IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ඊච්චන්කුලම ස්ථානාධිපති - කොස්තාපල් රිමාන්ඩ්

සිතුම් චතුරංග

           

එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වවුනියාව කල්මඩු ප‍්‍රදේශයේ ඉඩමක්තුල වළ දමා තිබෙන රත‍්‍රං තොගයක් ගොඩගැනීම සඳහා ව්‍යාපාරිකයින් පිරිසකට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා ලබන අපේ‍්‍රල් 1 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස  වවුනියාව මහෙස්ත‍්‍රාත් තෂ්මින් ෆවුෂාන් මහත්මිය අද (19) නියෝග කළාය.

කැණීම් කළ ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක් කැඳවන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සෙසු සැකකරුවන් පස්දෙනා සමඟ එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගත කෙරුණේ ඊච්චන්කුලම ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂ් ආරියරත්න සහ එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්  ඩි.ඒ.ටි.එන් විදාන යන නිලධාරීන් වේ.

අදාල වැටලීම සිදුකරන අවස්ථාවේ කැණීම් සිදුකළ ස්ථානය ආසන්නයේ නවතා තිබූ සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එම මෝටර් රථයේ ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයකු සිටි බව වවුනියාව පොලිසිය පැවසීය.

විමර්ශන සිදුකරන නිලධාරීන් විසින් සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ඊච්චන්කුලම ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා සමඟ අත්අඩංගුවට පත් සැකකරුවන් ඝෘජුව සබඳතා පැවැත්වූ බවට තොරතුරු රාශියක් අනාවරණයවූ බවද සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වවුනියාව , මන්නාරම දිස්ත‍්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික‍්‍රම මහතාගේ අධීක්ෂණය යටතේ වවුනියාව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලොරආරච්චි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ අතර ඒ අනුව සැකකාර ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා අද (19) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.           

කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවටගත් සැකකරුවන් කුරුණෑගල , පොලොන්නරුව යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32 ත් 54 අතර ව්‍යාපාරිකයින් පිරිසකි.

 



අදහස් (0)

ඊච්චන්කුලම ස්ථානාධිපති - කොස්තාපල් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 222 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site