(රංජන් කස්තුරි)
ඊ.ටී.අයි සමාගමේ සිදුව ඇතැයි කියන වැරදි ක්‍රියා , අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොමිසන් සභාවක් ස්ථාපිත කරනු ලැබ ඇත.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා සභාපතිත්වය දරන එම කොමිසමේ සෙසු සමාජිකයින් වන්නේ විශ්‍රාමික සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරී ඩී.එම් ගුණසේකර යන මහත්වරුන්ය.
මහ බැංකුවේ මැදිහත්වීමෙන් තැන්පත්කරුවන්ගේ ගනුදෙනු බේරුම් කිරීම සඳහා වත්කම් විකිණීමේදී ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම වැරදි ක්‍රියා කර තිබීම , රටේ නීතිය කඩකරමින් විදේශීය ආයතනයක්වන බ්ලු සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සහ බෙන හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් වලින් සැදුම්ලත් මූල්‍ය ආයතන සමූහයකට මාධ්‍ය ආයතනයක් විකිණීම සහ ඊ.ටී.අයි සමාගමේ නිශ්චල දේපළ නීතියට පටහැනිව විදේශිකයන්ට විකිණීම යන කරුණු සොයා බැලීමට එම කොමිසමට බලය පවරා තිබේ.
ඊ.ටී.අයි සමාගමේ වත්කම් වලට ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විස් , ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් , ඊ.ඒ.පී ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් ලිමිටඩ්,හෝටෙල් සැෆයර් , ස්වර්ණමහල් ජුවලර්ස් සහ ඊ.ටී.අයි ෆිනෑන්ස් යන ආයතන ඇතුළත් බවද එම කොමිසම පත්කරමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
කොමිසමේ වාර්තාව මාස තුනක කාල සීමාවක් ඇතුළත ලබා දෙන්නැයිද ජනාධිපතිවරයා එම කොමිසමට නියම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට නිසි නායකත්වය ප්‍රමාදවී හෝ ලැබීම ගැන අවංකවම මම සතුටුවෙමි.
මාස්ටර්ස් අසමත් අය ඉහළ නිලතල වලට සුදුසුද?