(ලහිරු හර්ෂණ)
බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු ළඟ තබාගැනීමට අදාළ චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමි කොළඹ මහාධිකරණයෙන් නිදොස්කර නිදහස් කර තිබේ.
මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී ඊයේ(18) වන දා රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නවහැවිරිදි දරුවා ද අද(19)වන දා කරාපිටිය ශික්ෂණ රෝහ
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 10ක සිසු සිසුවියන් 3266ක් සඳහා පාසල් පාවහන්, පොත් පත් ලබාදීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිනී චන්ද්
හෙරොයින් ළඟ තබාගෙන සිටි පාසල් සිසුවියක් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදි අද(19)සවස අත් අඩංගුවට ග
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැ
මේ දිනවල කොලඹ සහ තදාසන්න ප්‍රදේශවල තැබිලි ගෙඩියක මිල රුපියල් 300 ඉක්මවා ඇතැයි පාරිභෝගිකයන් පවසති.
2023 වසරේ කල්දැමූ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කළ පුද්ගලයන්ට එම ඇප මුදල් ගෙවන බවත් ඒ සදඟා අවශ්‍ය ලියකියවලි මේ මස 28 වැනිදාට පෙර අදාල දිස්ත්‍රික් මැත
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
උඩුවේ ධම්මාලෝක හිමි නිදොස්කොට නිදහස්
රවින් Friday, 01 March 2019 10:04 AM
නන්දා මාලනීගේ " කුමට මෙරට අධිකරණය ....... " කියන ගීතය මතක් උනා. මේ දේ වන විත්තිය අපි හැමෝම දන්නවා.
sena Friday, 01 March 2019 10:04 AM
හරිම සාදාරණයි - මිනිස්සු පන්සල ලග අලිපැටව් දාලායන එකට හාමුදුරුවෝ පලිද?
Bamunuarachchi Friday, 01 March 2019 10:09 AM
අපේ හාමුදුරුවනේ අලි පැටියාට මොකද වුනේ?
liyanageFriday, 01 March 2019 11:59 AM
බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු ළඟ තබාගැනීමට අදාළ චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමි කොළඹ මහාධිකරණයෙන් නිදොස්කර නිදහස් කර තිබේ. අවවාදයක් හෝ නොකර නිදහස ලැබීතිබෙන බව ධම්මාලෝක හිමියන්ගේ සිනහවෙන්ම පෙනීයනවා. නීතිය කුමන හෝ බලයකින් පොඩි ප්‍රමාණයකට හෝ නැවීඇතිද කියා සැකයක් මහජනතාවට තිබේ. කිසිවකු හිරේ යනවාට අප අකමැතිය. නමුත් වැරදිකරුවන් හිරේ නොගොස් ගෙදර යාම පිළිබඳ කණගාටුවක් ද ඇත...
BamunuarachchiFriday, 01 March 2019 01:26 PM
ඔබ මේ සම්බන්ධව දන්නේ පත්තරවල ලියවෙන ප්‍රවෘතීන්ය. එතැනින් එහාට කිසිවක් ඔබට දැනගන්නට බැරිය. උසාවියේදී පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ ඔවුන් දන්නා සාධක සියල්ල ඉදිරිපත් කරමිනි. විත්තියද පැමිණිල්ල සාධාරන සැකයෙන් තොරව ඉදිරිපත් කර නැතිබව හෝ පැමිණිල්ල බොරු එකක් බව තර්ක විතර්ක කර විනිසුරුවන්ට පෙන්වා දීමෙන් පසු විනිසුරු ගත් තීරණය තමා නිදොස්කොට නිදහස් කිරීම... පැමිණිල්ලත් එම තීන්දුව බාරගෙන තිබියදී ඔබ මේ කියන්නේ මොනවද?
BamunuarachchiFriday, 01 March 2019 02:07 PM
අපේ හාමුදුරුවෝ නිදොස්කොට නිදහස් වුණානම් අලි පැටියා පන්සලට අයිති විය යුතුය. ඒ නිසයි මම අලි පැටියා ගැන විපරම් කලේ.
රාජුන්Saturday, 02 March 2019 07:32 PM
හරියට හරි. අලි පැටිය කෝ?
prabha Friday, 01 March 2019 10:15 AM
ඒ කියන්නේ ලංකාවේ අලිත් අමතකවෙලා පන්සලේ දාලා යනවා කියලා උසාවිය පිළිගත්තා කියන එකනේ...
KumaraFriday, 01 March 2019 01:14 PM
ලංකාවේ අලි විතරක් නෙමෙයි... මැණික් මලුත් දාලා ගිහින්.. ඒවා ගන්න මුදලාලිලා එවලා සල්ලි ගෙනත් දාලා යනවා... ඒවත් ළඟදීම පිළිගනියි..
සමන්ත බද්දගේ Friday, 01 March 2019 10:20 AM
නාට්‍යයක් රඟ දක්වූවාවත්ද?
සුරංග Friday, 01 March 2019 10:21 AM
ඇත්ත තමා, අපේ ගෙදරටත් ඊයෙ රෑ කවුරු හරි අලි පැටියෙක් ගෙනත් දාලා ගිහින් තිබ්බා. බයේ හිටියේ ඒ නිසා හිරේ යන්න වේවි කියලා... දැන් නම් බයක් නෑ... අලියව විකුණනවා. ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න...
kamal Friday, 01 March 2019 10:37 AM
දැන් ඉතින් හැමෝටම අලි පැටව් අමතක වෙලා යයි පන්සල් වල.
atthanayake Friday, 01 March 2019 10:59 AM
ඔක්කෝටම හොඳයි හාමුදුරුවන්ට කෙලවලා දැම්මා නම්... අනේ උඹලා බුද්ධාගමේද? අලි පැටවාට කන්න බොන්න දීලා හදාගත්ත එක වැරදිද? ඔයාලා ඉන්නකම් මේ රට ගොඩගන්න බැහැ. මහේස්ත්‍රාත්තුමා කරුණු සලකලා බලලා හොඳ තීන්දුවක් දුන්නා.. විනිසුරුතුමනි, අපි ඔබට සුබපතනවා.
KamalFriday, 01 March 2019 12:43 PM
ඔයාගේ බුද්ධාගම මොකද්ද කියන්න මම දන්නේ නැහැ. මම දන්නා බුද්ධාගම නම් අැතින්නව මරලා පැටියව හොරකම් කරන එක අනුමත කරන්නේ නැහැ..
රංගFriday, 01 March 2019 12:58 PM
ඇත්තට...? අලි අම්මව මරලා..පැටියව ගෙනැල්ලා තියෙන්නේ... පැටියද කිව්වේ.. නැත්තන් බලන් හිටියාද..? එහෙනම් ඔක්කෝටම ඉස්සෙල්ලා.. අපරාධයක් වෙන එක දැනුම් නොදුන්නට...
ලසන්තFriday, 01 March 2019 02:13 PM
මරපු කතාව පැත්තකට දාමු. අලි පැටියෙක්ව අමතක වෙලා දාලා ගිහිල්ලා වගේ මුසාවක් පැවසීම සුදුසුද?
BamunuarachchiFriday, 01 March 2019 03:30 PM
ඒවා සලකල බලලා තමයි නිදොස්කොට නිදහස් කලේ... කවිකොළ කාරයින්ට ඕවා තේරෙන්නේ නැත....
HarshanaSaturday, 02 March 2019 03:15 PM
කමල් ඔයා හරි මෝඩයෙක් නේද? අත්තනායක මහත්තය කොහෙවත් කියල නැහැ නේද අලියෙක්ව මරපු කතාවක්.
Chanak Los angelesSunday, 03 March 2019 05:52 AM
ඔව් දැන් ඕන හොරෙකුට අයිතියක් තිබෙනවා මෙම නඩු වාර්තාව පෙන්වලා නඩුවලින් නිදහස් වෙන්න
LahiruFriday, 01 March 2019 12:48 PM
අත්තනායක කලබල වෙන්න එපා. මේකේ අදහස් දාලා තියෙන ගොඩක් කට්ටිය සිරිකොතේ ඉඳුල් කන ලක්ෂ 62 බත් බැලයන්ගෙන් කීප දෙනෙක් විතරයි. සිංහල නම් වලින් ඉන්න වෙන වෙන ජාතියක අය වෙන්නත් පුළුවන්. අද වෙද්දී සිංහල බෞද්ධ පදනමට පහර ගහන එක සමහරුන්ගේ රස්සාව. තමන්ගේ ආගම විකුණන් කන, තමන්ගේ ජාතිය විකුණන් කන, බඩ වෙනුවෙන් ඕනෑම අලුගුත්තේරු වැඩක් කරන්න පෙලබෙන, ආගමක්, ජාතියක්, ජාතකයක් නැති හරියට ලක්ෂ 62 කේ ඉන්න සමහරු වගේ කට්ටිය කියන දේවල් වලට උත්තර දෙන්න යන්න ඕනේ නැහැ. කොහොමත් ලක්ෂ 62 පැතුවේ සමනල් වසන්තයක්නේ. එහෙව් කට්ටියට බෞද්ධයන්ගේ පූජනිය වන්දනයට ඉන්න හාමුදුරුවන්ට ගරහලා පහර ගහන එක සුළු දෙයක්....
maiyaFriday, 01 March 2019 02:01 PM
සිරිකොතේ ඉඳුල්නේ...
Amila Friday, 01 March 2019 12:17 PM
හරි හමන් සාක්ෂි සහ ඔප්පුකරගත නොහැකි කරුණු එක්ක දේශපාලන වාසියට ගෙනාපු තවත් එක සිද්ධියක් ජොන්සන්ගේ සිද්ධිය වගේම. ඉතින් මේ වගේ අවසන් ප්‍රතිඵල ලැබීම අරුමයක් නෙවේ. මෙහි සම්පූර්ණ වරද නඩුව ගොනුකරපු අයගේ මිසක් ගරු උසාවියේ නොවෙයි.
sirimal Friday, 01 March 2019 12:21 PM
2011 අගෝස්තු මාසයේ 22 දා රාත්‍රියේ තලවතුගොඩදී ලොරියක බලපත්‍ර නොමැතිව අලිපැටියෙකු ප්‍රවාහනය කරනු දුටු විස්තරයක් ලියා තිබුණා. ඔහු ඇසින් දුටුදේ ලෙසට සඳහන් කර ඇත්තේ එම අලිපැටවා පන්නිපිටියේ පන්සලකින් මේ නඩුවට සම්බන්ධ පන්සලට ගෙන යන බව ලොරියේ රියදුරු ප්‍රකාශ කල බවයි. එහිදී වනජීවී නිලධාරින් සහ පොලිසිය මැදිහත්වී එම අලිපැටවා පන්සලට ගෙනයාමට ඉඩදුන් බවත් එහිදී ඔහුට සහ ඔහුගේ හිතමිතුරන්හට බලවත් තර්ජනවලට මුහුණදීමට සිදුවූ බවත් එම ලිපියෙහි දක්වා තිබෙනවා. ඒ කාලයේ බලපත්‍ර නොමැතිව අලිපැටව් ළඟ තබාගත් බොහෝ දෙනෙක් පිළිබඳව කතාබහ පැතිරුණු නමුත් මේ සියලුම දෙනා වගේ දේශපාලන බලවතුන් නිසා එම කතා බහ වැඩිදුර ප්‍රචලිත වුනේ නැති බවත් අපි දන්නවා...
de silva berlin Friday, 01 March 2019 12:52 PM
ඔය සිදුවීම වූ කාලේ අපේ යුද්ධය දිනපු අපේ මහින්ද මහත්මයා අපට රජෙක් වගේ... එතුමා සහ පවුලේ පුද්ගලයිනුත් හැසිරුනේ රජපවුලක් විදිහට, දුටුගැමුණුට ඇඳපු පුද්ගලයිනුත්.., මහරජාණෙනි, කියලා එතුමාට ප්‍රශස්ති ගීත කියපු කේවට්ටයෝත් ඒකාලේ හිටියා, ඉස්සර රජකාලේත් පන්සල්වල අලි හිටියා.., බුදුන්ට ඇප උපස්ථාන කරපු නාලාගිරි කියන ඇතෙකුත් හිටියා එහෙම සත්තු හිටිය කියලා රිමාන්ඩ් කරලා නඩු දැම්මේ නැහැනේ? අධිකරණය මේ තීන්දුව දීලා තිබෙන්නේ කරුණු කාරණා සාධාරණව හිතල බලලා, හිරේ දමන්න ඕනේ අපේ සංස්කෘතියට ගරුකරන හාමුදුරුවෝ නොවේ.. තීරුබදු රහිතව ලැබෙන ප්‍රාඩෝ එකේ සැපට ගමන් ගිහිල්ලා.. පාර්ලිමේන්තුවේ නිකන්ම වගේ ලැබෙන තරුපහේ කෑම ටික කාලා, කොහෙන් හරි ලැබෙන කොමිස් එකක් සාක්කුවේ දමාගෙන හවසට යාලුවෙක්ගෙන් නිකන් ලැබෙන කොකේන් ටිකක් ගහලා නිකන් ඉන්න බැරි රන්ජන් සහ උසාවි ගොස් දිනපතා මොකක් හරි බොරු ටිකක් කියලා දිනකට කිසිම වියදමක් නොකර ලැබෙන සල්ලි ටික මල්ලේ දමාගෙන ඉන්නේ නැතුව, උසාවියට සහ එහි ඉන්න උගත් පෙරකදෝරු මහත්වරුන්ට බොරු චෝදනා කරන පුද්ගලයන්ව නොවේ.
BamunuarachchiFriday, 01 March 2019 02:04 PM
අලියා බෞද්ධාගමත් සමග විශේෂ බැඳියාවක් තිබෙනවා. පුරාතනයේ සිටම පන්සල හා අලියා අතර තිබෙන සම්බන්ධය ඊයේ පෙරේදා කරලියට ආවා. බලය යටකරන්න බැහැ. රටක නීති හැදෙන්නේ ඒ රටේ මිනිසුන්ගේ සංස්කෘතිය සිරිත් විරිත් සලකලා. එමනිසා ඔය අලි නීති ගෙනෙනවිට පන්සල් හා අලි අතර සම්බන්ධය සලකා බලා නීති හදන්න තිබුණා. අපි මුල සිටම වරද්දාගත්ත ජාතියක්. අවුරුදු 2500 බෞද්ධ සංස්කෘතියට තිබුන රටකට රෝම ලන්දේසි නීති ඇතුල් කර ගත්තා.
NuwanSaturday, 02 March 2019 07:04 AM
ලංකාවේ තියෙන්නේ රෝම ලන්දේසි නීතිය. වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද
BamunuarachchiSaturday, 02 March 2019 02:57 PM
නුවන් මොනවද කියන්නේ කියා තේරේන්නේ නැත. කව්ද වැස්සට ඉස්කෝලේ යන්නේ? හොඳට,වහින දාට ගෙදර නවතිනවා මිසක්.
Chandima Friday, 01 March 2019 01:17 PM
අනේ හාමුදුරුවනේ පන්සලේ ඕනි නම් ඔය නිකම් බල්ලෙක්, පූසෙක් ඔහේ හිටියට කමක් නැහැ. මීට පස්සේවත් ඔය එකඑකා ගේන අලි කුණුගොඩවල් පන්සල් වත්තේ දාගන්න එපා. බුදුන් වහන්සේ වදාරලා නැති දේවල් හාමුදුරු නමක් හැටියට කරන්න යන්න එපා. මොකද අන්තිමේදී ඕව යන්නේ අහක තියෙන අපේ බුද්ධාගමයි, සංස්කෘතියයි... එකඑකාට ඕනෑ විදියට හෑල්ලු කරගෙන. පාත්තරෙත් අතේ නේද? හොඳයි දැන් දානෙට වඩින වෙලාවත් පහුවේවි...!!!
BamunuarachchiFriday, 01 March 2019 02:47 PM
අපේ හාමුදුරුවනේ බුද්ධාගම සහ අලියා අතර තිබෙන සම්බන්ධය ඊයේ පෙරේදා කරලියට ආව අලි නීතිවලට වඩා පැරණියි. එමනිසා ඔය නීති රටේ සංස්කෘතියට අනුව වෙනස් කර ගන්නවා මිස පන්සල හා අලියා අතර තිබෙන සම්බන්ධය නැති කරන්න බුද්ධාගමට මෑතක ප්ලග් වෙච්ච එවුන්ට ඉඩදෙන්න එපා.
mahinda wijekoon Friday, 01 March 2019 01:31 PM
භික්ෂුවක් නම් ඕනෑම වරදකට සමාව දිය යුතුය. එයට කතාකළොත් සිරිකොතේ අසුචි කන අයයි... මරු නියාය.
Bamunuarachchi Friday, 01 March 2019 03:35 PM
ලංකාවේ අධිකරණ දෙන තීන්දු පිලි නොගන්නේ සිරිකොත අසූචි භක්ෂණය කරන අයම තමයි. මතකද තමන්ට පක්ෂපාතී තීන්දුවක් නොදුන්න නිසා විනිසුරුවන්ට ඉතිහාසයේ පළමු වතාවට ගල් ගැසුවා.
Bamunuarachchi Friday, 01 March 2019 01:49 PM
අපේ ගොයියෝ උසාවි තීන්දු බාර ගන්නෙත් නැත. දොස්තරලාටත් ලෙඩ ගැන කියලාදෙන්න හදන මේවගේ මිනිස්සු උසාවි තීන්දු බාරගනීද? ඒ වුණාට පොලිසියේ දෙන දඩකොලේ නම් බාර ගන්නවා. වැඩිය කතාකළොත් රාජකාරියට බාධාකළා කියලා චාජ් එකකුත් වැටෙන නිසා...
saman Friday, 01 March 2019 01:55 PM
අලි පන්සල්වල හිටියේ අවුරුදු දහස් ගාණක් ඉඳලා. මෙයිට වඩා ලොකු දේවල් තියෙද්දී මේවා අල්ලගෙන දඟලන්නේ පිස්සු...!
BamunuarachchiSaturday, 02 March 2019 03:28 PM
සමන් බෞද්ධාගමට අලියා බොහොම සම්බන්ධයි කියන්නේ සිදුහත් කුමරුගේ පිළිසිඳ ගැනීම සම්බන්ධව මහාමායා දේවිය දුටු සිහිනයත් නෙලුම් මලක් ගත් සුදු අලි පැටියෙකු ගැන කියවෙනවා. එමනිසා බෞද්ධ සංස්කෘතියට අලියා බොහොම සම්බන්ධයි. මේ අලි නීති ගෙනෙන්න ප්‍රථම අවුරුදු, 2000 ක කාලයක සිට අලින් පන්සල් හා රටේ ධනවත් පුද්ගලයින්ගේ ඇසුරේ හැදුනා. දැනුයි අබෞද්ධයින්ට අලිගැන අනුකම්පාව ඇතිවෙලා තිබෙන්නේ. කෝ ඒ අනුකම්ම්පාව බල්ලන්ට පූසන්ට වඳුරන්ට. වඳුරන්ට වෙඩිතියන්න කීවොත් වායු රයිෆලය ගන්නත් පුළුවන්...
de silva berlin Friday, 01 March 2019 02:50 PM
අපේ හාමුදුරුවෝ පාත්තරෙත් අතින් අරන් බෙන්ස් එකෙන් වඩින්නේ..., ඔය මිනිස්සු ඉරිසියාවට කියන කතා ගණන් ගන්න එපා හාමුදුරුවනේ... ඔබ වහන්සේ පින් කඳක්... ඔය බෙන්ස් පහළ වෙන්නේ... අලි ඇත්තු ඔබවහන්සේ හොයාගෙන පන්සලට එන්නේ පින් බලේට. ඉස්සර බුදුන්ටත් ගල් පෙරලපු දෙව්දත්තයෝ හිටියනේ..., බුදුහාමුදුරුවන්ගේ කාලේ බෙන්ස් තිබුනේ නැහැනේ.., බුදු හාමුදුරුවොත් ඉස්සර තිබුණු අශ්ව කරත්තෙක හරි තිරික්කලේක හරි නැගලා ගමන් ගියා නම් ගල් පෙරලපු වෙලාවේ ගල්පතුර වැදිලා කකුල තුවාල වෙන්නෙත් නැහැනේ? දෙවුදත් තෙර බොරුවට පව් පුරවා ගන්නෙත් නැහැනේ...?
BamunuarachchiFriday, 01 March 2019 04:28 PM
පින් පළදෙනවා කියන්නේ ඕවටයි. හැම කෙනාටම බෙන්ස් ලැබෙන්නේ නැත.. එමනිසා ඊර්ෂ්‍යා නොකර ලබන ආත්මේ අනුන්ගේ බෙන්ස් එලවන්න නොවෙයි තමන්ටත් බෙන්ස් ලැබෙන්න කියා පින්කම් කරන්න.
rasika Friday, 01 March 2019 03:40 PM
පන්සලට අලියෙක් නෙමේ... බල්ලෙක් හරි මොකෙක් ගෙනත් දැම්මත් කන්න දීල හදාගන්නවා. ඉන්න හිටින්න නැති ළමයි කීයක් පන්සල් වලින් රැකවරණය දෙනවද…? තායිලන්තයේ සමහර පන්සල්වල කොටියෝ, දිවියෝ වගේ සත්තුත් ඉන්නවා.. කරුණාව දයාව ඇතිව ඔවුන්ට කන්න දීලා හදනවා.. එ්ත් බැලුවද..? විල්පත්තුව මහා කැලෑව විනාශ කරලා කන්න බොන්න වතුර නැතුව මිය යන දහසක් සත්වයන් ගැන අලිඇතුන් විතරක් නෙමේ අහිංසක මුවන්, ගෝනුන් ඇතුළු සියලුම සත්තු විනාශවෙනවා.. ඒ ගැන නේද සමාජය හඬ නගන්න ඕනේ.. අධිකරණය කරන්න ඉදිරිපත්වන කරුණු සලකලා බලලා තීරණය දෙන එක මිසක් වෙන දෙයක් නෙමේ.. නමුත් අපි සමාජයක් ලෙස හඳුනාගන්න ඕනේ මහා වන සංහාරයට විරුද්ධව.. හොරෙන් වැලි අද්දල වන පරිසර විනාශයට විරුද්ධව.. ඒ වගේම ඇතුන් මරලා අලි පැටව් ගන්නවා නම් එ්කටත් විරුද්ධ වෙන්න ඕනේ.. අලි අනාථාගාරයේ ඉන්න අලි පැටවූ, අවශ්‍ය නම් පන්සල්වල පෙරහරට දෙන්න පුළුවන්නේ.. කැලේ ඉන්න සතාට නිදහසේ ජීවත් වෙන්න අයිතිය අපි දෙන්න ඕනේ.. ඒ වගේම සුද්දන්ගේ පාලන කලේ විනෝදෙට අලි ඇතුන් දහස් ගණනක් මරපු එක ගැනත් සටහනක් තියන්න ඕනේ.. සංචාරකයන්ට දැන ගන්න.. ඔය සුද්දා හිටියනම් හොඳයි කියන ඉතිහාසය නොදන්නා පරම්පරාවට දැනගන්න...
AkilaSaturday, 02 March 2019 03:14 AM
තායිලන්තයේ ඒ හොර පන්සල්වලට ලෙඩ වැටිලා තියෙන්නේ දැන්..., සංචරකයින්ගෙන් කීයක් හරි කඩාගන්න අසරණ සතුන්ට වද දෙන එක ලෝකේ අනිත් රටවල් ලෙඩ ඇද්ද, ලංකාවේත් අලි ප්‍රශ්නේ දැන් බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවත් කතාවෙනවා..
Aris Friday, 01 March 2019 07:06 PM
සමහරු උපන් හැටියේ බිළිදන් හදා වඩා ගන්න බැරි කමට පාර අයිනේ දාල යනවනම්, අලිපැටියා පෙරහැරට ගෙනත් පන්සල ළග දාල ගියා කියන එක පිළිගැනීම සාධාරණයි. අලින්ට සැහෙන්න කොළ අතු කන්න බොන්න දෙන්න ඕන. නාවන්න ඕන. ඒ මිනිහට අමාරුකමක් තියෙන්න ඇති. හැබැයි බුදු දහම හා සම්බන්ධය තියෙන්නේ අලි නොවෙයි නයි. දෙව්දත්තර නාලාගිරි ඇතාට රා පොවලා බුදුන් වහන්සේ ඉදිරියට එවූ කතා, මුචලින්ද නාගයා සෙවන දුන් කතා අපි අහල තියනවා.
de silva berlin Friday, 01 March 2019 07:47 PM
අනේ පව් අලි පැටව් වැස්සට තෙමිතෙමී අව්වට වේලි වේලි කැලේ මදුරුවෝ කාකා ඉන්නවා. සමහර විට එකෙක් දෙන්නෙක් අපේ ගෙදරට වුනත් පාරදිගේ ඇවිද ගෙන එන්න පුළුවන්.. එහෙම අාවොත් අපිත් උන්නට කන්න බොන්න දීලා නවත්වා ගමු.. පින්සිද්ධ වෙනවනේ...
raviSaturday, 02 March 2019 07:43 AM
අලින්ව අයිති කැලයට තමයි ...!!! බොරු බෞද්ධයෝ ඉන්න ලංකාව වගේ රටක.. මේ බෞද්ධ සංදර්ශනය තර කර ගැනීමට අහිංසක සත්තුන්ව අල්ලාගෙන යකඩ විලංගු දාල වද දීදී පෙරහරවල්වල දක්කාගෙන යනවා.. මේක තමයි අපේ අපේ බෞද්ධ ශ්‍රී ලංකාව...
BamunuarachchiSaturday, 02 March 2019 03:08 PM
එ්ක හින්දද රජය මගින් කැලයේ අතරමන් වන, රෝගී වෙන අලින් සඳහා පින්නවෙල අලි අනාථාගාරයක් ඉදිකර තිබෙන්නේ? අනාථ වුණු අලි පැටවුන්ට ගැලුම් ගණනන් කිරි පොවන්නේ... මොනවා දැනගෙනද මෙයා කරන්නේ?
BamunuarachchiSaturday, 02 March 2019 10:33 PM
සත්ව උද්‍යානවල කොටුවී සිටින සතුන් අයිති වෙන්නෙත් කැලයට ඇයි ඒ සතුන් කැලයට යවන්න කියන අනුකම්පාව නැත්තේ? සත්තු වත්තේ කූඩුවේ සිරවී සිටින සිංහයාට වඩා නිදහසක් අලියා භුක්ති විඳිනවා.
BamunuarachchiSaturday, 02 March 2019 10:27 PM
එහෙම අලි පැටව් තමයි වනජීවී නිලදාරීන් පින්නවෙල අලි අනාථාගාරයට බාර දෙන්නේ. ඒ සත්තු බලන්න යන මිනිසුන් ගෙවන මුදලින්ම තමයි ඔය අලි අනාථාගාරය පාලනය වෙන්නේ. ඉතින් පන්සලටත් අලියෙක් සිටියොත් පන්සලේ අලංකාරය වැඩිවන නිසා අපේ හාමුදුරුවෝ පන්සලේ අලිපැටියෙක් සොයාගෙන හදාගන්න ඇති. අනික් රටවල ඩොල්ෆින්ලා තියාගෙන සංදර්ශන පැවැත් වීමත් සෑම රටකම සත්ව උද්‍යාන පැවැත් වීමත් වැරදී කියා දකින්නේ නැත්තේ ඇයි?
Robinsan Galgamuwa. Saturday, 02 March 2019 12:35 AM
අලියා බලාගත්තු කෙක්ක උසාවියට ඉදිරිපත්කරලා නැති නිසයි පැමිණිල්ල අඩුපාඩු කියලා කියන්නේ. බලාගන්න තිබුන නිසා කෙක්ක ඉදිරිපත් කරලා නැහැ.
Chanak Los angeles Saturday, 02 March 2019 04:10 AM
සඟුන් දැකීම මංගල කරුණක් ලෙසයි බුදුන් වදාලේ. ඒ පිඬු සිඟා වඩින විට, බණට පිරිතට වඩිනවිට සහ සංවරශීලීව වඩින වෙලාවල්වල අහම්බයෙන් දර්ශනය වෙනවා වගේ අවස්ථාවලයි. නමුත් මෙහෙම අවස්ථාවල දැකීම නම් එවන් කරුණක් ලෙස පිළිගැනීම කෙතරම් දුරට ගැලපේද මන්දා?
BamunuarachchiSaturday, 02 March 2019 10:50 PM
ඒක ඒ ඒ පුද්ගලයා තුල පහළවෙන සිත් අනුව ඇතිවෙන හැඟීම.
Buddika Saturday, 02 March 2019 05:47 AM
අනවසරයෙන් අලියෙක් තියාගැනීම වරදක් නම් නීතිය කාටත් පොදුයිනේ.. හැබැයි ලංකාවේ නෙමෙයි. මේ හාමුදුරුවෝ වරදක් කළා. ඒත් නීතිය නිදොස් කළේ වරදක් නොකළ නිසා නෙවෙයි... හරිහැටි ඔප්පු නොවූ නිසයි. දෙයියෝ දනී... මම නොදනී. නැහැ මේ වන්දි භට්ටයෙක් නේද? පෙහොට්ටුවේ... මන් දැක්කා රෙදි හෝදනවා ඔන්න ඔය මැදමූලන පැත්තේ.
Akila Saturday, 02 March 2019 07:58 AM
ඉහළම එක්කෙනා හිටපු අප්පච්චිත් එක්ක අාපහු හාද වුනාට පස්සේ කැකිල්ලේ නඩු තීන්දු ලැබෙනවා. හිටු කියලා ඒ පැත්තේ කට්ටියට.., අර වත්කම් ප්‍රකාශ නොකරපු නඩු තීන්දුවයි, මේකයි එ්කට හොඳ උදාහරණ...
Dayal Saturday, 02 March 2019 02:58 PM
දැන් පන්සල ලඟ තරුණ ගෑණු ළමයෙක් දාලා ගියොත් මොකද වෙන්නේ?
Bamunuarachchi Saturday, 02 March 2019 11:00 PM
මේ මොන මෝඩ කතාවක්ද? අහම්බෙන් නොවෙයි උවමනාවෙන්ම හාමුදුරුවන් දකින්න පන්සලට යන මිනිසුන් ළමයි තවමත් අප අතර ඉන්නවා. අර නාලිකාවක ඉංග්‍රීසියෙන් බණ කියන යුරෝපීය බෞද්ධ භික්ෂුව දැකීමෙන්, ධම්මාලෝක හිමියන් දැකීමෙන් පහන් සිතක් අතිනොවන්නා මිනිහෙක්ද? නරුමයෙක්ද?
Bamunuarachchi Saturday, 02 March 2019 11:13 PM
අපේ මිනිස්සු නඩු තීන්දු විවේචනය කරන්නත් දන්නවා දොස්තරලාගේ වැඩ විවේචනය කරන්නත් දන්නවා. හැබැයි ඔය එක කෙනෙකුටවත් නඩු ශාලාවක ජනේලයක් ළඟ හිටගෙන ඉන්න අවසරයක් වත් නැත.
මංගල Sunday, 03 March 2019 02:58 AM
බොරු කයිවාරු වලට පක්ෂව උසාවි නියෝග නොලැබෙන බව තේරුම් ගත යුතුයි.
Chanak Los angeles Sunday, 03 March 2019 06:15 AM
බුදුන් කියා තිබෙනවා භික්ෂුවට උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ පිහිටා කටයුතු කරන්න කියා.. එහෙම නොවුනොත් භික්ෂුව ගිහි ශ්‍රාවකයන්ගේ අප්‍රසාදයට පත්වේවි කියා..
BamunuarachchiSunday, 03 March 2019 10:28 AM
බුදුන් වහන්සේ හිස මුඩුකර සිටියේ නැත. නමුත් භික්ෂූන්ට හිස මුඩු කරන්න කිව්වා. දන්නවද ඒ ඇයි කියාදන්නේ නැතිනම් කියන්න කියලා දෙන්නම්...
Chanak los angelesSunday, 03 March 2019 03:29 PM
යන්නේ කොහෙද මල්ලේ පොල්..
BamunuarachchiSunday, 03 March 2019 11:52 PM
මල්ලේ පොල් නොවෙයි ඔබේ ඉහත කතාවට හොඳ උත්තරයක් දෙන්න පාර හදා ගන්නයි උත්තරයක් ගන්න හැදුවේ. දක්ෂ නීතිඥයෝ එහෙමයි
Kumar (Galf)Monday, 04 March 2019 09:17 AM
බමුණුආරච්චි, ඔයාට කියන්න පුළුවන්ද බුදුහාමුදුරුවෝ කොතැනද කියලා තියෙන්නේ කියලා භික්ෂූන් වහන්සේලාට සම්පූර්ණයෙන්ම හිස මුඩු කරන්න කියලා. මම නම් එහෙම කියපු තැනක් තවම දැකලා නැහැ. බුදු පියාණන්ට අපහාස කරලා නිරයේ යන්න පාර හදා ගන්න එපා. නීතිය ගැන දොඩවන කට්ටිය කියන තරමක් කියන්නේ බොරු මිසක් ඇත්ත කතා කරන්නේ බොහොම පොඩි පිරිසක්. එහෙව් එකේ නීතිය කතා කරන එවුන්ව මොනම උදාහරණයකටවත් ගන්න පුලුවන්ද කියලා මට නම් හිතාගන්න බැහැ.
Sachintha dilshanTuesday, 05 March 2019 11:53 PM
බුදු දහම ගාව ගන්න එපා ඔය කිසිම දේකට. මෙතන කිසිම දෙයක් හරි නෑනේ. රට හදන්න පුලුවන් නම් ඒක කරන්න. නැත්තන් බුදු දහම හදන්න ඕනෙ නෑ.