IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ සිටින ලාංකික වන්දනාකරුවෝ කඩිනමින් ශ්‍රීලංකාවට

(තිළිණි ද සිල්වා )

දැනට ඉන්දියාවේ සිටින  ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1,200 දෙනෙකු  කඩිනමින් නැවත ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අවශ්‍ය  කටයුතු නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව  පහසුකම් සලසමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
 
වේගයෙන් පැතිරෙන කොවිඩ්-19 වයිරසය  නිසා පනවා ඇති සංචාරක හා වෙනත් සීමාකිරීම් සැලැකිල්ලට ගනිමින් විදේශ සබඳතා අමාත්‍යාංශයේ හා බුද්ධ ශාසන අමාත්‍යාශයේ සම්බන්ධීකරණය යටතේ මෙම පියවර  ගනිමින් සිටින්නේ යැයිද එම අමාත්‍යාංශය පෙන්වා දේ.
 
නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සොයාගනු ලැබූ තොරතුරු අනුව මෙරට වන්දනා නඩ විසිදෙකකට අයත්  ලාංකික වන්දනාකරුවෝ එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ සිටින්නේ යැයිද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
 
පවතින තත්ත්වය සැලැකිල්ලට ගනිමින් නැවත දිවයිනට යෑමට කටයුතු කඩිනම් කරන ලෙසට එම තානාපති කාර්යාල වන්දනා නඩවලින් ඉල්ලීමක් කොට ඇතැයි  එම අමාත්‍යාංශය කීය.
 
මෙම වන්දනාකරුවන් ඉන්දියාවට පැමිණ ඇත්තේ රජය ඉකුත් 09 වැනිදා  දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට පෙර යැයි ද එම අමාත්‍යාංශය කියයි.
 
 කෙසේ වුවදලඇතැම් වන්දනා නඩ මේ අවස්ථාව වන විට සංචාරයේ යෙදී සිටීම හේතුවෙන් ඉන්දියාවේ පිහිටි  ලාංකික බෞද්ධ විහාර සහ වන්දනා නඩ සම්බන්ධ කරගැනීමෙන් ගණනය කරනු ලැබූ මෙම සංඛ්‍යා ලේඛනවල ඇතැම් වෙනස්කම් ඇති විය හැකි බවද අමාත්‍යාංශ කියා සිටී.
 
 
මෙම වන්දනාකරුවන්ගෙන් බොහෝ දෙනකු ඉදිරි දින කිහිපය තුළ නවදිල්ලිය හා චෙන්නායි නුවර හරහා යළි  ලංකාවට පැමිණීමට නියමිත අතර  ගුවන් ප්‍රවේශ පත්‍ර වෙනස් කරවාගැනීමට අදාළ ගුවන්සේවා සමාගම් සමඟ සාකච්ඡා කිරීමද ඇතුළුව එම වන්දනාකරුවන් යළි පිටත්කිරීමේ කටයුතුවලට ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පහසුකම් සපයන බවද විදේශ සබදතා අමාත්‍යාංශය පැවසීය.



අදහස් (2)

ඉන්දියාවේ සිටින ලාංකික වන්දනාකරුවෝ කඩිනමින් ශ්‍රීලංකාවට

ජයරත්න Tuesday, 17 March 2020 11:26 AM

මම දන්න වයසක දෙපලක් දැන් දඹදිව ගිහිල්ලා ඉන්නවා. ඒ අයට යන්න කැමැත්තක් තිබුනේ නැහැ. ඒත් සංචාරක ආයතනය බැඳපු සල්ලි නැවත දෙන එක ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඒ ගොල්ලෝ අකමැත්තෙන් ගියා. ගුවන් ආයතන සහ සංචාරක ආයතන මේ වෙලාවේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන හිතලා නැවත මුදල් දෙනවා නම් හොඳයි..

:       0       0

samare Tuesday, 17 March 2020 11:37 AM

එංගලන්තයේ ඉන්න දරුවන්, නෑදයින් ගෙන්න ගන්න විශේෂ ගුවන් යානයක් යවන්න හොර දේශපාලුවන්ට ගතවුනේ පැය ගණනයි. මේ මිනිස්සු අඩු ගණනේ තව සුමානයක්වත් රස්තියාදු කරාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 222 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site