
(රංජිත් රාජපක්ෂ)
ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් තවත් දුරටත් ස්වයංක්‍රියව විවෘත වි ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පවසති.
එම ජල පෝෂක ප්‍රදේශවලට (10) දින ලද අධික වර්ෂාව හේතුවෙන් වාන් දොරටු තුනක් (11) දින අලුයම වන තෙක් ස්වයංක්‍රියව විවෘත වි තිබුණි.
එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තව වැසි පතිත වුවහොත් ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා ඉල්ලා සිටියි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.