
(යොහාන් භාසුර)
ජාතික විදුලි පද්ධතියට විදුලිය ජනනය කරන ඉන්ධන විදුලිබලාගාර 10 න් අටක්ම ඉන්ධන නොමැතිවීම නිසා අක්‍රීය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම බලාගාර අට අක්‍රීය වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 424 ක් අහිමිවී ඇති බව කී එම නිලධාරියා සපුගස්කන්ද ඒ සහ බී බලාගාර දෙක සහ ‘සොජිට්ස්’ බගාලාරය පමණක් මේ වන විට ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
යුගදනවි බලාගාරය සඳහා ඉන්ධන අද දිනයේ ලබාදෙන බවට ඛනිජ තෙල් සංස්ථාව පවසා තිබූ බවත් නැප්තා මේ වන විට විදුලිබලාගාරයට පොම්ප කරමින් සිටීම නිසා එම ප්‍රමාණය අද දිනයේ පාවිච්චි කළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ආණ්ඩුවට එකම තෙල් ලිඳක් හෝ හාරා ගැනීමට බැරිවීම නිසා තමයි මේ ඉන්ධන අර්බුධය. (ලොක්කා කියයි.) බයියෝ අත්පොලසන් දෙති.
දැන් සැපද? සර් ෆේල්...!
එදාවේල ටුවර්ස් අධිපති, බැසිල් මොල හතාස් කිව්වලු කියන්නේ.., ‘‘දිගටම රෝල ගහගෙන යමු.‘‘ කියලා... ‘‘පෙට්ටි කඩේ මුදලාලි වගේ රටක ආර්ථික පාලනය කරන්න පුළුවන් කියලා එයාට කියලා දුන්නු කෙනාව හොයමු...