IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ඉන්දියාවෙන් මුදා හළ ධීවරයන් නිරෝධායනයට

(අමදෝරු අමරජීව)

මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන මුදාහරින ලද ශ්‍රී ලංකාවේ බහුදින යාත්‍රා තුනක ධීවරයන් අද (30) පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර වරායට රැගෙන ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.

පසුගිය  අගෝස්තු  19වැනිදා  මිරිස්සෙන් මුහුදු ගිය 'බී.එස්.බ්‍රදර්ස්',  අගෝස්තු  4වැනිදා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය 'විහග', අගෝස්තු  11දා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය 'ලක්මාලි' යන ධීවර යාත්‍රාවල  සිටි ධීවර කාර්මිකයන් 18 දෙනා මෙලෙස මුහුදු සීමා උල්ලංඝණය  කිරීමේ චෝදනාව මත රඳවාගෙන ප්‍රශ්න  කිරීමෙන්  පසු මෙලෙස නිදහස් කර තිබේ.

එම යාත්‍රාවල  සිටි ශ්‍රී ලාංකික  ධීවරයන්  පවසන්නේ  මුහුදුසීමා  ආසන්නයේ ලංකා  මුහුදේ රැඳී සිටියදී  ඉන්දීය වෙරළාරක්ෂක  බලකාය අත්අඩංගුවට ගත්බව ය.

රැගෙන ආ ධීවරයන් පිරිසගෙන්,  ත්‍රිකුණාමල වසංගත  රෝග විද්‍යා අංශයේ  වෛද්‍ය නිලධාරි වෛද්‍ය තංගවේලු නිලෝජන් මහතා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ජෛව සාම්පල  ලබාගත්තේය. ඉන්පසු නාවික හමුදා නිලධාරීහු ඔවුන්  නිරෝධායනය සඳහා ඔලුවිල්  නිරෝධායන  මධ්‍යස්ථානය වෙත රැගෙන ගියහ.



අදහස් (0)

ඉන්දියාවෙන් මුදා හළ ධීවරයන් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 161 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site