
(පුෂ්පකුමාර ජයරත්න)
ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක සිදු වූ බව කියන පිපිරීමකින් අයියා මලෝ දෙදෙනකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
කිසියම් අත්හදා බැලීමක් සිදු කිරීමට යාමේ දී මෙම පිපිරීම සිදුවූයේ දැයි දැනගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
අවුරුදු සමයේ අලෙවි කිරීමට ගෙනා රතිඤ්ඤා එකතු කර යකඩ බටයකට පුරවා එය කෑපීමට යාමේදී මෙම පිපිරීම සිදුව තිබේ.
මල් වෙඩිල්ලක් සෑදීමට යාමේදී මෙම පිපිරීම සිදුවූ බව ඔවුන් පොලිසිය කියා ඇත.
මෙම පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ස්ථානයට ගොස් ඇත.
පිපිරීමෙන් මල්ලීගේ දැත්වලට දැඩි හානි සිදුව ඇති බවත් අයියාගේ අතැඟිලිවලට දැඩි තුවාල සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ගියයි.
කෙසේ වූවද මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩදුර පරීක්ෂණ සිදුකරයි.
(ඡායාරූප ඉබ්බාගමුව අජන්ත බණ්ඩාර)



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.