IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඊ.ටී.අයි. ෆිනෑන්ස් ගණන බේරා වසා දැමීමට යයි

ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ගණන බේරා වසා දැමීම සඳහා නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලුම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ පැවැති විවිධ අක්‍රමිකතා සහ ඒ හේතුවෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්ව මඟ හරවා ගැනීමට ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2018 ජනවාරි මස 18 වැනිදා ආයතනයේ අධ්‍යක්ෂවරැන් වෙත විධාන නිකුත් කළ අතර එම ආයතනයේ කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකරණ මණ්ඩලයක් ද පත් කළේය.

එම ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ආයෝජකයකු/ආයෝජකයන් රැගෙන ඒමට නියෝග කර තිබුණ එම ආයතනයෙන් කිසිදු සාධනීය යෝජනාවලියක් ඉදිරිපත් නොවූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එහෙත් 2018 සහ 2019 වසරවලදී ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුවලින් සියයට 30ක ප්‍රමාණයක් ආපසු ගෙවා දමා ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු 2020 ජූලි 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවා ඇත. 
 
055



අදහස් (0)

ඊ.ටී.අයි. ෆිනෑන්ස් ගණන බේරා වසා දැමීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 825 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site