




නිමල් ජයරත්න
පොළොන්නරුව මාදුරුඔය ඉසඞ්.ඞී ප‍්‍රධාන ඇලට අද (29) අලූයම අරලගංවිල ඇල්ලේවැව ප‍්‍රදේශයෙන් වැටුන වන අලියෙකු අරලගංවිල වීරාන ප‍්‍රදේශයෙන් තනියම ගොඩවි වීරාන රක්ෂිතයට පලා ගොස් ඇති බව වෙහෙරගල වනජිවි නිලධාරීහු පැවසුහ.
ඉසඞ්.ඞී ඇලට මිට පෙර වන අලින් වැටුන අවස්ථාවලදි කඹ, ටයර් සහ කර ආධාරක යොදා එම අලින් ගොඩ ගැනිමට පැය ගණනාවක් තමන්ට වෙහෙස විමට සිදු වු බවත් අද දින වැටුනු මෙම වන අලියා තනියම ගොඩ ඒම විරල අවස්ථාවක් බව වෙහෙරගල වනජිවි නිලධාරින් පෙන්වා දෙති.
වසර තුනක කාලයක් තුල වන අලි 18 දෙනෙකු මෙම ඉසඞී.ඞී ඇලට වැටි ඇති බවත් ගත වු සති දෙකක කාලය තුල මෙම අලියාද සමග වන අලින් හතර දෙනෙකු වැටි ඇත.
මෙම ඇලට මේ වන විට වැටි ඇති වන අලි 58 දෙනාගෙන් තනියම ගොඩ ආ දෙවන අලියා මෙය බවද වෙහෙරගල අඩවි ආරක්ෂක යු.ඞී.ජේ.පි.එම්. ආරියසිංහ මහතා සදහන් කලේය.
අද දින වැටුන වන අලියාගේ වයස අවුරුදු 25 ක පමණ වන බවත් මෙලෙස ඇලට වැටිමට ප‍්‍රධාන හේතුව වන්නේ මේ දිනවල පවතින දැඩි නියං තත්වය හේතුවෙන් මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වන අලි ආහාර සහ ජලය සොයා ගම් වැදිම බවද ආරියසිංහ මහතා සදහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන පින්තුර...
"මම මොකටද කාටවත් කරදර කරන්නේ " කියල හිතල ස්වෝත්සාහයෙන් ,ගොඩ උන අසරණයෙක්. පව්.
ඇඳිරි නිතීය නිසා අලියා කරදරයක් නැතුව ගොඩ ගිය. ඇඳිරි නීතිය නොතිබුනානම් අලියා ගොඩ එන හැටි බලන්න එන මිනිස්සු නිසා අලියට ඕන දේ කරන්න බැරි වෙනවා. අලියා ස්වාධීනව තීරණය කරලා ගොඩ ගිය. ඇදිරි නීතියට පින් සිද්ධවෙන්න අලියා ගොඩ...
Z -D ඇළ වගෙ තවත් ඇළක් දියවන්නාව අසලින් කපන්න... බොහොම වටිනවා...
මෙ අපේ වන සම්පත මෙවැනි සතුන් පමණක් නොව සෑම සතෙකුටම වතුරට වැටෙන වෙලාවක අනතුරක් නොවී ගොඩ ඒමට ක‍්‍රමවෙදයක් සකස් කළ යුතු බව කාරුණිකව දැනුම් දෙමි.
මේ ඇල නිර්මාණය කරපු අයට සම්මාන දෙන්න වටිනවා.
හොද අලියෙක්.
" වනේ සිටින අලියෙකු වී උපන් මට .... මිනිස් අලි කුමට මට අත් උදව්වට .... ජල කඳ බිඳන් නොබියව යන්නෙමි පෙරට .... රැගෙන එඩිය යන්නෙමි මම ජය ටඹට ....
" වනයේ සිටින අලියෙකු වී උපන් මට .... වෙනත් අලි කුමට මට අත් උදව්වට.... මහ ජල කඳට නොබියව යන්නෙමි පෙරට ...
කොරෝනාවෙන් ලෝකයම කොරවී සිටිනවිට මෙම අලියා අප රටේ වැසියාටත් පාලක කාරකාදීන්ටත් කියා ඇත්තේ ලෝකය ඉදිරියේ අප රටටත් තනිව ගොඩයන්න කියලද හිතෙනවා...