
(අංජුල මහික වීරරත්න)
ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය අද (2) අට වන දිනටත් අඩාල විය.
බොහෝ ඉන්ධන හල් වල පෙට්රල් නිකුත් කෙරුණද ඩීසල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කර තිබිණි.
ඉන්ධන හල් වල "ඩීසල් නිකුත් කරන්නේ රුපියල් 3000 දක්වා පමණි" යනුවෙන් ලියූ පුවරු ද සවිකර තිබිණි.
කොළඹ නගරයේ ඉන්ධන හල් අසල කිලෝමීටර දෙකක් තුනක් දුරට විහිදී ගිය වාහන පෝලිම් දැකගත හැකි විය.බස්,ලොරි ඇතුළු ඩීසල් වාහන මෙලෙස පෝලිම් වල නතර කර තිබුණි.
ඉන්ධන නොමැති වීම හේතුවෙන් බොහෝ ඉන්ධන හල් වසා දමා තිබූ අතර "ඉන්ධන නැත" ලෙස සඳහන් පුවරු ඒවායේ සවිකර තිබිණි.
ඉන්දන හල් අසල වාහන පෝලිම් නිසා මාර්ග වල දැඩි තදබදයක් පැවති අතර ඉන්ධන හල් අසල තදබදය පාලනය කිරීම සඳහා පොලිසිය ද යොදවා තිබිණි.
ඉන්ධන ලබා ගැනීමට වාහන පෝලිම් වල පැය ගණන් රැඳී සිටිය යුතු හෙයින් ඇතැම් රියැදුරන් වාහනය පෝලිමේ නතර කර වෙනත් කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ අයුරු ද දැකගත හැකි විය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.