IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට ඩ්‍රෝන යානාවකින් අත්බෝම්බ දමයි

ඩ්‍රෝන යානා වලින් දැමූ බවට සැකකෙරෙන අත්බෝම්බ 11ක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගුදාස්පූර් දිස්ත්‍රික්කයේදී  ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.            

මේවා පකිස්ථානයේ රාවල්පිණ්ඩි හි පිහිටි ආයුධ නිශ්පාදනාගාරක නිපදවා ඇති බවට විශ්වාස කරන බව පොලිසිය පවසයි. අත්බෝම්බ තොගය ඉන්දු පකිස්ථාන දේශ සීමාව හරහා ගෙන එන්නට ඇතැයි ද ඔවුහු කියති.


ගුර්දාස්පූර් ප්‍රදේශයේ චක්රි දේශසීමා මුරපොලේ ආරක්ෂක භටයන් පිරිසක් සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේදී ඩ්‍රෝන යානයක් ඉන්දියානු භූමියට ඇතුළු වන අයුරු දැක තිබේ. ඔවුන් ඩ්‍රෝන යානයට වෙඩි තබා ඇති නමුත් එය බිම හෙළීමට සමත් වී නැත. ඔවුන් පන්ජාබ් පොලිසියට ද මේ බව දැනුම් දී ඇත.       

            
මේවා ප්ලාටික් පෙට්ටියක අසුරා තිබූ බවත් ආර්ගස් වර්ගයේ එච්ජී - 84 ශ්‍රේණියට අයත් ඒවා බවත් පොලිසිය සඳහන් කරයි. 


පසුගිය මාස 15ක කාලය තුළ මෙලෙස ඉන්දියානු දේශ සීමාව හරහා හොර රහසේ රට තුළට ගෙනආ ගිනි අවි හා අත්බෝම්බ අවස්ථා අටකදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.


ගිනි අවි විශාල ප්‍රමාණයක් ගෙනයා හැකි ආකාරයට චීනය විසින් නවීකරණය කරන ලද ඩ්‍රෝන යානා පකිස්ථානය විසින් මිලට ගෙන ඇති බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීමෙන් සති කිහිපයකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.


දිල්ලියේ ත්‍රස්ත මර්ධන නිලධාරීන් පවසන්නේ පකිස්ථාන ත්‍රස්ත කණ්ඩායම් සහ අයිඑස් ත්‍රස්තයන් අවි ආයුධ ජාවාරම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කරන බවයි.


"මෑතක සිට ප්‍රබලත්වයෙන් සහ විශාලත්වයෙන් වැඩි ඩ්‍රෝන යානා නිපදවන අතර මේවා විශාල ආයුධ ප්‍රමාණයක් ගෙන යෑමට පමණක් නොව දේශ සීමා ප්‍රදේශ වල ආරක්ෂක කඳවුරු වලට පුපුරන දුව්‍ය හෙලීමට ද භාවිතා කළ හැකිය." යනුවෙන් ඔවුහු පවසති.

මෙමගින් අයිඑස්අයිඑස් සංවිධානයට අයත් කලිස්ථානි ත්‍රස්ත කණ්ඩායම් වලට මෙන්ම ජම්මු හා කාස්මීරයේ ඔවුන්ගේ කණ්ඩායම් වලට ආයුධ සැපයීම ද වැඩි දියුණු කළ හැකි බව සඳහන් වේ.

ආර්ජස් එච්ජී - 84 වර්ගයේ අත්බෝම්බ, පුද්ගලනාශක පිපිරුම් උපකරණයක් වන අතර මීටර් 30ක් පමණ දුරින් සිට වීසි කරනු ලබයි. පිපිරුම් අරය තුළ දැවැන්ත හානියක් සිදුකිරීම සඳහා නිර්මාණය කර තිබේ. 

ඔස්ට්‍රියානු සමාගමක් විසින් නිපදවන මෙම ග්‍රෙනේඩ වර්ගය ඉන්දියාවේ ප්‍රධාන ප්‍රහාර කිහිපයක් සඳහා භාවිතා කර තිබේ. 2008 මුම්බායි වැඩ වර්ජනය, 1993 මුම්බායි ප්‍රහාරය සහ 2001 පාර්ලිමේන්තු ප්‍රහාරය එම අවස්ථා වේ.

(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට ඩ්‍රෝන යානාවකින් අත්බෝම්බ දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site