IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


උතුරු නැගෙනහිර විහාරස්ථානවල පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කරන්නැයි ඉල්ලා පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ විහාරස්ථාන හා පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතීඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (28) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

 
නීතිඥවරයෙකු වන දර්ශන වේරදුවගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.
 
එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා , වැඩබලන පොලිස්පති සී.ඞී.වික‍්‍රමරත්න,  මුලතිව්, උප්පූවේලි සහ ඕමන්ත යන පොලිස් ස්ථාන වල පොලිස් ස්ථානාධිපතිවරුන් , බුද්ධශාසන කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී.මණ්ඩාවල  සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරු කියා සිටින්නේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල පිහිටි බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බෞද්ධ උරුමය විදහාපාන පෞරාණික කලාප විනාශ කිරීමේ ක‍්‍රියාදාමයක් ඉකුත් දින වලදී එම ප‍්‍රදේශවල සංවිධානාත්මකව ක‍්‍රියාත්මක වෙමින් පවතින බවයි.මේ පිළිබඳව ජනමාධ්‍ය වලින්ද වාර්තා වේ.
 
එසේම මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපති අපේක්ෂකයන් වෙත දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් 13 ඇතළත් යෝජනාවලිය මගින් මෙම අනතුර තවදුරටත් තීව‍්‍ර වී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර නීතිඥවරයා පෙන්වා දෙන්නේ එම ඉල්ලීම් 13 ක‍්‍රියාවට නැංවුණහොත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ උරුමයන් බොහොමයක් විනාශ වීමේ අවධානමක් පවතින බවද සඳහන් කර සිටියේය.
 
ඒ අනුව මෙම පෙත්සම විශේෂ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වග උත්තරකරුවන් වෙත නිකුත් කරන මෙන් ද ඔහු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

උතුරු නැගෙනහිර විහාරස්ථානවල පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 856 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 968 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 391 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site