IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉන්දිය දුම්රිය මැදිරි ගෙන්වීම අවලංගු කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

(රේඛා තරංගනී ෆොන්සේකා)

පසුගිය රජයේ ඇනවුමකට අනුව කොළඹ වරායට ඉන්දියාවෙන් ගෙන එනු ලැබු ඉන්දියන් මැදිරිවල ඉතිරි දුම්රිය මැදිරි 150 මෙරටට ගෙන්වීම අවලංගු කරන මෙන් ඉල්ලා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සහ දුම්රිය එන්ජින් රියදුරු සංගමය විසින් අද (10) විරෝධතාවක් ආරම්භ කරනු ලැබීය.

කොළඹ වරායට ගෙන එනු ලැබූ මැදිරි තත්ව පරික්ෂාවන්ට ලක් කිරීම සඳහා රත්මලාන දුම්රිය අංගනයට ගෙනයාමට නියමිතව තිබුණත් එය සිදු කිරීමට නම් අදාළ දුම්රිය බලධාරීන් විසින් ඉදිරිපත් කරන දුම්රිය මැදිරි 150 ලංකාවට ගෙන්වීමේ තීරණය අවලංගු කළ යුතු යැයි පවසමින් එම සංගම් විසින් මෙම විරෝධතාවය පැවැත්විණි.

දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතාගෙන් සහ දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස් මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසූයේ මේ වන විට චීන මැදිරි සීයක් දුම්රිය අංගනවල ගාල් කර ඇති බවත් එකී දුම්රියන් ධාවනය යෙදවීම පසෙකලා මේ ආකාරයෙන්  ඉන්දිය දුම්රිය මැදිරි  තව තවත් ගෙන්වීම මහජන මුදල් අපතේ යැවීමක් බවයි.

 ඒවා ජනතාවගේ මුදල් නාස්ති නොකර ඇනුම් කර ඇති දුම්රිය මැදිරි 150 ඇනවුම අවලංගු කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්වූ බවයි.

එහිදී දුම්රිය නියාමක සංගමේ ලේකම් මනුර පීරිස් මහතාගෙන් ද අප අදහස් විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ ඉන්දියන් මැදිරිවලට වඩා උසස් තත්ත්වයෙන් යුතු මැදිරි නිර්මාණය කිරීමේ ශිල්පීය දැනුම හා තාක්ෂණික ක්‍රමවේද ලංකාව සතුව තිබෙන බවයි.

ඉන්දියාවෙන් තවදුරටත් මේ ආකාරයෙන් මැදිරි 150 ගෙන්වීම මහජන මුදල් නාස්තියක් බව සඳහන් කරන ඒ මහතා ගෙන්වූ මැදිරි නැවත හරවා යැවිය නොහැකි බැවින් ගෙන්වීමට ඇති මැදිරි නවතා දැමීමට අදාළ බලධාරීන් පියවර ගැනීම සිදුකළ යුතු බවයි.



අදහස් (15)

ඉන්දිය දුම්රිය මැදිරි ගෙන්වීම අවලංගු කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

janabala asamagi Wednesday, 10 March 2021 07:24 AM

කෝ මේ අපිට බයියන් කියන අය..? බලන්න මේ මොනවද ගෙනැල්ලා තියෙන්නේ? අයන්.. අයන්.. යකඩ ගොඩක් නේද?

:       8       8

SamithaWednesday, 10 March 2021 07:46 AM

කවුරු ගෙන්නුවත් වැරදි නම් වැරදි කියන්න තරම් කොන්දක් තියෙන එක තමයි වැදගත්.

:       4       14

Senarath Wednesday, 10 March 2021 07:29 AM

මෙයාලා පසුගිය ආණ්ඩුව දුම්රිය මැදිරි ඇණවුම් කරද්දී නිදාගෙනද හිටියේ? දැන් අවලංගු කළොත් දුම්රිය මැදිරි නොලබා තව වන්දිත් ගෙවන්න වේවි..!!! 

:       2       80

sadarana Wednesday, 10 March 2021 11:47 AM

හ්ම්.. එහෙනම් ගෙවමු ගෙවමු අපේ අලි කට්ටියටත් සාධාරණයක් වෙනවනේ.

:       2       0

බුද්ධික Wednesday, 10 March 2021 07:33 AM

මහජන මුදල් නාස්තිය ගැන දුක් වෙන තරමක්...! මහජනයා පීඩාවට පත් කරමින් වර්ජන කර අසීමිත ලෙස වැටුප් වැඩි කර ගත් නුඹලා මුදල් නාස්තිය ගැන කතා කරන අපූරුව.....!

:       4       45

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 March 2021 07:45 AM

තාම මේ රටේ දුම්රිය මැදිරි නිපදවන්න යන්තම් ආරම්භ කළා විතරයි. හොඳහැටි ධාවනය කර බලා තමයි ස්ථිර තීරණයක් ගතයුත්තේ. අලුතෙන් හැදීම ගැන නම් මොකුත් කියන්න දන්නේ නැහැ. ඒත්, පරණ පෙට්ටි අලුත්වැඩියා කරලා තියෙන හැටිනම්, කිසිම ගතියක් නැහැ. සමහර පෙට්ටිවල තිබෙන ටොයිලට් ඉවත්කර එතැන තහඩු ගසා හදා තිබෙනවා. බල්ලෙකුට යන්න බැහැ. බොකු බඩවැල් එළියට එන තරමට ගැස්සෙනවා. දේශපාලකයන් මෙහේ හදන ඔය කොච්චි පෙට්ටිවල යන්නේ නැහැ. වැඩ පුළුවන් නම්, ගැටලුවක් නැහැ. ඒත්, අලුත් පෙට්ටි නිසි ප්‍රමිතියක් හා ආරක්ෂාවක්, වගකීමක් සහිතව නිපදවන්න පුළුවන් නම් පමණක් එසේ කරන්න. නැතිනම්, පෙර විදිහටම පිටින් ගෙන්න. ජනතාවට අවැසි වන්නේ හොඳ ගුණාත්මක බවින් යුත් දුම්රිය සේවයක්. එහෙම නැතිව මේ සංගම්වල පුහු පම්පෝරිය නෙමෙයි.

:       2       32

Bandara Wednesday, 10 March 2021 08:12 AM

හදල ගොඩබානකම් මොකද දන්නේ නෑ කලේ... අන්තිමට බලපුවාම හැම වැඩක්ම කරල තියෙන්නෙ පහුගිය රජය...

:       0       33

දර්ශන Wednesday, 10 March 2021 08:31 AM

ඇයි මෙයාලා බබාලද? ඉන්දීය මැදිරි 160ක් එනව කියන්නෙ දැන් මාස ගාණක ඉදන්. 10 ගෙනාවට පස්සෙ මොකද මේ බොරුවට දඟලන්නෙ. මේව නතර කරන්න ඕන ගේන්න කලින් ඉඳලමයි. ඇත්නෙත්ම මේවා තත්වයෙන් පට්ටම බාල බඩු. ඒත් මේ කරන්නේ නිකං බොරුවට ලකුණු දාගන්න වැඩක්

:       0       32

සේනක Wednesday, 10 March 2021 08:41 AM

1990 ත් එපා කියමු. එතකොට අපි 100% ක් ශ්‍රී ලාංකිකයි.

:       0       13

Felix Wednesday, 10 March 2021 10:24 AM

මෙම ඉන්දියානු මැදිරි ප්‍රතික්ෂේප කිරීම චීන්නුන්ගේ කොන්තරාත්තුවක් විය හැකිය.

:       1       5

janahitha Wednesday, 10 March 2021 11:42 AM

හත්වලාමේ අලි හිතන හැටි..!!! යකඩ පට්ටම් අටවලා පෙට්ටි හදන්න අපිට බැරිද? මේක ගෙන්නපු අයව එල්ලන්න වටිනවා.

:       0       0

ලුම්බිණි Wednesday, 10 March 2021 10:45 AM

චීනයෙන් පොඩි ගණනක්වත් හම්බ වුණාද?

:       0       4

duminda Wednesday, 10 March 2021 10:55 AM

දැනට තියෙන මැදිරි කොච්චර අබලන්ද? ඇයි මේවා ටික භාවිතයට අරගෙන ඉවත් කරන ඒවා ප්‍රතිසංස්කරණය කරන්න බැරි..? මෝඩ යක්කු බොලව්..

:       0       0

janabala asamagi Wednesday, 10 March 2021 11:45 AM

කොළපාට, පොහොට්ටු පාට කණ්ණාඩි ගලවලා බැලුවා නම් පෙනෙනවා තත්වේ. වරායේ සේවකයන්ගෙන් අහන්න තත්වේ. ඔන්න ඕකයි තත්වේ.

:       1       0

magiya Wednesday, 10 March 2021 01:52 PM

මහජනතාව මාස ගාණක් උගසට තබා වර්ජනය කරමින් මහජනතාව අමාරුවේ දාපු නිවටුන්ට මහජනතාවගේ මුදල් ගැන කතා කිරීට ඇති අයිතිය කුමක්ද? මෙයා නේද කොටුවේදී මගීන්ගෙන් ගුටිකා ආරක්ෂාව පිණිස නිවටයකු මෙන් දුවනවා දැක්කේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 71 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site