( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවකට වැඩ තහනමට ලක්ව සිටි  රඹෑව ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම තනතුරෙහි නැවත පිහිටුවීමට ගනු  ලැබූ තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජූලි මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට  අභියාචනාධිකරණය  අද  (21) නොතීසි නිකුත් කළේය.

රජයේ මුදල් අව භාවිතා  කිරීම සම්බන්ධ චෝදනා පහළොවකින් දහහතරකට වරද කරු බවට විමර්ශනයකදී තීරණය තිබියදී ඒ පිළිබඳව  තැකීමක් නොකර මහානාම ගේ අජිත් ප්‍රසන්න මහතා සභාපති ධූරයට නැවත පත් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක්  සලකා බැලූ අධිකරණය මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

එම්. ටී.එම්  ලෆාර්,සහ කේ.කේ.ඒ.වී.ස්වර්ණාධිපති යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි .

රඹෑව  ප්‍රාදේශීය සභාවේ උප සභාපති එස්.තායිබු මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.