදාව හෑල්ලුවට ලක්කළා. එතකොට බෝම්බ පුපුරනකොට තේරෙයි. ඊට පස්සෙවත් පාඩමක් ඉගෙන ගනියිනේ...
අම්මපා මැරිලා ඉපදිලා වගේ කියන හැටි...
අම්මපා... මේ නගාට දැන්ද වැඩේ භයානකකම තේරුනේ...? කෙසේ්‍වෙතත් අවසානයේ හෝ නගාට එය තේරීම අප අගය කරන්නෙමු.
දැන් අර විග්නේෂ්වරන් මහත්තයා එහෙම කොහෙද දන්නේ නැ නේද? මේ රටේ අහිංසක මිනිස්සු කාටවත් ජාතිවාදී ප්‍රශ්න නෑ.. ඔව්වා ඔක්කොම හැදුවේ මේ රටේ කුහක දේශපාලකයන් පිරිසක්... අද මේ සේරටම හමුදාවේ අගේ දැනිලා. ඔහොම යං...
ඊළඟ පාරත් ජිනීවා යනවද? දැන් හරි තේරුනේක හොඳයි. ඔයාටත් ස්වාමිපුරුෂයා අහිමිවුණේ ත්‍රස්තවාදය නිසා.
හමුදාව දකුණේ සෑම තැනකටම යොදවන්න හදිසි නීතිය සමග, උතුරට ගම්බට්ටන් පමණක් ඇති...
කොටින්ට කඩේ යන නඩය පෝලිමට ජිනීවා ගිහින් උඩපැනපු නිසා එහෙ තිබෙන හමුදා කඳවුරු වලින් 60%කට වැඩි ප්‍රමාණයක් වහලා, ඔය කියන තරම් ඉක්මනට හමුදාවට එන්න බැහැ. හමුදාව එහෙ ගිහින් නැවතිලා ඉන්නේ බස්හෝල්ට්වලද? ඔබලා කිව්වත්, නැතත් හමුදාව මේ තත්වය නිසා කොහොමත් ඔහෙට එනවා. ඒකට යම්කිසි කාලයක් ගතවෙනවා.. එතකම් ඔබලාගේ ආරක්ෂාව ඔබලා විසින්ම සපයාගන්න. කෝවිල්, පල්ලි නොගිහින් ගෙදරටම වෙලාඉන්න.
වරදට සමාව දීම උතුම් මිනිස් ගති ගුණයක් නිසාවෙන් හා ඔබ විසින් ඔබගේ වැරදි පිළිගත් හෙයින්ද, ලක්වැසි සියලු දෙනාගේම සමාව ඔබ හට ලැබෙනු ඇත. එදා සිට අපගේ හමුදාවන් කලේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරගැනීම පමණි. දෙවියන් ඉදිරියේ පාපොච්චාරණය කිරීමෙන් දේව කරුණාවද ලැබෙනු ඇත.
ආර්මි එකේ අය ඉන්නේ මොවුන්ගේ ආරක්ෂාවට... ගෙවල් හදන්න වැඩකරලා දෙන්න කියලා වෙන්න ඇති මොවුන් හිතාගෙන ඉන්නේ. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම ගැන කතාකරන මොවුන්ට දැන් තමයි ආර්මි එක මතක් වෙන්නේ..
ලෝකේ වටේ ගිහින් අපේ හමුදාවට අපහස කරලා දැන්ද හමුදාව මතක් උනේ? ජාතිවාදීන්ගේ, ත්‍රස්ත වාදීන්ගේ ආරක්ෂාවට අපේ හමුදාව එවන්නේ නැහැ. ජිනීවා වලට ගිහින් කියන්න අපේ ආරක්ෂක හමුදාව උතුරේ සදහටම රඳවා තබන්න කියල. එතකොට අපි හිතල බලන්නම්.
එහෙනම් අයින් කරන්න කියල ජිනීවා ගියේ. අඛණ්ඩ උපවාසේද කොහෙද කරල ඉවරද?
සෑම විටකදීම ජනතාව රැක්කේ හමුදා අංශ බව මෙයා දැනගෙන උන්නත් බළලා මල්ලෙන් එලියට පැන්නේ දැන් තමයි. රට රකින්න ඔවුන් සමග අපි වගේ අත් වැල් බැඳ ගන්න පෙරට එන්න.
නෑ මෙයාම කීවා උතුරේ හමුදාව ඉවත් කරන්න කියලා දැන් දකුණේ ප්‍රබල ගැටළුවක් තියනවා. ඒක නිසා අපි 50% උතුරෙන් ගනිමු. ඉතුරු 50% සාමාන්‍ය සේවයේ යෙදුනාවේ මොකද උතුරට දැන් සියලුම ආරක්ෂාව මෙයාලා දීලානේ තියෙන්නේ
දැන් තේරිලා වගේ.
මරණ බය දැනුනද? ලැජ්ජාවක් නැතුව හමුදාවෙ කොල්ලන්ටම වදින්න වුනා නේද. පව්...