
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත.
ඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටුවක් ඊයේ පස්වරුවේ ස්වයංක්‍රීයව විවෘත වී තිබු අතර, අද(07) දහවල් සිට තවත් වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වී ඇත.
ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සියලු ම වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින්, කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවරු ඉල්ලා සිටිති.


COMMENTS