ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් ඉකුත් සිකුරාදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී හමුදා හිස්වැසුම්වලට සමාන හිස්වැසුම් පැළැඳ තරගයට සහභාගී වීමට එරෙහිව දැඩි පියවර ගන්නැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඉල්ලා ඇත.
පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායමක් වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එල්ල කරන ලද ප්‍රහාරයෙන් මියගිය ඉන්දීය හමුදා සාමාජිකයන්ට සහයෝගය පළ කිරීමක් ලෙස ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ පසුගිය සිකුරාදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගයේදී ඔලිව් සහ කළු පැහැති හමුදා හිස්වැසුම්වලට සමාන හිස්වැසුම් පැළැඳ ක්‍රීඩා කළහ.
කාශ්මීරයේ පුල්වාමාහිදී හමුදා රථ පෙළකට එල්ල වූ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉන්දියාව පාකිස්තානයේ සන්නද්ධ කණ්ඩායම් සිටින බව කියන ස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඊට ප්‍රතිචාර දැක්වීමක් ඊට පසු දිනයේදී පාකිස්තාන හමුදා ද ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් හමුදා හිස්වැසුම්වලට සමාන හිස්වැසුම් පැළැඳීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැනුවත් කළ බව කරච්චි නුවරදී මාධ්‍යවේදීන් අමතමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉෂාන් මානී පැවැසීය.
“ක්‍රිකට් සහ වෙනත් ඕනෑම ක්‍රීඩාවක් දේශපාලනය සඳහා භාවිත නොකළ යුතු බව අපි විශ්වාස කරනවා. ඒ බව අපි පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ක්‍රිකට් ලෝකයේ ඔවුන් පිළිබඳව තිබෙන විශ්වාසනීයත්වය නරක විදියට පහළට වැටිලා” යැයි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා කීය.
තරගය අතරවාරයේදී හමුදා හිස්වැසුම්වලට සමාන හිස්වැසුම් පළඳිමු යන යෝජනාව පැමිණ ඇත්තේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ වත්මන් ඉන්දීය කණ්ඩායමේ කඩුළු රකින්න වන මහේන්ද්‍ර සිං දෝනිගෙනි. ඔහු ක්‍රිකට් ලෝකය තුළ සුප්‍රකට ක්‍රිකට් තරුවක් වන අතර ඉන්දීය හමුදාවේ ගෞරවාන්විත ලුතිනන් කර්නල්වරයෙකි. තරගය ආරම්භයට පෙර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට හිස්වැසුම් බෙදා දුන්නේ ද ඔහුය.
එලෙස හිස්වැසුම් පැළැඳීමට පෙර අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් අවසර ගත් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. අරමුදල් සෙවීමට සහාය වීමක් එලෙස හමුදා හිස්වැසුම්වලට හුරු හිස්වැසුම් පැළැඳීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් අවසර හිමි වූ බව ද එම වාර්තාවල දැක්විණි.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයන්ගේ පවුල්වලට සහාය දීම ඉන්දීය ක්‍රීඩකයන් එදින තරගයෙන් ලැබෙන තරග ගාස්තුව ජාතික ආරක්ෂක අරමුදලට පරිත්‍යාග කරන බව එම කණ්ඩායමේ නායක විරාත් කෝලි පැවැසීය. එම අරමුදලට දායක වන්නැයි ඔහු ඉන්දියාවේ සියලු දෙනාගෙන් ද ඉල්ලා සිටියේය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඇඳුම් පැළැඳුම් සහ උපකරණ සම්බන්ධයෙන් පවතින රෙගුලාසි කඩ කරමින් දේශපාලන ප්‍රකාශ කිරීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් සභාව මීට පෙර එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පා දඟ පන්දු යවන්නා වන ඉම්රාන් තාහීර්ට එරෙහිව දැඩි පියවර ගත් බව ද ඉෂාන් මානී කීවේය.
“අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගත්තා. ඉන්දියාවට එරෙහිවත් එවැනිම පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන් අවසර ගත්තේ වෙනත් දෙයකට. එහෙත් ඔවුන් කටයුතු කළේ වෙනස් විදියකට. පළවෙනි දවසෙම අපි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට මේ ගැන දැනුම් දුන්නා. අපි දැනටමත් එකි ලිපියක් යොමු කළා. ඊළඟ පැය 12 ඇතුළත අපි තවත් ලිපියක් යොමු කරනවා.
අපි මෙය සුළුවෙන් තකන්නේ නැහැ. නොසලකා හරින්නෙත් නැහැ. ඊට එරෙහිව අපි උපරිම පියවර ගන්නවා” යැයි ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා තවදුරටත් පැවැසීය.
(රොයිටර් ඇසුරිනි 055)
2025 දෙසැම්බර් මස 04
274
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
389
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය ක්‍රීඩකයන්ගේ හමුදා හිස්වැසුම් පාකිස්තානයට නොරිසි වෙයි
Ruby Monday, 11 March 2019 11:10 AM
ඔන්න දැන් ඉන්දියාවට කඩේ යන අයට තරහ යාවි. මටත් බනීවි...
Kumar (Gulf) Monday, 11 March 2019 07:21 PM
මේ ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් කර තිබෙන්නේ මහා මෝඩ ක්‍රියාවක්.