(ටී.කේ.ජී.කපිල සහ හර්ෂණ තුෂාර සිල්වා )
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා කෙටි සංචාරයක් සඳහා අද (19) පස්වරුවේ මෙරටට පැමිණියේය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ඉන්දීයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනකු ද සමඟ අද (19) රාත්‍රි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට නියමිතව තිබිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දියාවට පැමිණෙන්නැයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ආරාධනය රැගෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණි බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ආචාර්ය ෂිල්පක් අම්බුලේ සහ එම අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාප සම්බන්ධීකරණ ලේකම් අමිත් නාරන්ග් යන මහත්වරු ද මෙරටට පැමිණ සිටිති.
හෙතෙම හෙට (20) පෙරවරුවේ නැවත ඉන්දියාව බලා පිටත්ව යන බවද ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබිණි.
COMMENTS
චීනයට පෙර අඩියක් ඉදිරියෙන්...
ආවා ගුලිය අඹරන්න අලුත් එක්කෙනාට
සංචාරයකට ආවා කිව්වේ ඔය අනුරාධපුරය, සීගිරිය, පොලොන්නරුව එහෙම බලන්න වෙන්න ඇතිනේ. අනේ හොඳයි, ඒවා බලාගෙන යන ගමන් අපි චීනෙට වඩා ණය දෙන්නම් වගේ වචන එහෙම කියනවා නෙමෙයි ඔන්න. අපි දැන් ඇතිවෙන්න ණය වෙලයි ඉන්නේ.
අනේ මොකද්ද මේ හදිස්සිය, පස්සේ එන්න තිබුනනේ, පුදුම ආදරයක් පව්.
ඔන්න පටන් ගත්තා. සුපුරුදු උපදෙස් ටික දෙන්න වෙන්න මන් හිතේ....
මෙච්චර හදිස්සියෙන් එන්නේ හොඳකට නොවේ.
නූතන ඉන්දියාවත් එක්ක කරපු සියලුම ගනුදෙනුවලින් අපිට සිදු වුනේ විනාශයක් පාඩුවක්. දැන්වත් ඔය ඉන්දියාව එක්ක බොහොම පරිස්සමට වැඩ කරන්න. කොහොමත් විශ්වාස කරන්න බැරිම ජාතියක්.
රසික, සුව සැරිය එහෙම විනාශයක් නේ.
ඉන්දියානු රජයේ ඉහල තනතුරු තමිල්නාඩු දෙමළ අයට ලැබෙන්නේ නැහැ නේද?