(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ පාසල් සඳහා නව විදුහල්පතිවරුන් අනුයුක්ත කිරීමේදි දේශපාලන මැදිහත්වීම් හේතු කරගෙන පාසල් තුළ පරිපාලන ගැටලු රැසක් පැන නැගී ඇතැයි ගුරු සංගම් නියෝජිතවරු චෝදනා කරති.
පසුගිය 2019 වර්ෂයේ විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා පැවති තරග විභාගයෙන් සමත්වූ ගුරුවරුන් විදුහල්පතිවරුන් ලෙස උතුරු මැද පළාතේ පාසල් සඳහා පසුගිය සතියේ අනුයුක්ත කිරීම අවධිමත් ආකාරයට සිදුකිරීම හේතුවෙන් පාසල් තුළ ගැටලු තවදුරටත් උග්‍රවී ඇති බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ලංකා ගුරු සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අසේල විජේසිංහ මහතා මෙසේ පැවසීය.
“පළාතේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු තිබියදි එම පුරප්පාඩු සම්පුර්ණ නොකර විදුහල්පති පුරප්පාඩු නොමැති මෙන්ම විදුහල්පතිවරුන් අතිරික්තව සිටින බොහෝ පාසල්වලට විදුහල්පතිවරුන් ස්ථාන ගත කර තිබෙනවා.

අනුරාධපුර විජයපුර, ධම්මතිලක විදුහලේ දරුවෝ ඉන්නේ 65 දෙනෙක්. එම විදුහලේ විදුහල්පතිවරයෙක් ඉන්නවා. තවත් විදුහල්පතිවරයෙක් අනුයුක්තව සිටිනවා. එසේ තිබියදි අලුතෙන් විදුහල්පතිවරයෙක් පත් කර තිබෙනවා.
ළමුන් 400ක් ඉගෙන ගන්න අනුරාධපුර කැදෑකල්ලංචිය, තන්තිරිමලේ, බිල්ලෑව විදුහල්වලට නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්වත් නැහැ. නවක විදුහල්පතිවරයෙක්වත් පත්කළේ නැහැ. නොච්චියාගම කුකුල්කටුව විද්‍යාලයේ උග්‍ර ගුරු හිඟයක් තිබෙනවා. එම විදුහලේ දෙවන ශ්‍රේණිය භාර ගුරුවරිය එම වගකීමත් දරමින් විදුහල්පති ධුරයේත් රාජකාරි ආවරණය කරනවා. එහෙත් එම පාසලටත් විදුහල්පතිවරයෙකු පත්කරලා නැහැ. මේ ආකාරයට බොහෝ පාසල්වලට ශ්‍රේණිධාරි විදුහල්පතිවරු නැහැ.
අනුරාධපුර රඹෑව විදුහලේ විදුහල්පතිවරුන්ගේ අතිරික්තයක් තිබෙනවා. එහෙත් එම පාසලට ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් හතරදෙනෙකුම පත් කරලා.
කලත්තෑව, ජනාධිපති විද්‍යාලය, පොතානේගම, තම්මැන්නාපුර, වන්නිමඩුව වැනි පාසල්වල විදුහල්පතිවරුන්ගේ අතිරික්තයක් තිබියදි ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් පත්කර තිබෙනවා. මේ උදාහරණ කිහිපයක් පමණයි. තවත් පාසල් රැසක මේ නව විදුහල්පතිවරු ස්ථානගතකිරීමේදි ගැටළු රැසක් පැන නැගී තිබෙනවා.
මේ හේතුව නිසාම දැන් පාසල් තුළ පරිපාලනමය ගැටළු රැසක් ඉස්මතු වෙලා. එකම පාසලේ විදුහල්පතිවරු දෙන්නා තුන් දෙනා පත්කරලා. ඔවුන් අතර මතගැටුම්. උතුරු මැද පළාතේ උග්‍ර ගුරු හිඟයක්. විදුහල්පතිවරුන් නිසි පරිදි පත් කළා නම් ගුරු හිඟය යම් තරමකට හෝ අවමකර ගන්න තිබුණා. මෙම නවක විදුහල්පතිවරු ස්ථාන ගතකිරීමේදි දේශපාලනඥයන් ඊට අත පෙවීම මෙම තත්වයට හේතුවී ඇති බවද අසේල විජේසිංහ මහතා මෙහිදී පැවසීය.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර අධ්‍යාපන කලාප අධ්‍යක්ෂිකා මහේෂා හෙට්ටිආරච්චි මහත්මියගෙන් කළ විමසුමේදී ඇය මෙසේ පැවසුවාය.
“ගුරු සංගම් නියෝජියන්ගේ චෝදනාවේ සත්‍යතාවයක් තිබෙනවා. විදුහල්පතිවරුන් ස්ථාන ගතකිරීමේ ගැටළුවක් තිබෙනවා. සමහර කුඩා පාසල් වලටත් විදුහල්පතිවරු දෙතුන්දෙනා අනුයුක්ත කර තිබෙනවා. අපේ කලාපයේ ගුරුවරුන් 29 දෙනෙකු විදුහල්පතිවරුන් ලෙස සුදුසුකම් ලබා තිබෙනවා. අපි ඔවුන්ව පත්කිරීමට, විදුහල්පතිවරු නොමැති පාසල් සම්බන්ධයෙන් ලේඛනයක් පළාත් කාර්යාලයට යවා තිබුණා. එහෙත් එම ලේඛනය අනුව ඔවුන් එම පාසල්වලට ස්ථාන ගත කර තිබුණේ නැහැ” යැයිද ඇය සඳහන් කළාය.
COMMENTS
වෙන රටවල දේශපාලකයින් කරන්නේ තමුන්ට අයිති රාජකාරිය විතරයි. ඒකටත් එක්ක... අපේ රටේ දේශපාලුවන්. ඇඟිලි නොගහන තැනක් නැහැ. හැම ආයතනයක්ම දේශපාලනෘකරණය වෙලා. රටට හෙනයක් වෙන එක පුදුමයක් නෙවෙයි.
ඔන්න දැන් නිසිකාලය ඇවිත්... ඔය කියන දේශපාලුවන් හා ඔවුන්ට බැල මෙහෙවර කම් කරන කාලකන්නින්ව එළවා දැමියහැකි හොඳම අවස්ථාව තමයි ඉදිරියට එන්නේ.. එ්ක කතිරයෙන් එළවා දමන්න. තම ඡන්දය හොඳින් හිතාමතා පමණක් භාවිතා කරන්න.
දකින්නට පෙරම මිලින වූ 69 ලක්ෂයේ සිහිනය...
මේවාට ගුරුවරුත් වගකිව යුතුයි. මුට්ටි අල්ලලා තමන්ගේ මනාපයට මාරුවීම හදාගන්න හදනවා. දේශපාලකයින්ගේ අසූචිවලට ගුරුවරුත් අැද වැටීගෙන එනවා. එහෙන් අර ජවිපෙ ස්ටාලින් කියන කෙනා එක්ක පාසල් පද්ධතිය විනාශ කරනවා. මෙහෙන් තව සෙට් එකක් දේශපාලකයින්ට ගොට්ට අල්ලලා පරිපාලනය විනාශ කරනවා. මොවුන්ගේ ආත්මාර්ථකාමීකම හින්දා විනාශ වෙන්නේ රට... දෙගොල්ලන්ටම බැරිනම් අස්වෙලා පලයල්ලා...
තිරිසන් දේශපාලුවන් තමන්ට කිසිඳු අදාලකමක් නොමැති වැඩවලට අතපය දාන නමුත් දේශපාලඥයින් කිසිවිට, කිසිදින එසේ නොකරන බව නොරහසකි. මෙය නියම නිර්ණායකි. දේශපාලුවා සහ දේශපාලඥයින් පැහැදිලිව හඳුනා ගැනීමට... අප රටේ පුරවැසියන් වැඩිදෙනෙකු දියවන්නා ඔයේ ඉන්නා "පිං බතාලට" අම්බරුවන් කියන්නේ මේ නිසායි...
අනුරාධපුරයෙන් මේ පාර පොහොටටුවෙන් මන්ත්‍රීවරු 6 ක් තේරෙනවා. එක් මහාචාර්ය තුමෙකුටයි, තව එක්කෙනෙක්ටයි විතරයි සාමාන්‍ය පෙළ තියෙන්නේ.
අනුරාධපුරේ ඉන්න ප්‍රධාන දේශපාලකයෝ කිපදෙනාම නිසි අධ්‍යාපනයක් නොමැති අය. විශේෂයෙන්ම දුමින්ද දිසානායක සහ චන්ද්‍රසේන. ඒ වගේ අය තමයි මේ වගේ ඔල මොට්ටල වැඩ කරන්නේ.
ලංකාවේ දේශපාලුවන් ඇඟිලි ගහන්නේ නැත්තේ කොහෙද ? පක්ෂ බේදයකින් තොරව මුළු රටම විනාශ කරන්නේ ඕකුන්. කාටවත් දෙන්න එපා ඡන්දේ.
මේවා කවදත් මේ ලංකාවේ සිදුවන දේවල්නේ. දේශපාලන මැදිහත්වීම් නැතිව ස්ථාන මාරු කිරීම්, පත්වීම් සිදුකළා නම් අන්න ඒක විශේෂයි. විදුහල්පති පත්කිරීම් විතරක් නොවෙයි, ගුරු පත් කිරීම්වලත් තත්ත්වය ඕක තමා.