ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් එරට ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ජීවිතක්ෂයට පත්වී ඇත.
ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්, ඔහුගේ බිරිඳ ඇතුළි 14 දෙනකු ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානාය තමිල්නාඩු ප්‍රාන්තයේ කූනූර් නගරය ආසන්නයේ දී අනතුරට පත්විය.
කූනූර් නගරය ආසන්න කඳුකර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යනාය අනතුරට පත්වී තිබේ.
ඔවුන් ගමන් කරමින් සිට ඇත්තේ එම්.අයි - 17 වී 5 (Mi-17V5) වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් වන අතර යානයේ සිටි එක් අයකු මේ වනවිට රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
මරණයට පත්වන විට ජෙනරාල් රාවත් 63 වියේ පසු වූ අතර හෙතෙම ඉන්දියාවේ පළමු මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානියා ය. හෙතෙම එම ධුරයට උස්වීම් ලැබුවේ 2019 වසරේ ජනවාරි මාසයේ දී ය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුට
ගමේ එකාලා Wednesday, 08 December 2021 06:21 PM
උඩින් ගිය අපේ රටේ සමහර දේශපාලුවෝ මේ කතාව දැනගත්තාම සෑහෙන්න බය වෙයි. කරලා තියෙන්නේ එසේ මෙසේ වැඩද?