මුදිතා දයානන්ද
මිනිහෙකුට යමක් ඉවසා සිටීමට හේතු පැවතියද, කිසියම් මොහොතක එය පුපුරා යන බවත්, එතෙක් බලාසිටීම නිවටකමක් සේ පෙනෙන්නට හැකි බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉවසා බැරිම තැන ගත යුතු නිවැරදි තීන්දුව ගෙන ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (30) පැවසීය.
ගම්මන්පිල මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද පැවසීය.
“දිය බින්දුවක් වුණත් මල් පෙත්තක් මතට වැටුණොත් උරාබොන්න පුලුවන්. ඒත් එය අසූචි ගොඩක් උඩට වැටුණොත් අපි පයින් පාගන්නවත් යන්නේ නැහැ. ඕනෑම දෙයක් තිබෙන තැන අනුව වටිනාකම වෙනස් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඒක අදාළයි. අපේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කාලේ අපි එතුමාව විවේචනය කළේ නැහැ.
වැරදි තැනකට ගිහින් වැරදි දේවල්වලට සහය දෙන කොට අපි විවේචනය කළා. දැන් එතුමා නැවතත් හරි තැන තෝරාගෙන තිබෙනවා. ඒ නිසා අපිට එතුමා ගැන දැන් විවේචනයක් නැහැ.
මෛත්‍රීපාල සිරිසේන මහතාම පාපෝච්චාරණය කර තිබෙනවානේ තමන්ට වැඩ කරන්න සිදුවුණු තත්ත්වය ගැන. එතුමාත් ඉවසලා බැරිම තැන තීන්දුවක් අරගෙන තිබෙනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් බිලියන් ගණනක වංචාවක් කිරීම නිසා ඔවුනුත් ඉවසනවා තාමත් දැන් වසර ගණනාවක් වෙනවා දවසක එකත් පුපුරලා යයි
මහින්දට කියපු ටිකම තමයි රනිල්ට කියන්නෙත් එක ගැනියෙක් එක්ක පවුල් නොකා වටේටම රස බලන්න යනකොට වෙන දේවල් .... මෛත්‍රීව විවේචනය කරපු හැටි. බලාගන්න කට්ටිය පැරදිලා යනකොට කියපු කරපුවා..... අමතකයි.....
මෙය රටේ ලොකුම විහිලුව බව රටේ මිනිස්සු දන්නවා...
නුඹලානම් අසූචි ගොඩ උඩ වැටුණුජල බින්දුව කෙසේ වෙතත් රුපියල් සියයක් වගේ තිබුනොත් නම් එය අතින් නොව දිවෙන් අරන් සුවඳයි කියයි...