



ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (15) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.
නෞකාවන් වරායට පැමිණීමෙන් පසුව ඒවායේ අණදෙන නිලධාරීන් වන ලුතිනන් කමාන්ඩර් මහ්මූද් බද්වී, ලුතිනන් කමාන්ඩර් හසන් බේගී, ලුතිනන් කමාන්ඩර් මොහොමඩ් බාගර් රහ්නාමා යන නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
නෞකාවන් දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ සංස්කෘතික සංදර්ශණ, සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා නැව් මුළු සහභාගී වීමට නියමිතව ඇත.
සිව් දින නිල සංචාරය නිමා කරමින් එම නෞකාවන් එළබෙන පෙබරවාරි මස 18 වැනිදා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
(28535)
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd