
(අමදෝරු අමරජීව)
මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන මුදාහරින ලද ශ්‍රී ලංකාවේ බහුදින යාත්‍රා තුනක ධීවරයන් අද (30) පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර වරායට රැගෙන ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.
පසුගිය අගෝස්තු 19වැනිදා මිරිස්සෙන් මුහුදු ගිය 'බී.එස්.බ්‍රදර්ස්', අගෝස්තු 4වැනිදා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය 'විහග', අගෝස්තු 11දා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය 'ලක්මාලි' යන ධීවර යාත්‍රාවල සිටි ධීවර කාර්මිකයන් 18 දෙනා මෙලෙස මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාව මත රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මෙලෙස නිදහස් කර තිබේ.
එම යාත්‍රාවල සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පවසන්නේ මුහුදුසීමා ආසන්නයේ ලංකා මුහුදේ රැඳී සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අත්අඩංගුවට ගත්බව ය.
රැගෙන ආ ධීවරයන් පිරිසගෙන්, ත්‍රිකුණාමල වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය තංගවේලු නිලෝජන් මහතා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගත්තේය. ඉන්පසු නාවික හමුදා නිලධාරීහු ඔවුන් නිරෝධායනය සඳහා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd