IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායලයේ නව මහ බැංකු අධිපති මහාචාර්ය අමීර් යාරෝන්


ඊශ්‍රායලයේ නව මහ බැංකු අධිපතිවරයා ලෙස මහාචාර්ය අමීර් යාරෝන් පත් කර ඇත. යාරෝන් ඇමෙරිකා එක්සත් ජනපද මූල්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකි.
 
 
මූල්‍ය ප්‍රතිපත්ති සාමාන්‍ය තත්ත්වය ගෙන ඒම තමන් හමුවේ තිබෙන පළමු අභියෝගය යැයි යාරෝන් පැවැසීය.
 
යාරෝන් දශක දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වීමෙන් අනතුරුව මෙලෙස ඊශ්‍රායලයේ මහ බැංකු අධිපති තනතුරට පත් කර ඇත.
 
 
 ඇමෙරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් යාරෝන් තම ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගෙන ඇති අතර ආර්ථික වර්ධනය, පලදායීතාව සහ අයවැය ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ඒවා අනෙක් ප්‍රධාන සහ වැදගත් අභියෝග බවත් කීවේය. යාරෝන් ඊශ්‍රායල ඇමෙරිකා පුරවැසියෙකි.
 
 
කානිට් ෆ්ලග් යාරෝන්ට පෙර ඊශ්‍රායල මහ බැංකුවේ අධිපති ධුරය හෙබ වූ පසුගිය මාසයේදී ඔහුගේ ධුර කාලය අවසන් විය. නියෝජ්‍ය අධිපතිනි නඩීන් බවුඩොට් ට්‍රයිටන්බර්ග් නොවැම්බර් මාසයේ සිට වැඩබලන මහ අධිපති ධුරය හෙබවූවාය. 
 
 
“මගේ දැක්ම අනුව මූල්‍ය ප්‍රතිපත්තිය කළමනාකරණය කිරීමේ වඩාත් වැදගත් සහ පලදායී ආයුදය වන්නේ පොළී අනුපාත” යැයි මහ බැංකු අධිපති ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව යාරෝන් කීය. 
 
 
“ඊශ්‍රායලයේ ආර්ථික සහ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි, ඒ වගේම ඕනෑම දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙන්න තරම් ශක්තිමත්. එහෙත් වෙළෙඳපොළ ද්‍රවශීලතාව සහ පසුගිය මාස කිහිපයේදී සිදු වූ පසුබැසීම නිසා වර්තාමනයේ පවතින ව්‍යාපාරික චක්‍රය වෙනස් වෙන්න පුළුවන්.
 
 
 ලෝක වෙළෙඳාමේ තිබෙන ඍණාත්මක බලපෑම ද අපට බලපාන්න පුළුවන්. ඒ නිසා වගකීම් සහගත අයුරින් අයවැය සහ මූල්‍ය පාලනයක් ගෙන යා යුතු” යැයි ද ඔහු කීවේය. 
 
 
(055)
  (රොයිටර් ඇසුරෙනි)



අදහස් (0)

ඊශ්‍රායලයේ නව මහ බැංකු අධිපති මහාචාර්ය අමීර් යාරෝන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site