IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුරේ ජල ගැටලුවට කඩිනම් විසඳුම් දිය යුතු බව ජනපති කියයි

උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලූවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ උතුරු පළාත සඳහා යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රිත ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් අද (12) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.
 
කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වූ එම ප්‍රදේශවල ජනතාවට තම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස සම්පාදනය කළහොත් උතුරේ සෙසු සංවර්ධන ගැටලූවලට ද ඒ සමගම විසඳූම් හිමිවන බවයි.
 
මේ අතර රත්නපුර, කෑගල්ල, කලූතර ප්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුණේ මහ මුහුදට ගලා බසින ජල කඳ නළ මගින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරින්ට පෙන්වා දුන්නේ ය.
 
පාරිසරික විනාශයකින් තොරව ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය මගින් කඩිනම් සහ සාර්ථක ප්‍රතිඵල උතුරේ ජනතාවට හිමිවනු ඇති බව ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
 
උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ක්‍රියාත්මක සෙසු ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි. 
 
යෝජිත උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය, නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 2020 දී ක්‍රියාත්මක කිරීමට යෝජිත , යාපනයට ගඟක්, ව්‍යාපෘතිය පිළිබඳව මෙන්ම උතුරු හා උතුරු මැද පළාත ආශ්‍රිතව ජයිකා ආධාර යටතේ සිදුකෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය. 
 
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

(28535)



අදහස් (2)

උතුරේ ජල ගැටලුවට කඩිනම් විසඳුම් දිය යුතු බව ජනපති කියයි

දිලුම් Wednesday, 13 February 2019 03:38 AM

ඔය පැත්තේ ධීවර ගමක් තියනවා කෝකිලායි කියල ඒක අන්ත දුප්පත්. මේකේ ඉන්නේ සිංහල මිනිස්සු නිසා දෙමළ මන්ත්‍රීල මේකට කිසිම සංවර්ධන පහසුකමක් දෙන්නේ නෑ. ගමට මීටර් කිහිපයක් ලගට පාර හදල නවත්තලා. ගෙවල්වල ටකරම් හුලගෙ යනවා. සජිත් ගිහින් මේ ලගදී මේ ගමට මීටර් ගානක් ඈතින් තියන වෙන ගමකට ගෙවල් දීල මේකේ මිනිස්සුන්ට එක ගෙයක් දීල නෑ. මේ රජයේ අරමුණ සුළුජාතික ජන්ද නිසා මේ ඇමතිලත් මේ ගම සහ මිනිසුන්ට කුඩම්මගෙ සැලකිලි කරනවා. ජලය නෑ බොන්න දවස් දෙකට ද තුනකටද සැරයක් බවුසරයක් ඇවිත් ගෙදරකට ලීටර් කිහිපයක් දීල යනවා මිනිස්සු සල්ලිවලට වතුර ගන්නේ. මේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් කථා කරන්න කෙනෙක් නෑ. ප්‍රාෙද්ශිය ලේකම් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගියත් කල්ලතෝනි කියල මේ මිනිස්සු එලව ගන්නවා. මෙන්න මේකයි උතුරේ ඉන්න සිංහල මිනිස්සුන්ට දෙමලුන්ගේ සංහිදියාව අපේ උනුත් උන්ටම කරනවා. අහිංසක මිනිස්සු නොමැරී මැරෙනවා. ජනධිපතිතුමා වතුර දෙනවනම් අඩුතරමේ මේ ගමට වතුර ටිකක් දෙන්න පුළුවන්ද බලන්න.

:       0       4

Samathasena A . Aluthgamage. Wednesday, 13 February 2019 05:26 AM

උතුරේ ජල ගැටලුවට විසදුම් දීම වැදගත් දෙයක්. ඒත්,දකුණේ දෙනියාය - මොරවක හා අවට ප්‍රදේශ වල ජනතාව පරිභෝජනය කරන්නේ අපිරිසිඳු වතුරයි.බොහෝ විට එන ජලය පිරිසිඳු නැත.වතුර පෙරනවල මඩ තැන්පත්වී තිබෙන අයුරු දැකීමට පුළුවන්.තත්වය මෙසේ වුවත්,අදාළ ප්‍රාදේශීය සභාව අපිරිසිඳු ජලය විකුණා හොඳට මුදල් ගරනා බව නොකියා නොහැක්කේය.මේ පිළිබඳව ඉක්මන් පියවරක් ගෙන ජලය බෙදීම ජලසම්පාදන මණ්ඩලය යටතට පත්කොට ප්‍රදේශවාසීන්හට සහනය සැලසිය යුතුය.මුදල් කෑදරකම නිසා මෙම ජල ව්‍යාපෘතිය ප්‍රාදේශීය සභාව විසින් ජල මණ්ඩලයට ලබා දීමට අකමැති බව වැසියෝ කියති.තම ජල ගැටලුව ඉක්මනින්ම විසඳා දෙන මෙන් ඔවුහු රජයෙන් ආයාචනය කොට සිටිති.

:       0       157

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site