(යොහාන් භාසුර)

ඉන්ධන මිල ඉහළ දමන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් අද (18) නැවත ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව ද වැඩි වීම නිසා එම ඉල්ලීම නැවත කළ බව කී සභාපතිවරයා රජය වර්තමාන තත්වය පිළිබඳව අවධානය යොමු කර මිල ඉහළ දැමීමකට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16 ක ද, ඩීසල් ලීටරයකින් රුපියල් 30 ක ද, පාඩුවක් ලබන බවත් ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල ඉදිරියේදී තව දුරටත් ඉහළ යෑම මත පාඩුව වැඩි වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා කීය.