(ඩයනා උදයංගනී)

ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇත.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වනුයේ රුපියල් 207කි.

ඩීසල් ලීටරයක නව මිල වනුයේ රුපියල් 121ක් සහ සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 159ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 87කි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)