IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තුවෙන් ගෙන්වූ නරක් වූ ලූනු කන්ටේනරයක් සොයාගනී

(කාංචන කුමාර ආරියදාස)

ඊජිප්තුවෙන් ගෙන්වන ලද, මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගයේ  කන්ටේනර් රථයක තබා අලෙවි කිරීමට සූදානම්ව තිබියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය සහ දඹුල්ල පොලිසියේ පරිසර ඒකකය මඟින්  අද(23) සොයා ගෙන තිබේ.

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් පරිදි අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පරීක්ෂාව සිදුකෙරිණි.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පාකිස්ථානය ඇතුළු විදේශ රටවලින් ලොකු ලූනු සහ අර්තාපල් අල  ලියාපදිංචියකින්, වෙළඳ බලපත්‍රයකින් තොරව අලෙවි කිරීම  පිළිබඳව කළ පරීක්ෂාවක් අතරතුරදී පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු කන්ටේනරය  හමුවී තිබේ.

මෙම ලූනු කන්ටේනරයෙන් දැඩි දුර්ගන්ධයක් සමග ජලය පිටතට පැමිණි බවද, පැළ වී තිබූ ලොකු ලූනු තිබූ බවද නිලධාරීහු කීහ.

දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා   මහතා කියාසිටියේ මෙම ලූනු ආහාරයට ගැනීමට නුසුදුසු බවය. පැළ වීමෙන් පසුව ලූනු ගෙඩිය තුළ විසක් වර්ධනය වන බවත් ඒවා මිනිස් සිරුරට අහිතකර ඒවා බවත් ඔහු කීය.

මෙම ලොකු ලූනු තොගය ගෙන්වා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවත්, කිසිදු වෙළඳ බලපත්‍රයක් හෝ වෙළඳසැලක් නොමැති ව්‍යාපාරිකයන් මෙම ලොකු ලූනු ගෙන්වා ආර්ථික මධ්‍යස්ථාන පිටුපස කන්ටේනර් රථ නවතා අලෙවි කරන බවත් මෙහිදී අනාවරණය වී ඇත.

ඊජිප්තුවේ සිට ගෙන්වා ඇති මෙම ලොකුලූනු වරායෙන් කිසිදු සොයා බැලීමකින් තොරව පිට කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළහ. කාන්තාවන් යොදවා පැළවුණු  ලුනු ගොබ  කඩා දමා හොඳ ලූනු බවට පත්කර  උත්සව සමයේ ජනතාවට අලෙවි කරන බවද අනාවරණය වී තිබේ.
 
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ  පකිස්තානයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු දඹුල්ලට පැමිණ ඉතා රහසිගතව ආර්ථික මධ්‍යස්ථාන පිටුපස නගර සභාව සතු මාර්ග භාවිතා කරමින් මෙම ලොකු ලූනු සහ අර්තාපල් අලෙවි කරන බවය. අද සිට ප්‍රධාන මාර්ගයේ අලෙවිය තහනම් කරන බවද ඔහු කීය. ඒ අනුව පොලිස් කණ්ඩායම් සහ නගර සභාවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම් වැටලීම් කරමින් ද සිටිති.

 



අදහස් (2)

ඊජිප්තුවෙන් ගෙන්වූ නරක් වූ ලූනු කන්ටේනරයක් සොයාගනී

Asanka Monday, 23 December 2019 12:30 PM

අපූරුයි අපූරුයි කවුරුත් දන්නේ නැහැ. පකිස්තානුවන් විසින් ඊජිප්තුවෙන් ගෙන්වලා ලංකාවේ කාන්තාවන් දම්මලා තෝරලා උත්සවසමයේ වෙළඳපළට යවනකන්ම කවුරුත් දන්නේ නැහැ..

:       0       0

සුදු බංඩාර Monday, 23 December 2019 12:51 PM

වටිනා පුවතක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site