IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු හා නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම නතර කළ යුතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

එම පළාත්වල සිදුකෙරෙන බෞද්ධාගමීකරණය නතර කර ගැනීම සඳහා තමා මහානායක හිමිවරුන් හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියයි.

දේශපාලන වුවමනා එපාකම් මත මෙවැනි කටයුතුවල යෙදෙන පිරිස් සමඟ සාකච්ඡා කිරීමට ද තමා අපේක්‍ෂා කරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඒ බව ප්‍රකාශකර ඇත. 
එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු මෙසේ ද පවසා තිබේ. 

“දේශපාලනික වුවමනා එපාකම්වලට උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධාගමීකරණයක් සිදුවෙමින් තිබෙනවා. එසේ කිරීම බුදු දහමට පටහැනියි. ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. එසේ කරන පිරිස් සමඟ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මම මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපිට හොයාගන්න පුළුවන් වේවි. 

උතුරේ පළාතේ ආණ්ඩුකාරවරයා විදියට විතරක් නොවෙයි. දෙමළ ජාතිකයකු විදියට විතරක්  නොවෙයි, බෞද්ධ දර්ශනය පිළිපදින ඊට ගෞරව කරන කෙනෙක් විදියට වෙන දේවල් හරියි කියන්න බැහැ. මම ඒ ගැන අවධානය යොමු කරනවා. 

ඔබ සත්‍ය වශයෙන්ම බෞද්ධයෙක් නම්, ඔබ කිසිවක් උල්ලංඝනය කරන්නේ නැහැ වගේම කිසිවක් කිරීම නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. සත්‍ය බෞද්ධයකුට කිසිවක් ව්‍යාප්ති කරන්න අවශ්‍ය වන්නේ නැහැ වගේම යම්කිසි ක්‍රියාදාමයක් නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. ප්‍රතික්ෂේප කිරීම හා අත්හැරීම බුදු දහමේ මූලික කරුණුයි.

එම නිසා දේශපාලන වුවමනා එපාකම් නිසා උතුරු පළාතේ කෙරෙන බෞද්ධාගමීකරණය නැවැත්විය යුතුයි. එහෙත් එම ප්‍රදේශවල සිංහල ජනාවාස තිබෙනවා නම්, දීර්ඝකාලයක් මුළුල්ලේ හමුදා කඳවුරු තිබෙනවා නම් ඒවායේ සිටින සෙබළුන්ට ඔවුන්ගේ ආගමික වතාවත්වල යෙදීමට පෞද්ගලික ස්ථාන තිබිය යුතුයි. එය නවත්වන්න අපට බැහැ. 

දේශපාලන වුවමනා එපාකම් මත කරන බෞද්ධාගමීකරණය නැවැත්විය යුතුයි. අපි මේවාට විරුද්ධ විය යුතුයි. මිනිස්සු තමන්ගේ ප්‍රජාතනත්්‍රවාදී නොවන ක්‍රියාකාරකම් සඟවාගන්න යන අඳුරුතම තැන ආගම කියලා අපි දන්නවා.                   

- 055



අදහස් (58)

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න

කරතොට ධම්මසිරි හිමි Sunday, 13 January 2019 06:17 PM

බලහත්කාරයෙන් තැන් තැන්වල ඉදිකරන මුස්ලිම් පල්ලිත් වහා තහනම් කිරීම කල යුතුයි. අනික ඔය ආණ්ඩුකාරවරයා දන්නේ නැද්ද උතුරු නැගෙනහිර පළාත් වලත් අතීතයෙ බෞද්ධ සංස්කෘතික උරුමයන් තිබුණු බව.

:       3277       3910

පචරිකා කැකිරිහේනMonday, 14 January 2019 01:54 AM

නැති කරදර රෙද්ද අස්සෙ දාගන්න එක අපේ ඩැඩාගේ දැන් ආවේණික පුරුද්දක්... අනේ අනිච්චං

:       15       260

Samathasena A . Aluthgamage.Monday, 14 January 2019 02:16 AM

ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත. අනිත් එක සුපිරිසිදු බුද්ධ වචනයෙන්ම මේ රට "දහම් දිවයින" බව මේ ලාබාල දැනුමෙන් යුත් ප්‍රාදේශීය ආණ්ඩුකාරයා නොදැනීම හාස්‍යයට කරුණක්. "රජය සම්බුද්ධ ශාසනය ආරක්ෂාකොට පෝෂණය කල යුත්තේය " යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්තියෙන්ම රජය ඒ සඳහා බැදී තියෙනවා. ආණ්ඩුකාරයාගේ මේ ප්‍රකාශය එම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්දැයි සැකයක් මතුවෙනවා. ඔහු කියනා අදහසට අනුව ප්‍රසිද්ධියේ බුදුදහමේ කටයුතු වල නිරතවීම නොකළ යුතුයි. එතකොට අපගේ ආගමික නිදහසට වෙන්නේ කුමක්ද? එසේ නම් සිංහල අප වෙසෙන සෑම තැන්වලම පාහේ කෝවිල්, පල්ලි තියෙන්නේ. බෞද්ධ සිද්ධස්ථානවල හින්දු දේව ප්‍රතිමා තියෙන්නේ... මේ රටේ අපූරුවට තියෙන ආගමික සහජීවනය අවුල් කොට එයින් පටු ආගම්වාදය අවුස්සා දේශපාලන වාසි ලැබීමයි මෙහි ප්‍රධානම අරමුණ වන්නේ... අපට සිතෙනා හැටියට මේවාට දෙමළ ජනතාව රැවටෙන්නේ නැත.

:       4       585

අශ්රොෆ් මවුලානා Monday, 14 January 2019 03:32 AM

ඇත්ත... ඒ වගේම දැන් තැන්තැන්වල ඉදිකරන පන්සලුත් වහාම නැවැත්විය යුතුයි. පල්ලිත් බැහැ. කොවිලුත් බැහැ. පන්සලුත් බැහැ. දැනට තියෙන ඒවා හොඳටම ඇති. ආයේ කොහේ හරි පල්ලියක්, පන්සලක්, කෝවිලක්, මුස්ලිම් පල්ලියක් හැදුවොත් පොලිසියට ඕඩර්ස් දෙන්න එ්ක කඩලා දාන්න කියලා. මේ රටේ ලොකුම ප්‍රශ්නය මේ ආගම් 4යි. මේවා හරි බොරු වැඩනේ...

:       361       305

BamunuarachchiTuesday, 15 January 2019 11:01 AM

ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම මෙරටට අවේ බොහොම මෑත කාලය. සුළුජාතික ආගම මේ සිංහල බෞද්ධ රටේ පැලපදියම් වෙන්න කලින් මෙරට සම්පූර්ණයෙන්ම බෞද්ධ රටක්. එමනිසා රටේ 75% ඉන්න සිංහල බෞද්දයින්ට අමුතුවෙන් මෙහි බුද්දාගම පතුරවන්න දෙයක් නැත. අපි කරන්නේ සුළුජාතික ආගම් නිසා නැතිවී යන සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා සුළුජාතීන්ගේ අවසරය අපිට උවමනා නැත. සිංහලයා මෙරටේ ජාතියයි, අනික් සුළු ජාතීන් ශ්‍රී ලංකාවට ජනවර්ගයක් පමණයි. මේ බව හිතෙතියා ගත්තොත් ඇඟට ගුණයි කියා ඔබලාටම සිතෙනු ඇත. අතිගරු කාදිනල් පියතුමා වරක් කීවා මෙරටේ බුද්දාගම තිබෙන තුරු අනික් ආගම් පවතීවි කියා.

:       77       200

AsanakaFriday, 18 January 2019 10:18 AM

සෞදි කාන්තාවන්ට, "වහලුන්ට" මෙන් සලකන බව සිය පවුලෙන් පළා විත් කැනඩාවේ රැකවරණ ලබන සෞදි තරුණිය පවසයි. 18 හැවිරිදි රහෆ් මොහොමඩ් තායිලන්තයට පැමිණ හෝටල් කාමරයක රැඳී සිටිමින් ට්විටර් පණිවුඩයක් මාර්ගයෙන් උපකාර ඉල්ලා සිටියේ, තමන් එරටින් පිටුවහල් කරනු ලැබීම වළකාලනු පිණිසයි. අපිට සලකන්නේ භාණ්ඩයකට වගේ... හරියට වහල්ලුන්ට වගේ... මගේ කතාව සහ සෞදි කාන්තාවන්ට මොකක්ද වෙන්නේ කියලා මිනිස්සුන්ට කියන්න මට ඕනෑ වුණා. සියපවුල වෙත යළිහරවා ලැබුවහොත් තමන් මරා දමනු ඇතැයි බිය වූ බව රහෆ් මොහොමඩ් කියා සිටියි. තමන්ට වඩාත් ස්වාධීන ජීවිතයක් ගත කළ හැකි බැවින් "අවදානමක් ගැනීම සුදුසු" යැයි හැඟුණු බව ටොරෙන්ටෝ ස්ටාර් සහ සීබීසී පුවත් සේවා වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළාය. "මට නැතිවෙන්න දෙයක් තිබුණේ නැහැ" "අපිට සලකන්නේ භාණ්ඩයකට වගේ. හරියට වහලුන්ට වගේ. මගේ කතාව සහ සෞදි කාන්තාවන්ට මොකක්ද වෙන්නේ කියලා මිනිස්සුන්ට කියන්න මට ඕන වුණා" තායිලන්තයේ රැඳී සිටින අවස්ථාවේ බීබීසී වෙත අදහස් දක්වමින් රහෆ් මොහොමඩ් කියා සිටියේ, තමන් ඉස්ලාම් දහම අත්හළ බවයි. එය සෞදි අරාබිය තුළ මරණ දණ්ඩනය ලබා දිය හැකි අපරාධයක් ලෙස සැලකේ...

:       0       2

premalal Monday, 14 January 2019 04:50 AM

අපි වෙන ආගම් බලහත්කාරයෙන් පතුරවනවට විතරයි විරුද්ධ... බුදුදහම බලෙන් පතුරවනවට එක පයින් කැමතියි. අපිට වැරදුනේ ඔතැනයි.

:       232       94

BamunuarachchiWednesday, 16 January 2019 02:02 PM

මේක අවුරුදු 750ක් පමණ කලින් සම්පූර්ණයෙන්ම බෞද්ධ රටක්. අනික් ආගම් පැමිණියේ පෘතුගීසි කාරයාගේ පැමිණීමත් සමගම... ඔවුනුයි ආගම පැතිරෙව්වේ... බෞද්ධ අපිට බුද්ධාගම පතුරුවන්න දෙයක් නැහැ හලෝ. දැන් අපිට ඕනේ එය රැකගන්න. එය රැකගැනීමේදී කාටකාටත් රිදෙන්නේ පුළුවනි. කරන්න දෙයක් නැහැ එහෙම වුනොත්...

:       40       201

BamunuarachchiThursday, 17 January 2019 04:08 PM

අපේ හාමුදුරුවනේ මෙතන ලියන සමහර සිංහලයන් හිතාගෙන ඉන්නේ සිංහල බෞද්දයා දෙමලුන්ගේ රටකට ආවා කියලා. එහෙම එවුන් අම්ම අඳුනන වාද කියා ප්‍රශ්නයක්. විජයන් කියන කල්ලතොනියා ආවේ රෙදි වියාගෙන අඳින ජාතියක් ඉන්න රටකට කියා ලීවාම එය පල කොරන්නේ නැහැ. ඒ තරමට සිංහලයන් පිරිහිලා. රකින්නේ මවුගේ සංහිදියාව.

:       0       65

Namal Sunday, 13 January 2019 07:03 PM

හැමෝම එන්නේ සිංහල ජාතිය, බෞද්ධකම නැතිකරන්න. මේ අපේ හෙළබිම... ඒක කවුරුත් මතක් කරගන්න.

:       292       1113

emerson Sunday, 13 January 2019 07:25 PM

උතුරු නැගෙනහිර සිංහල ජනාවාස සහ හමුදා කදවුරු තිබෙනවානම් කියන්නේ ඇයි. තියනවා කියල දන්නේ නැද්ද ? එහෙම තියෙන ජන සමාජ වලට අවශ්‍ය පෞද්ගලික ආගමික ස්ථාන නෙමෙයි පොදු ආගමික ස්ථාන

:       0       115

අචලා Sunday, 13 January 2019 07:26 PM

ලංකාව බෞද්ධ රටක්. ගැමුණු රජු මේ රට එක්සේසත් කරේ බෞද්ධාගම මුළු ලක්ද්විපයේම ප්‍රචලිත කරන්නයි. මේ මිනිස්සුන්ට බෑ බෞද්ධාගම උතුරෙන් එලවන්න. දෙමළ ජාතිකයන් 13 වැනි සියවසේ ඉන්දියාවෙන් ඇවිත් බලෙන් ලංකාවේ උතුරු පලාත අල්ලගෙන රාජධානි හැදුවට උතුර දෙමළ ජාතිකයන්ගේ වෙන්නේ නෑ. 13 වෙනි සියවසට කලින් උතුර නෙවෙයි, ලංකාවම සිංහල බෞද්ධයන්ගේ. ඔච්චර ලොකු තමිල් නාඩුවක් තියාගෙන මේ පුංචි රටමනේ අල්ලන්න එන්නේ.

:       2       177

Amila Sunday, 13 January 2019 07:32 PM

ඊලගට කියයි සියලුම බෞද්ධ ඉදිකිරීම් අයීන් කරන්නත් කියලා.

:       0       71

Migida Sunday, 13 January 2019 08:02 PM

යාපනෙ විතරක් නොව බුදු දහම මුලු රටෙම ව්‍යාප්ත වෙලා තිබු බව මොහුට අමතකය. බුදුදර්ශනය මුලු මහත් සමාජයක උන්නතියට ඉවහල් වන බව මේ අලුත් ආණ්ඩුකාරයාව දැනුවත් කල යුතුය.

:       0       84

ගල්කටස් Sunday, 13 January 2019 08:43 PM

හිටංගෙ කට්ටිය පත්කරලා වගේ. මම මේ අැහැව්වමයි බලෙන් ⁣බුද්ධාගම පතුරුවන කථාවක් එනඑක මැන්ටල්ලා පත් කරපුවාම ඔහොම තමයි.. මහින්ද මහත්තයාටත් පිස්සු හිටං එක්ක එකතු වෙච්ච එක පිස්සෙක්ට රට කරන්න බැහැනේ...

:       15       111

nihal Sunday, 13 January 2019 09:28 PM

පෞරාණික ශ්‍රී ලාංකික සංස්කෘතියන් අඩංගු නටබුන් නැවත මතුකරගැනීම සංහිඳියාවට බාධාවක්ද, ජාතික අපරාධයක්ද?

:       0       104

ranjith Sunday, 13 January 2019 11:12 PM

ආණ්ඩුකාරවරු බුද්ධාගමට හීන් නුලෙන් වැඩේ දෙනවා නේද

:       0       59

ranjith Sunday, 13 January 2019 11:13 PM

රේජිනොල්ඩ් කුරේ මහත්තය අයින් කරේ මේ නිසාද

:       0       58

ලුම්බිණි Monday, 14 January 2019 12:06 AM

අතීතයේ බෞද්ධ සංස්කෘතික උරුමයන් තිබුණා කියලා බලහත්කාරයෙන් මොනම දෙයක්වත් නොකළ යුතුයි. කරන දෙයක් හැම දෙනාටම පිළිගන්න පුළුවන් විදියට කළ යුතුයි.

:       296       136

jagathMonday, 14 January 2019 07:26 AM

අනේ ඔයාගේ මොලේ... බලහත්කාරයෙන් වෙන්නේ කොහොමද? සිංහලයෝ ඒ තැන්වල පදිංචියට යන්නේ කැමැත්තෙන් නම්... සිංහලයෝ පදිංචි වෙන්නේ දමිල මිනිස්සුන්ගේ පුද්ගලික ඉඩම් වල නෙමෙයි නම් එයාලට තිබෙන ප්‍රශ්නය මොකද්ද? උතුරේ පවතින ශ්‍රී ලංකා රජයට අයිති ඉඩම් යනු දමිල ජනයට අයිති ඉඩම් නොවෙයි... සිංහලයෝ පමණක් නොවෙයි මුස්ලිම් ජනතාවත් එම ප්‍රදේශවල පදිංචි කළ යුතුයි.

:       0       354

dama Monday, 14 January 2019 01:07 AM

එහෙනම් පල ඉන්දියාවටම... මේක සිංහල බෞද්ධ රටක්.. ඊ ළඟට ගහන්නේ, එළවන්නේ ඔය වගේ අදහස් දරන අයයි. මේක සිංහල රටක්...

:       566       685

sunil Monday, 14 January 2019 03:39 AM

මහත්තයෝ වැදගත් විදිහට කතාකරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලම. මේ රට ඉස්සර යක්ෂ, නාග ගෝත්‍රිකයින් පාලනය කරපු රටක්. විජය කියන පල් හොරා තම සගයින් සමග ඇවිත් තමයි මුල්ම සිංහල ජාතිය මේ රටේ බිහිකළේ. ඒ අයගෙත් පළමුවෙනි අම්මා ඉන්දියන් ජාතික ගැහැණු කෙනෙක්... ඒ කාලේ බුද්ධාගම තිබුනේ නැහැ මෙහේ. ගස්, ගල්වලට වැඳපු මිත්‍යා දෘෂ්ටිකයින් තමයි මෙහෙ හිටියේ. සිංහලයා විජය කියන පල් හොරාගෙන් පැවත එන නිසා තමයි තවමත් සිංහලයින් අතර පල් හොරු සිටින්නේ...

:       585       707

RuwanMonday, 14 January 2019 10:52 AM

ඒ ඔබ දන්නා විදිය. ඔය ඉන්දියානු ජාතික මහානාම හිමි සිංහලය ගැන මහාවංසයේ සඳහන් කල විදිය...සත්‍ය ඉතිහාසය නම් යක්ක, නාග විතරක් නෙවෙයි දේව සහ රකුස් ඇතුළුව සිව් හෙළ කුල ගෝත්‍රයන් සිටි ඒකීය හෙළය සිව් හෙළය ලෙසත් පසුව සිහලය ටත් සිහලය පසුව සිංහලයටත් පරිවර්තනය උන බවයි. මේ සිව් හෙළයන් කලේ සුර්ය වන්දනාවයි. සුර්ය වන්දනාව යනු ඉරට වැදීම නොව උදැසන සුර්ය කිරණින් ලැබෙන විටමින් D වැනි ශක්තීන්ගෙන් ශරීරය ආරෝපණය කරගැනිමකි. අදටත් ශ්‍රී ලංකාවේ පමණක් නොව අනෙකුත් රටවලද අලුත උපන් අත දරුවන් උදැසන සුර්ය කිරණට නිරාවරණය කරන්නේ ඒ නිසාවෙනි. අදටත් සිව්හෙලය හෙවත් සිංහලයා යනු ශ්‍රේෂ්ට ජාතියකි. ඒගැන ආඩම්බර වීමට මෙරට වෙසෙන සියලුම දෙනාට නොහැකිය.

:       260       431

NuwanMonday, 14 January 2019 02:38 PM

ගොන් කතා කියන්න එපා මහත්තයෝ! සිංහල මිනිස්සු විජය කියන එකාගෙන් එනවා කියලා පොත්වලට දැම්මේ ඉතිහාසය නොදන්නා ඔහෙලා වගේ අයයි...

:       109       141

කමනි රත්නායක - මොනරාගල Tuesday, 15 January 2019 01:49 AM

සුනිල් මහත්තයෝ ඔබගේ කතාව මම අනුමත කරමි.

:       15       0

M B A Hewage Monday, 14 January 2019 02:02 AM

උතුරු, නැගෙනහිර විතරක් නොවෙයි, මුළු ලංකාවේම අනවශ්‍ය විදියට බුද්ධාගම පැතිරවීම කරන එක සහ අනිත් ආගම වලට හානි කරන එක වහාම නැවැත්විය යුතුයි. ඒ පිළිබද බලතල ජනාධිපතිට නැතුව අගමැතිට දිය යුතුයි.

:       2583       2312

චුට්ටේ - අම්පාරMonday, 14 January 2019 03:44 AM

ඒවා කොහෙද..? අපි බෞද්ධ මහජාතිය. අපි කරන්නේ අපිට ඕනදේ.. බුද්ධාගමට මොනවාහරි කීවොත් මරාගෙන මැරෙනවා.

:       204       165

MrMonday, 14 January 2019 01:05 PM

මරාගෙන මැරෙන්න හඳපානේ...

:       0       0

RasiMonday, 14 January 2019 04:25 AM

අගමැතිට තව නැති ඒවා තියෙනවා. ඒවත් දුන්නා නම් හරි

:       0       113

BamunuarachchFriday, 18 January 2019 02:43 AM

හේවගේ හලෝ... මේ රටේ මුල් ආගම බුද්ධාගම, මුළු රටම සිංහල බෞද්ධ රටක්.. එ්ක ඉස්සෙල්ලා මතක තියාගන්න. අවුරුදු 750කට කලින් මේ රටේ ඔබලාගේ සුළු ජාතික ආගම් මේ රටේ තිබුනේ නැත. ඇත්ත එය නම් අපිට බුද්ධාගම අමුතුවෙන් පතුරුවන්න දෙයක් නැත. බෞද්ධ අපි හින්දු හෝ ක්‍රිස්තියානි භක්තිකයින් බුද්ධාගමට ගන්න කිසිම වුවමනාවක් නැත. අපේ නූගත් බෞද්ධයින් වෙන ආගම්වලට ගියාට අපිට කිසිම ප්‍රශ්නයක් නැත. නමුත් ප්‍රශ්නය එසේ වීමෙන් රටේ තිබෙන බෞද්ධ සංස්කෘතිය නැතිවීයාමයි... හැම හන්දියක් ගානෙම හරක් මස් කඩ ඇතිවීමයි.. අතිගරු කාදිනල් තුමා කීව ඔබලාගේ ආගම්වල පැවැත්ම නැතිවීමයි...

:       0       0

BamunuarachchiFriday, 18 January 2019 02:49 AM

ඔබ සිතාගෙන ඉන්නේ ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් තිබෙන රටට බුද්ධාගම ගෙන ආවා කියාද? නැහැ හලෝ එ්කේ අනික් පැත්ත සිදුවුනේ....

:       0       0

de silva Monday, 14 January 2019 02:09 AM

ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට එක හා සමාන අයිතිවාසිකම් තිබෙන බව ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා. එම නිසා දකුණේ කෝවිල් දේවාල තිබෙනවා වගේ උතුරේත් බුදු පිළිම පන්සල් තිබෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා... ආණ්ඩුකාරයා ඇතුළු සියලුම නිලධාරීන් රටේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කළයුතුය... සමහරු විනෝදෙට, ජනප්‍රිය වෙන්න සහ දේශපාලන බලය ලබාගැනීම වැනි පටු අරමුණු ඉටු කරගන්න ව්‍යවස්ථාව කඩන එක දැන් මෝස්තරයක් කරගෙන, ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මෙවැනි ප්‍රකාශ කරන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් පැමිණවිය යුතුය.

:       110       560

රවින් Monday, 14 January 2019 02:28 AM

ආණ්ඩුකාරවරයා , නියෝජනය කරන්නේ රටේ ජනාධිපති ද? නැතිනම්... ජනාධිපති විසින්ම මෙම ප්‍රකාශය පැහැදිලි කලොත් හොඳ නැද්ද?

:       0       221

karthini rahim Monday, 14 January 2019 02:35 AM

බුද්ධ යනු විෂ්ණුගේ අවතාරයක් බව හින්දූන්ගේ විශ්වාසයයි!

:       317       230

nihalMonday, 14 January 2019 08:27 AM

බුදුන්කල විසු මුගලන් මහා තෙරුන්ට පසුකාලයේ විෂ්ණු දෙවියන්ලෙස කොටසක් පිළිගත් බව ජනප්‍රවාදයේ තියෙනවා.. නමුත් උතුරේ දැන් ඉන්න ආණ්ඩුකාරයාට නම් ප්‍රභාකරන්ගේ අවතාරය වැහීගෙන එන බව නම් පැහැදිලිව පෙනෙනවා.

:       0       71

ලුම්බිණි Monday, 14 January 2019 02:54 AM

මෙතුමාගේ කතාවේ වැදගත්ම කොටස: "ඔබ සත්‍ය වශයෙන්ම බෞද්ධයෙක් නම්, ඔබ කිසිවක් උල්ලංඝනය කරන්නේ නැහැ වගේම කිසිවක් කිරීම නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. සත්‍ය බෞද්ධයකුට කිසිවක් ව්‍යාප්ති කරන්න අවශ්‍ය වන්නේ නැහැ වගේම යම්කිසි ක්‍රියාදාමයක් නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. ප්‍රතික්ෂේප කිරීම හා අත්හැරීම බුදුදහමේ මූලික කරුණුයි."

:       653       507

THESHAN Monday, 14 January 2019 03:01 AM

එහෙනම් දකුණේත් අලුතින් කෝවිල් හදන්න එන්න එපා හොඳේ. නැත්නම් අර රූපේ මතුවුණා, මේ රූපේ මතුවුණා කියලා කෝවිල් හදන්න එයි.

:       0       165

p.d goonawardena Monday, 14 January 2019 03:25 AM

කවුද මෙයාව පත් කලේ ?

:       0       17

ajith Monday, 14 January 2019 03:52 AM

මදැයි කලා. මේ වගේ මිනිස්සුන්ට පත්වීම් දෙන කොට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා. කොහෙද පනින රිලවුන්ට ඉනිමන් තිබ්බනේ.

:       0       25

maaraya Monday, 14 January 2019 04:01 AM

ආණ්ඩුකාරවරු පත්කරන්නේ ආණ්ඩුව. එයාලගේ වැඩ, කෙරුවාව ක්‍රියාවට නංවන්නේ ආණ්ඩුකාරවරයා. එතකොට මෙතන ආණ්ඩුකාරයාගේ ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ ආණ්ඩුවේ ප්‍රශ්නයක්. ආණ්ඩුවේ අභිමතාර්ථ ඉටුකරන්න දාපු කෙනෙක් නේ, ආණ්ඩුවයි මේකට වැරදි.

:       0       0

Jeenuka Monday, 14 January 2019 04:29 AM

"සහජීවනය රෙද්ද පල්ලෙන් බේරීම"... එහෙත් එම ප්‍රදේශවල සිංහල ජනාවාස තිබෙනවා නම්, දීර්ඝකාලයක් මුළුල්ලේ හමුදා කඳවුරු තිබෙනවා නම් ඒවායේ සිටින සෙබළුන්ට ඔවුන්ගේ ආගමික වතාවත්වල යෙදීමට පෞද්ගලික ස්ථාන තිබිය යුතුයි...

:       29       55

ranjith Monday, 14 January 2019 04:31 AM

මහලොකුවට බුද්ධාගම ඔලුව උඩ තියන් ඡන්ද කරන අපේ නායකයෝ අග්‍රාණ්ඩුකාරයින් පත්කරලා බුද්ධාගම නැති කරන්නයි හදන්නේ...

:       0       7

කිං දාවිත් Monday, 14 January 2019 04:53 AM

ඔය රාගවන් කියන මිනිහාව අයින් කරලා දැම්මනං ජාතිවාදි ත්‍රස්තවාදියෙක් ඉවරයි.

:       39       94

BamunuarachchiWednesday, 16 January 2019 12:57 AM

අයින් කරන්නේ කොහොමද?

:       0       0

BamunuarachchiThursday, 17 January 2019 02:27 AM

අයින් කරන්න වෙන්නේ ජාතිවාදී කෝලාහලයක් ඇතිවූනාම. පටන් ගන්න කොටම මිනිහා පැදුරටත් නොකියා ඉන්දියාවට යාවි.

:       0       0

සේන Monday, 14 January 2019 05:29 AM

පළමුව හැම අඳබාලයෙක්ම ලංකාවේ ඉතිහාසය දැනගතයුතුයි. සිංහල බෞද්ධ රටක ⁣ඉතා නිදහසෙන් වෙසෙන හැම මානවයෙක්ම සිංහල, බෞද්ධ සිරසට පහරන්නට වෙරදරන එක නතරකළ යුතුයි. මෙවැනි ප්‍රකාශවලට වගකිව යුත්තේ එම අඳබාලයින් එතැනට ඔසවා තැබූවන්මය.

:       74       142

vipula Monday, 14 January 2019 05:50 AM

බෙදුණු සිංහලයින්ට නියම කනේ පාර. දැන් වත් රට ජාතිය නැතිකරන ප‍ර දේශපාලකයන් පස්සේ යන එක නවත්වන්න...

:       52       133

Suren Monday, 14 January 2019 06:33 AM

ලක්ෂ 62 ප්‍රාර්ථනය මේ රටේ බෞද්ධ සංස්කෘතිය නැති කරන එකනෙ. ලක්ෂ 62 ඔබට සතුටුයි නේද දැන්.

:       67       36

pohottuwa Monday, 14 January 2019 08:04 AM

මෙයා ජාති, ආගම් ආලයෙන් මොරදෙන මරාගේ සහ හිටන් ගේ ගෝලයෙක් නේ? හිටන් ගේ ඡන්ද ටික මෙන්න නැති කරනවා ..!!!!

:       8       3

Nimal Monday, 14 January 2019 08:06 AM

අපි දැනගන්න කැමතියි ජනාදිපතිතුමාගේ ස්ථාවරය. ඔහු තම මතය රටට ප්‍රකාශ කල යුතුයි. ඉදිරි කාලයේදී හමුදා කඳවුරු ඉවත් කරන්නත් කියන්න පුළුවන්...

:       0       22

මල්ලී Monday, 14 January 2019 08:56 AM

උතුරු-නැගෙනහිර වෙන කතෝලිකකරණය කවුරුවත් කතා කරන්නේ නැහැ. එහෙ 1981දී තිබුණු කතෝලික පල්ලි ගානයි දැන් 2019 දී තියෙන කතෝලික පල්ලි ගානයි බැලුවොත් වෙනස පෙන්නයි. ඇත්තටම හින්දු ජනතාව ටික ටික කතෝලික වීගෙන එනවා.

:       0       61

NuwanMonday, 14 January 2019 02:40 PM

ඔව් අර රායප්පු ජෝසප් කියන පූජකයා කොටින්ව ආමන්ත්‍රණය කලේ අපේ ළමයි කියලා. ඇත්තටම බැලුවොත් කොටි සංවිධානය පිටුපස කතෝලික පල්ලිය තිබුණා. පිට රටවල් කොටින්ට උදව් කලේ ඔය හේතුව නිසා තමා.

:       0       27

nihal Monday, 14 January 2019 08:06 PM

රටේ සාමයට කැමැත්තක් නැති ...උපන් රටට ආදරයක් නැති ...අයෙක්...

:       0       0

ajith Tuesday, 15 January 2019 03:18 AM

ආණ්ඩුකාරවරු නියෝජනය කරන්නේ ආණ්ඩුව විතරක් නොවෙයි. එම පිරිස කෙලින්ම වග කියන්න ඕනේ ගරු ජනාධිපතිතුමාටයි. ජනාධිපතිතුමා විසින් මෙම පත්වීම් දෙන්නේ එතුමාට විශ්වාස පිරිසටයි. ආණ්ඩුකාරවරු පළාතේ නියෝජනය කරන්නේ ජනාධිපතිතුමාවයි.

:       0       0

Bamunuarachchi Tuesday, 15 January 2019 11:16 AM

මේ ආණ්ඩුකාරයා ළඟම එන ව්‍යවස්ථා පෙරහරේ කසකාරයාය. කසේ ශබ්දෙන් ව්‍යවස්ථාවේ තිබෙනදේ, කොළ පාට රතුපාට පමණක් පෙනෙන වර්‍ණඅන්ධයින්ට වඩා, අපිට පෙනේ.

:       0       0

Samantha Wednesday, 16 January 2019 11:14 AM

එක ගෝතයෙක් යනකොට තවකෙක් පටන් අරගෙන වගේ කොරේ පිටට මරේ...

:       0       0

Bamunuarachchi Wednesday, 16 January 2019 02:06 PM

අපිට මොන සංස්කෘතියක්ද හලෝ රනිල් ඉන්නවා නම්... එයාට සංස්කෘතිවලින් වැඩක් නැහැ. ආජිතපර ලායිලා... බීජි තපර ලායිලා...

:       0       0

karuna Thursday, 17 January 2019 02:37 PM

2500 කල් ලංකාවේ තිබුනේ එකම රාජ්ජයයි.එය බොදු රජයක්.විටින් විට ආක්‍රමනිකයින් පැමිණ සිටියත් හැමවිටම ගහල එලවුව.එකයි සත්‍ය ඉතිහාසය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 80 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 224 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 414 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 635 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 531 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1162 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39465 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site