
(නිමන්ති රණසිංහ)
අටවැනි වරටත් පැවැත්වෙන ‘ඉන්දු ලංකා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය’ අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී හෙට (03) ආරම්භ වන බව යුද හමුදාව පවසයි.
ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් 18 දෙනකු සහ සෙසු නිලයන් 102 දෙනකු සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් ඇතු`ථ භට පිරිස් 120 දෙනකු මෙම යුද අභ්‍යාසය සදහා එක්වීමට නියමිතව ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.
මෙම මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අශ්‍යාසය සඳහා සහභාගී වන ඉන්දියානු යුද හමුදා කණ්ඩායම අද (02) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණී බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ඉන්දියානු යුද හමුදාවේ කර්නල් ප්‍රකාශ කුමාර් මහතාගේ නායකත්වයෙන් පැමිණී එම භට පිරිස මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බි්‍රගේඩියර් පී. එන්. ගොඩැල්ලවත්ත සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා විසින් ගුවන් තොටුපලේදී පිළිගනු ලැබූ බව ද ඔහු පැවසීය.
ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අධ්‍යක්ෂ ලෙස 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් නිශාන්ත මානගේ මහතා කටයුතු කරන බව යුද හමුදාව සදහන් කරයි.



2025 දෙසැම්බර් මස 18
665
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
322
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව සහ ලංකාව එක්ව යුද අභ්‍යාසයක
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 03 October 2021 04:37 PM
අසල්වැසි ඉන්දියාව සමග සහයෝගයෙන් වැඩ කටයුතු කළ යුතුයි.