ඉන්දියාව සහ පාකිස්තානය අතර අද අලුයම ආරම්භ වූ එදිරිවාදිකම් වලින් පසුව දෙරට අතර සාකච්ඡා ආරම්භ විය යුතු යයි පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා කියයි.
දෙරට අතර යුදමය එදිරිවාදිකම් ආරම්භ වූයේ දශක ගණනාවකට පසුවය.
1971 න් මෙපිට දෙරටම යුද ක්‍රියාමාර්ගයකට නොගියහ. එහෙත් දෙදිනකට පෙර ජම්මු කාශ්මීර් කලාපයේදී ජයිස් ඊ-මොහොමඩ් කණ්ඩායමේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඉන්දීය සොල්දාදුවන් 40 දෙනකුට දිවි අහිමි වීමෙන් පසුව ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තානයේ ත්‍රස්තවාදී කඳවුරු වලට බෝම්බ හෙළීය.
පසුව පාකිස්තානයට ඊට ප්‍රතිප්‍රහාර දීම හේතුවෙන් ඉන්දීය සහ පාකිස්තානු ගුවන් හමුදා අතර සටන් ඇවිළිණ.
‘‘අපේ ක්‍රියාමාර්ගයෙන් කියන්නට ඕනෑ කළේ ඔබලාට අපේ රටට එන්න පුළුවන් නම් අපටත් ඔබලාගේ පෙදෙසට එන්න පුළුවන් කියලයි....මේ ක්‍රියාමාර්ගයේදී ඔවුන්ගේ මිග් යානා දෙකක් වෙඩි තබා බිම දැම්මා. ඒත් මෙතැන් සිට අපි අපගේ ඔළුව පාවිච්චි කරලා බුද්ධිමත්ව කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වන්නේ‘‘ යයි ඉම්රාන් ඛාන් සිය ප්‍රකාශය පටිගත කිරීමෙන් පසුව රූපවාහිනීයෙන් විකාශය කළේය.
‘‘මම ඉන්දියාවෙන් ඉල්ලන්නේ මෙච්චරයි....
ඔබලාගේ තියෙන ආයුධත්, අපට තියෙන ආයුධත් එක්ක, අපි දෙගොල්ලන්ටම වැරදි තීරණයක් ගන්න පුළුවන්. ඒත් මේක ඇවිළිලා ගියොත්, ඒක එතැනින් එහාට මටවත් මෝදිටවත් පාලනය කරන්න පුළුවන් එකක් නෙමේ‘‘
ඉන්දියාව මෙන්ම පාකිස්ථානයද න්‍යෂ්ටික අවි ඇති බල සම්පන්න යුද හමුදා සහිත රටවල් දෙකකි.
‘‘ඒ නිසා සාකච්ඡා සඳහා එන්න කියා මා ඔබට ආරාධනා කරනවා. අවබෝධයෙන් ක්‍රියා කිරීම වඩාත් හොඳයි කියා මා හිතනවා“ යයි ද පාකිස්තානු අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
පාකිස්තානයේ විශාලතම ත්‍රස්තවාදී කඳවුරක් වන බලාකොට් වෙත ඉන්දීය ගුවන් හමුදා විසින් පහර දෙනු ලැබීමෙන් පසුව පාකිස්තානු ගුවන් හමුදාවද ප්‍රතිප්‍රහාර දුන්නේය.
පාකිස්තානයේ එෆ්-16 ගුවන් යානයක් ඉන්දීය ගුවන් හමුදාව විසින් බිම දමන ලද අතර ඉන්දියාවටද මිග් යානාවක් අහිමි විය. එහිදී ඉන්දීය මිග් යානා දෙකක් බිම වැටුණු අතර ඉන්දීය ගුවන් නියමුවකු පාකිස්තානයේ අත්අඩංගුවට පත්වූ බව කියැවේ.
පාකිස්තානු ප්‍රති ප්‍රහාර ක්‍රියාත්මක වූයේ “නියම වෙලාව ආවම නියම තැන අපි තෝරගන්නම්“ යයි ඉස්ලාමාබාදයෙන් කළ අනතුරු ඇඟවීමකින් පැය කිහිපයකින් පසුවය. පාකිස්තානු යුද හමුදාවේ ප්‍රකාශක මේජර් ජනරාල් අසිෆ් ගෆූර් මහතා “අපි නුඹලාව මවිතයට පත්කරනවා....ඒ මවිතයට සූදානමින් ඉන්න“ යයි පැවසීය.
COMMENTS
ඒකනේ මම වෙන තැනක ලීවේ "සාමය අවශ්‍යනම් යුද්දෙට සැරසෙන්න කියා".
දැන් පවතින තත්වයේ හැටියට මෝදි ඉල්ලංකන බවයි අපිට කියන්නට තියෙන්නේ... ඒ නිසා සාකච්ඡා කරලා ගොඩින් බේරගන්නවා නම් තමයි මෝදිට හොඳ...
එක්කෙනෙකුටවත් පක්ෂ වෙලා බැහැ. දෙගොල්ලොම අපිට ඉහඳ මැස්සෝ වගේ තමයි. අඟේ ඉඳන් කනකනවා. කෙළගෙන දෙගොල්ලොම ටිකක් සල්ලන් වෙනවා නම්?
පසුබිම් හේතුව කුමක් වුනත් ඉම්රාන් ඛාන් කියා ඇති වචන ටික වැදගත්. රටක යහපත වෙනුවෙන් තමන්ගේ අහංකාරකම් කැප කරන්න නායකයන් හිතට ගන්නවා නම් යුද්ධ අවශ්‍ය නැහැ.
ඔන්න ඇස්පනාපිටම පෙනෙනවා නේද කරන්න ඕන දේ.
මේක මෙතනිම්ම නතර වෙන එක හොඳ දෙයක් .නැත් නම් අපිටත් ලොකු බලපෑමක් වෙනවා .
වැඩේ පටන් ගත්තේ ඉන්දියාවෙන් නොවී නේ.පාකිස්තානේ පැත්තේ ඉන්න ත්‍රස්තවාදීන් ඉන්දීය හමුදා බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කරලනේ .ඉතින් ඉම්රාන් ට ඕනෙම නම් එයාගේ පැත්තේ ඉන්න ත්‍රස්තවාදී ටික නැති කරන්න පුළුවන්නේ. ඉන්දියාව ලංකාවේ මුහුදු සීමාව උල්ලංගනය කරලා බේරුනාට පකිස්තානෙත් එක්ක බැහැ වගේ .
ඔන්න ඔ්කයි තත්වේ 1971 නම් මේ රටවල් දෙකටම කතා කරන්න සිර්මාවෝ බණ්ඩාරනායක නම් නයිකාවක ලංකාවේ හිටිය
උබල කෙලගන්නකොට පරිස්සමින් අපේ පැත්තට එහෙම අරව මේවා වට්ටන්නේ නැතුව.
සිංහයොත් තණකොළ කනවලු.
ඉම්රාන් බොහොම පරිනත නායකයෙක් වගේ හිතෙන්නේ . වයස ගියත් මෝදි හරි මෝඩ වගේ
ලෝකෙට ඉස්ලාම් ත්‍රස්තවාදය නිපදවන එක රටක් තමා පාකිස්ථානය.