(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ආනයනය කළ සහල් දේශීය වෙළෙඳ නාමයන් සඳහන් මළුවල අසුරා අලෙවි කිරීමේ ජාවාරමක් වැටලූ පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් විමර්ශන ඒකකය නිකවැරටිය ප්‍රදේශයේදී සහල් කිලෝ 7,500 ක ට මුද්‍රා තැබිය.

ඉන්දියාවෙන් ආනයනය කරන නාඩු සහල් කිලෝවක මිල රුපියල් 115 ක් බවත් දේශීය වෙළෙඳ නාමයන් යටතේ එම සහල් කිලෝවක් රුපියල් 140 කට අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියකු පැවැසීය.