
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඊ.ටී.අයි හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කලේය.
ඒ එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි .
එසේම සති දෙකකට වරක් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටද අධිකරණය නියෝග කළේය.
ඊ.ටී.අයී ආයතනයේ තැම්පත් කර තිබූ රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධී ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.
ඒ අනුව සැකකරුවන් ඊයේ දින අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
COMMENTS
මම හිතන්නේ මේ අය එන්න ඇත්තේ උසාවිය බලලා යන්න වෙන්න ඇති.. හොඳයි වෙනසකට එක්ක. සර් එක්ක සෙල්ලම් බෑ... එක රටක් එක නීතියක්...
මේවා කවදාවත් අහන නඩු නොවෙයි. දේශපාලුවෝ, නඩු කාරයෝ ඔක්කොම ජරාව කාලා. මේවට පිළියම තමයි නන්නාඳුනන තුවක්කුකරු. අහිංසකයින්ගේ සල්ලි හොරාකාපු මේ හොර පවුලටමනේ හොරට නඩු අහන නඩුකාරයින්ට, මේ හොර මගඩි පිටුපස ඉන්න හොර දේශපාලුවන්ට ආයේ නොඑන්නම අපායටම යන්න.. ඉලක්කයටම කොකා ගස්සන්න නන්නාඳුනන තුවක්කුකරු කොයි මොහොතක හෝ ඒවි...
ඔහොම වෙන බව අපි දැනගෙන උන්නා. මිනීමරපු අයත් ඇපපිට එළියේ ඉන්නේ... ධර්මිෂ්ඨ රාජ්‍යයක්...
මේ අය නිදහස් කෙරුවට නං කමක් නෑ.. හැබැයි ඉතින් පොල් ගෙඩියක් අඹ ගෙඩියක් එහෙම කඩලා අහුවුණොත් නම් බරපතළ වැඩ ඇතිව වහාම හිරයට දාන්න ඕන.. ඒකයි සාධාරණ නීතිය...
හොරුන්ටම ගිය රටක් මේක...
ඇප නොදී රෝහල්ගත කරන්නත් තුබුණා ඕනෑනම්...
නීතියේ දෙවඟනගේ දුහුල් සළුපට ඉහලට එසවුණු තවත් අවස්ථාවක්...
මේ සම්බන්ධයෙන් දවසේ අවසාන පුවත වෙන්නේ ඇප දීම කියලා මම නම් උදේම තේරුම් ගත්තා. බයියන්ට පුදුම සතුටක් ඇති. සර්ගේ පාලනයේ නීතිය අකුරට ක්‍රියාත්මක වෙන හැටියට... හරි නම් කට්ටිය මල්වෙඩි දාන්න ඕනේ මෙව්වට...
නීතියෙන් ඇප ලැබිලා තියෙන්න පුළුවන්. ඒ වුණාට කරපු අපරාධය නිසා දුක්විඳින ගණුදෙණු කරුවන්ගේ ශාපයෙන් ගැලවෙන්න බැහැ. මේ ආත්මෙම පලදෙනවා. ඒ නිසා දැන්වත් ඒ මිනිස්සුන්ගේ සල්ලි ආපසු දීලා ඒ සාපයෙන් බේරෙන්න බලන්න.
මේක දප්පුලගේ තව එක තප්පුලෑමක් විතරයි තමන්ට නීතියක් නැතිකරගෙන අනුන්ට එක රටක්, එක නීතියක් කියන නායකයින් ඉන්න රටක් මේක...
ලක්ෂයක්, දෙකක් හොරකම් කළා නම් රිමාන්ඩ් කරන්න තිබුණා. ඒත් බිලියන 13ක් නේ.
අද අධිකරණයට විවේචන තරමක් වැඩිවෙනවා වගේ පේනවා. එක කාගේ වරදද? විනිසුරුවන්ගේ හෝ පොලිසියේ... මෙයාලට ඇපදෙනකොට පොලිසිය, නීතිපතිගේ නීතීඥයන් මොකද විරුද්ධ නොවුණේ..? එයාලට තිබුණා අධිකරණයට දැඩිව කියන්න ඇප දෙන්න. නමුත් ඒක වුණේ නැහැ. මෙතන තියනවා ලොකු කෙනාගේ බලපෑමක්...