IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඉන්දීය අගමැති මෝදිගෙන් ඩොලර් මිලියන 450 ක්

හර්ෂණ තුෂාර සිල්වා

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ද ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ද ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලි අගනුවරදී අද (29) පැවැසීය. 

ශක්තිමත් රටක් සඳහා ශ්‍රී ලාංකික ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරමක් දී ඇති බව කී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශක්තිමත් ශ්‍රී ලංකාවක් යනු ඉන්දියාවේ පමණක් නොව ඉන්දීය සාගර කලාපයේ ද බලාපොරොත්තු යැයි ද කීවේය. 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම කරුණු කීය. 


ඉන්දියාවේ නවදිල්ලි නුවර ‘රාශ්ඨපති භවන්’ හිදී ත්‍රිවිධ හමුදා ආචාර ද ඇතිව උත්සවාකාරයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබීය. 


සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්, ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් හමුවී අද (29) ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.


ඉන් අනතුරුව ඉන්දියාවේ නවදිල්ලි නුවර ‘හයිද්‍රාබාද් හවුස්’ නිල නිවස්නයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වූහ.

 
අපගේ ‘අසල්වැසියා පළමුවෙන්’ යන විදේශ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතාවලට ප්‍රමුඛත්වය දෙන බව ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් සබඳතාවක් තිබෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම මාධ්‍ය හමුවේදී කීය. 


ඉන්දියාව සෑම විටම ත්‍රස්තවාදය එරෙහිව සටන් කරමින් ත්‍රස්තවාදීන්ට දඬුවම් කළ බව කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමටත් බුද්ධි අංශ ශක්තිමත් කරමින් ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය. 


ඉන්දීය නිවාස ව්‍යාපෘතීය යටතේ ශ්‍රී ලංකාව තුළ දැනටමත් නිවාස 46,000ක් ඉදිකර ඇති බවත් දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශවල තවත් නිවාස 14,000ක් ඉදිකරන බවත් හෙතෙම කීය. සූර්ය බල ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් දෙන බව ද අගමැති මෝදි මහතා පැවැසීය. 


ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවාලිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ජාතීන් හා වාර්ගික සහජීවනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඔහුගේ දේශපාලන දැක්ම තමන්ට පැහැදිලි කළ බව ද හෙතෙම කීය.

දෙමළ ජනතාවට ගෞරවය ඇතිව සාමය, සමානාත්මතාව සහ සංවර්ධනය ඇතුළු සියලු පරමාර්ථ සහ අභිලාෂ ඉටු කරගනිමින් ශ්‍රී ලංකාව සංහිඳියා ක්‍රියාවලිය තුළ ඉදිරියට යනු ඇතැයි තමන්ට විශ්වාස බව ද ඉන්දීය අගමැතිවරයා කීවේය. 


13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමද සංහිඳියා ක්‍රියාවලියට ඇතුළත් යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කීවේය.



අදහස් (37)

ඉන්දීය අගමැති මෝදිගෙන් ඩොලර් මිලියන 450 ක්

Mahee Friday, 29 November 2019 10:25 AM

මිනිස්සු ඔබ වටා එක් රොක් වේවි.

:       100       79

ගල්කටස් Friday, 29 November 2019 10:31 AM

මොනවා උනත් නියම සරල ජනාධිපතිවරයෙක් අපට ලැබුණා.

:       222       215

ruwan Friday, 29 November 2019 10:35 AM

මොනවද මේ ඇඳගෙන යන ඇඳුම්... හරියට තෙල් බෙහෙත් විකුණන්න යනවා වගේ... රටක නායකයා අඳින්න ඕනේ ඒ රටේ ජාතික ඇදුම්...

:       260       521

ravinFriday, 29 November 2019 06:48 PM

ඔය ඇඳුම ඇන්ද අය හරියට රට කළාද..?

:       0       1

sisiraFriday, 29 November 2019 09:45 PM

මොලයට ඔච්චර බරක් දෙන්නේ නැතුව ටිකක් නැගිටලා වට පිටාව බලන්න. අඳින ඇඳුමෙන් මිනිසෙකු මැනීම කෙතරම් පහත හා අඥාන දෙයක්ද? ඇඳුම නොව ඔහුගේ අවංක ප්‍රතිපත්ති දෙස බලන්න. ඔයතරම් කුහක විදිහට හිතන්න එපා. ඔබේ හිතේ සෞක්‍යයට හොඳ නැහැ. ටිකක් නැගිටලා මොලය සැහැල්ලු කරගන්න.

:       108       16

රජින්ද Friday, 29 November 2019 11:02 AM

ඇමෙරිකන් කොරිඩෝවක් හදන්න පසුගිය හයපාලන අනුවණයින් ගත් තීරණයේ සෘජු බලපෑම ඉන්දියාවට එල්ලවන බවත් ඔවුන් දැන සිටියා. ඩොලර් මිලියන 480 කට පෙරේතකමට මේ රට ඇමෙරිකාවට ක්‍රීඩා පිටියක් කරන්න නොදෙන බව වත්මන් ජනපති ගෝඨාභය මහත්මයා ප්‍රකාශ කළ නිසා ඊට ඉන්දියාවේත්, චීනයේත් විශේෂ සැලකිල්ලක් ලැබුනා. පේනවා නේද රටක නායකයා තමා තුලින් තම රටේ ජනතාවගේ අභිලාෂයන් ඉස්මතු කරන විට ලෝකයේ අනෙක් රටවල් ඒ නායකත්වයට ගරු කරන හැටි. ගෝඨාභය මහත්මයා අපේ රට වෙනුවෙන්ම ඉදිරියටත් මේ අකාරයෙන්ම එකම ස්ථාවරයක සිටීවි කියා අපි විශ්වාස කරනවා.

:       162       420

ChampaFriday, 29 November 2019 03:57 PM

රජින්ද කවදා කොතනකදීද ගෝඨාභය කිව්වේ "ඩොලර් මිලියන 480 කට පෙරේතකමට මේ රට ඇමෙරිකාවට ක්‍රීඩා පිටියක් කරන්න නොදෙන බව?" ගෝඨාභය කවදාවත් කිව්වේ නැහැ MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියල.

:       422       294

රාජගුරු Friday, 29 November 2019 06:39 PM

නාග චම්පා !!! නොදන්නා දේවල් වලට කටදාලා නිකම් සවුත්තු වෙන්න එපා. අනුන්ගේ වැරදි නොසොයා තමන්ගේමයි කියලා අදහසක් දමන්න බැරි ඔබ වැනි මොලේ කචල් කට්ටිය දැන් ලංකාවේ වැඩිවෙලා. කරුණා කරලා අංගොඩ රෝහලට ගොස් රෝස පාට පෙති ටිකක් ගන්න. සුමානෙකින් ඔය අමාරුව හොඳ වේවි. එහෙම නැත්නම් හෙට, අනිද්දා වෙනකොට ඔයාට දත් දොස්තර කෙනෙක් ගාවට යන්න වේවි...!!! සෙලවෙන දතක් ... ගලවා ගැනීමට.

:       142       132

සමරපාලFriday, 29 November 2019 06:52 PM

ගෝඨා කිහිප තැනකම කියලා තියෙනවා ඔය ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. අනුන්ගේ මල්ලේ සීනි කිරන්නේ නැතිව ඒ වෙලාව පත්තරයක්, හොඳ සඟරාවක්, බලලා අලුත් දේවල් ඉගෙන ගන්න. මට හිතෙන්නේ ඔබගේ ඇස් පෙනීමේ ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ වගේම වයස....?

:       122       131

ChampaSunday, 01 December 2019 03:26 PM

Rajaguru Samarapala අහපු ප්‍රශ්නයට කෙලින් උත්තර දෙන්න. නිකම් වටේ යන්න එපා. ගෝඨාභය කවදා කොතැනදීද කිව්වේ MCC අත්සන් කරන්නේ නැහැ කියලා? උත්තරේ කවදාවත් කිව්වේ නැහැ. ඒ මොකද එහෙම කියන්න බැහැ. තවම ඇමරිකන් පුරවැසියෙක් නිසා. මම තමුන්ලා වගේ අන්ධ භක්තිකයෙක් නෙමෙයි. ඒ හින්දා කියන දේ කෙලින් කියනවා...

:       0       0

KumarFriday, 29 November 2019 05:13 PM

ඉන්දියාව වසරකට ඩොලර් කෝටි ගණනක නිෂ්පාදන ඇමෙරිකාවට යවනවා. ඒ අතරට අඹ, මාලු වැනි දේවල් අඩංගු වෙනවා. ජනාධිපතිතුමා නිදහස් කරන්න යන ධීවරයන් ලංකාවේ මුහුදෙන් ලබාගන්න මාලු... ඉන්දියාවෙන් දුන්නේ ණයක් කියලා කිව්වේ නැද්ද?

:       0       69

sudath Friday, 29 November 2019 11:05 AM

මේක ඇමරිකන් ගිවිසුම් ප්‍රදානයට විකල්පයක්ද ? තවත් එවැනිම උප්පරවැට්ටියක්ද?

:       0       10

agith Friday, 29 November 2019 11:20 AM

ඕක නං ගන්න එක සුදුසුයි කියලා මම හිතන්නේ නෑ ජනාධිපතිතුමනි. ඒ හරහා ලංකාවට එන්නේ ඉන්දියන් බාල ද්‍රව්‍ය

:       3       19

upali Friday, 29 November 2019 12:04 PM

MCC අවසානය.

:       26       34

Rani Friday, 29 November 2019 12:16 PM

හොඳ මනුස්සයෙක්. තමන්ගේ වැසියන්ට වැසිකිළියක්වත් නැති එකේ අනිත් අයට උදව් කරනවා.

:       86       79

sajithFriday, 29 November 2019 07:04 PM

වැසිකිලි තියෙනවා කියන අපේ රටේ හම්බන්තොට ප්‍රදේශයේ පමණක් වැසිකිලි 45000ක හිඟයක් තියෙනවලු...

:       39       27

Champa Friday, 29 November 2019 12:43 PM

මහා ණය කන්දක ගිලිලා ඉන්න ලංකාව තවත් ණය ගන්න එක සම්පූරණයෙන්ම හෙලා දකිනවා. ඉන්දියාවෙන් ගත්තත් වෙන මොන රටකින් ගත්තත් දෙකෙන්ම වෙන්නේ නූපන් දරුවන්වත් මහා ණයකාරයෝ කරන එක. පටන් ගන්නකොටම ණය ගැනීමෙන් පෙන්වන්නේ ගෝඨාභයගේ නොහැකියාව. දැක්මක් නැතිකම. ලංකාවේ ආර්ථිකය නංවන්න කියලා ඉන්දියාවෙන් විශාල ණය මුදලක් ගන්න එක මහා විහිළුවක්. තව එක ශතයක් ණය ගන්නේ නැතුව රටේ ආර්ථිකය ගොඩ ගන්න බැරිද? පුළුවන්. ගෝඨාභයගේ සහ පොහොට්ටුවේ නොදන්නාකම මේ විදිහට තව තව මහ ණය උගුලක ලංකාව හිර කරන්න හේතුවක් නොවිය යුතුයි. කබ්රාල් කිව්වා ලංකාව වට කරලා ඉලිප්සාකාර අධිවේගී මාර්ග පද්ධතියක් හදනවා කියලා. මේ ණය මුදල ඒකට වෙන්න ඕනේ. කලින් ආණ්ඩු දෙකම ණය අරන් අධිවේගී මාර්ග හදලා තියෙනවා. ලංකාවට තවත් පාරවල්වත් ගොඩනැගිලිවත් අවශ්‍ය නැහැ. වැඩ කරන රටක් කිව්වේ මේකටද? දැන් කරන්න ඕනේ තව තව ණය ගන්න එක නෙමෙයි, තියෙන සම්පත් ටික කළමනාකරණය කරගෙන ගත්ත ණය ගෙවන එක. පළාත් සහ ප්‍රාදේශීය දේශපාලකයෝ අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුව විතරක් ඇති. පාලකයෝ දන්නා එකම දේ තමයි ණය ගන්න එක. වැඩ දන්නවා නම් ණය ගන්න ඕනේ නැහැ. ණය ගන්නේ වැඩ දන්නේ නැති නිසා.

:       627       226

AmanayaaFriday, 29 November 2019 04:23 PM

මේක ණයක් නොව ප්‍රධානයක්!!!

:       154       63

PandukabhayaSaturday, 30 November 2019 07:05 AM

Line of credit කියන්නේ ණයක් නෙවේ නම් මොකක්ද?

:       0       82

anuradhaFriday, 29 November 2019 06:42 PM

ලංකාවට තවත් පාරවල්, ගොඩනැගිලි එපා...? ඔබ මේ මොනවද කියවන්නේ...? රටක සංවර්ධනය සඳහා පාරවල්, ගොඩනැගිලි අවශ්‍ය නැතිද...? ඔබ වැනි කැලෑවේ ජීවත්වෙන කෙනෙකුට නම් ඔය ගල් ගුහාවක වුණත් ඉන්න පුළුවනි. එ්ත් අපිට බැහැ. ඔබ පාසල් ගිහින් තියෙනවාද...? 5 පන්තියටවත්..

:       76       64

ChampaSunday, 01 December 2019 03:33 PM

මම කිව්වේ තවත් අධිවේගී පාරවල් එපා තවත් ගොඩනැගිලි එපා. ඒ කිව්වේ ශ්‍රැන්ග්‍රිලා එකට විකුණපු මුළු මුදලයි, තවත් බිලියන ගානකුයි එකතු කරලා හදපු පෙන්ටගන් වගේ ගොඩනැගිල්ල ගැන. මේක ඡන්දෙට ඉස්සෙල්ල විවෘත කළා. මේකේ නඩත්තුවට විතරක් දවසකට මිලියන කීයක් යනවද? ණය අරන් තවත් අධිවේගී මාර්ග හදන්න මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. පහුගිය ආණ්ඩු දෙකම හදපු අධිවේගී මාර්ග හොඳටම ඇති. ලක්ෂ ගානක් මිනිස්සු කැලේ ජීවත් වෙනවා තමයි. එක්තරා පිරිසක් වෙනුවෙන් අධිවේගී මාර්ග සහ ගොඩනැගිලි හදන්න ගන්න මහා විශාල ණය මුදල් ඒ කැලේ ජීවත්වෙන මිනිස්සුත් ගෙවනවා කියන එක හොඳට මතක තියාගන්න.

:       0       0

kamaniFriday, 29 November 2019 06:57 PM

ණය කන්ද මතක් වෙන්නේ දැන්ද...? ඡන්දෙ දවස්වල එක එක දූෂිතයින්ට කඩේ ගිහින්, වැසිකිලි පෝච්චියක් අරගත්තාට පස්සේ අම්මෝ මෙයාගේ සැර... ඔය පෝච්චිය තිබුණාට මදි... ඕක පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා.

:       0       98

chinthakaSaturday, 30 November 2019 01:25 PM

මොකක්ද අර වැසිකිළි පෝච්චි කතාව...? ඔබ හොඳට හෝදගෙනද ඉන්නේ...?

:       0       35

පිටිගල මිලානෝ Friday, 29 November 2019 01:04 PM

ඉන්දියාව දෙමල අයට විතරද ගෙවල් හදන්නේ?

:       0       62

Sujeewa Friday, 29 November 2019 01:13 PM

ජයවේවා ඔබතුමා ඉන්දියාවත් ජයගත්තා

:       103       77

Chathuri Friday, 29 November 2019 04:52 PM

මේ මුදල් පොලියට මිසක් ණයට දුන්නේ නැහැ.., පොලී අනුපාතය කියාද? මේ මුදල්, මුදල් ලංකාවේ මුදල් ඇමති බාරගත් බවට සහතිකයක් ගන්න මම දන්නේ නැහැ කියන්න කලින්, පැරදිලා ගියෙත් මුදල් පරිහරණය දන්නේ නැති නිසා, නැවතත් ඒ තනතුරම අර ගත්තේ, මල්ලිට කියලා ශේප් වෙන්න පුළුවන් නිසාද? මේ රට මීට වැඩිය ලස්සනයි.., දේවාලේ කපු මහත්තයාව අයින් කෙරුවා නම් කකුලෙන් ඇදලා වෙට්ටු දමන්න කලින්...

:       62       75

Sydneysider Friday, 29 November 2019 04:59 PM

ඉන්දියාව නම් එන්නේ හොඳ පොටකට නෙවෙයි .... පාලකයින්ට මෙය නොතේරීම කණගාටුවට කරුණක්... ජනපති ඔබ ශ්‍රී ලාංකික ජනතාව අතින් පත්වී ඔවුන් නියෝජනය කරන හෙයින් කරුණාකර ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන ඇඳුමින් සැරසී ජාත්‍යන්තරය වෙත යන්න.

:       0       13

Bamunuarachchi Friday, 29 November 2019 09:08 PM

අර ණය එපා කියන උදවිය ඔවුන්ගේ ගෙවල්වලින් ගෙනත් භාණ්ඩාගාරය පුරවන්නේ නෑනේ...!

:       1       0

KumarSaturday, 30 November 2019 03:55 PM

ඔය මහත්මයත් පසුගිය රජය කලේ ණය එපා කිව්ව කෙනෙක් නේද? දැන් ණය ගන්න එක හොඳ දෙයක්ද?

:       0       0

rana Saturday, 30 November 2019 04:04 AM

ඔබතුමා ඉන්දියාවත් ජයගත්තා... නැහැ. නැහැ. ඉන්දියාවෙන් ණය ගත්තා 13 දෙන්න පොරොන්දු වුණාද?

:       1       1

denin Saturday, 30 November 2019 05:36 AM

වත්මන් ජනාධිපතිතුමා අඳින ඇඳුම හොඳටම හොඳයි. සමහරු දේශපාලනයට ආවහම අඳින ඇඳුමක් තියෙනවා. ඒකට ජනතාව කියන්නේ කෛරාටික ඇඳුම කියා.

:       1       1

sandy Saturday, 30 November 2019 07:13 AM

ඔක්කොම ඔටුවන් ටික අපේ කූඩාරමට සම්පූර්ණයෙන්ම රිංගන්නමයි ලැහැස්තිය. දැනටත් ඔලුව දාලා තියෙන්නේ. අපි සහ නූපන් දරුවන් එකට විඳවනවා. ඉතුරු ටිකත් දැම්මා නම් සනීපයි. මම මීට කලිනුත් අදහසක් දැම්මා කව්රුවත් පිනට දෙන්නේ නැහැ. එහෙම උණුවෙන හිත් දේශපාලනයේදී නැහැ. තමන්ගේ රටේ කොයිතරම් ප්‍රශ්න තියාගෙනද තව රටක ප්‍රශ්නයකට මැදිවෙන්නේ කියලා. කියනකොට මෙහෙමයි. කරනකොට මෙහෙමයි.

:       0       80

sena Saturday, 30 November 2019 09:09 AM

අනේ සර්, කැමති දෙයක් අඳින්න. කැමති විදිහට ඉන්න එ්ත් තවත් ණය නම් එපා...

:       0       1

Nandalal DE SILVA - France Saturday, 30 November 2019 09:23 AM

වසර දහයක් තුළ, මහින්ද අයියා අපේ ශ්‍රී ලංකාව චීනාට උගස් කරලා ණය ගත්තා. මලයා ජනපතිවෙලා සති දෙකක් යන්න ඉස්සරවෙලාම ඉන්දියාවට අපේ රට උගස් කිරීමේ කර්තව්‍යයට අඩිතාලම දැම්මා..! ඔහොම ගියොත් ස්වාසිලන්තයෙන්, උගන්ඩාවෙන් සෝමාලියාවෙන් වගේ රටවලිනුත් ණය ගැනීමට බැරි කමක් නැහැ...

:       0       59

ජයන්ත Saturday, 30 November 2019 03:00 PM

උතුරු නැගෙනහිරට 13 බලය ‌දෙනවා කියලා ‌පොරොන්දු ‌වෙලා මිලියන 450 ක් අරන් එනවා. ඒකට අපේ රටේ හුරේ දාන ‌කොටසකුත් ඉන්නවනේ.

:       0       6

menaka Sunday, 01 December 2019 05:07 AM

මින්පසු හිඟාකෑමට අවසර ඇත්තේ රජයට පමණයි !!!

:       0       0

Nandalal DE SILVA - FranceTuesday, 03 December 2019 05:31 PM

දැන් හිඟා කෑම තහනම් කරපු නිසා පොලිසියෙන් අල්ලාගෙන දඩ නොගහා, හිඟන කෑම්ප් වලටත් නොයවා, අවවාද කර නිදහස් කර යවන බව ජනාධිපතිවරනයෙන් පසු පළවූ පුවත්පත් වර්තාවක තිබුනලු. එත් ඉතින් මෙහෙම මහා පරිමාණයේ ණය ගන්න ලොක්කන්ට අවවාද දෙන්න ගියොත්, අවවාද දෙන කෙනාට රජයේ බෝඩිමේ ලැගුම් ගන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 632 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1037 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site