රොමේෂ් මධුෂංඛ
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 39,895 කට අයත් පුද්ගලයින් 123,862 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාසද 474 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 4522කට හානි අද (30) වන විට සිදුව ඇති බවට ජාතික ආපදා කළමනාකරණ ඒකකයයේ වාර්තා අනුව පෙන්වා දෙයි.
මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 1146 කට අයත් පුද්ගලයින් 3708 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 11 ක රඳවා සිටින බවටද යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සහ කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි මරණ දෙකක් වාර්තා වී ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය විසින් පෙන්වා දෙයි.
මේ අනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය වන අතර එහි කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 25,281 කට අයත් පුද්ගලයින් 78,528 දෙනෙකු විපතට පත්ව ඇති අතර එහිදී නිවාස පූර්ණ 388ක් සහ අර්ධ නිවාස 2225 කට හානි සිදුව ඇත.
උතුරු පළාතෙන් දෙවනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එහිදී ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර හා වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 10,388 කට අයත් පුද්ගලයින් 32,252 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූරණ නිවාස හානි 86ක් හා අර්ධ නිවාස හානි 2297 ක් වාර්තා වී ඇත.
අනතරුව මන්නාරම් නගරයේ සහ නානාට්ටාන් ප්‍රදේශයන්හි පවුල් 39 කට අයත් පුද්ගලයින් 141 දෙනෙකුද වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 155 කට අයත් පුද්ගලයින් 521 දෙනෙකු ද යාපනය දිස්ත්‍රීක්කයේ මරදන්කේනි ප්‍රදේශයේ 4257 කට අයත් පුද්ගලයින් 12,642 දෙනෙකු ද විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය විසින් පෙනවා දෙයි.
2025 ඔක්තෝබර් මස 08
1458
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
473
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරේ විපතට පත් සංඛ්‍යාව 123,862 දක්වා ඉහළට