
(ඩයනා උදයංගනී)
‘මැණිකේ මගේ හිතේ’ ගීතය ප්‍රතිනිර්මාණ ගීතයත් සමඟ ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකරගත් ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වා ප්‍රසංගයක් සඳහා අද (29) ඉන්දියාව බලා පිටත්ව ගියාය.
මෙම ප්‍රසංගය ඉන්දියාවේ නවදිල්ලි, ගුරුග්‍රෑම් හිදී හෙට (30) පැවැත්වීමට නියමිතය.
ඇය කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය අවස්ථාවේ සුබ පැතුම් එක්කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ වැඩසටහනක් ද සංවිධානය කර තිබිණි
ඇය වෙනුවෙන් කේක් ගෙඩියක් පවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් පිළියෙල කර තිබූ අතර යොහානි ඔක්තෝබර් 3 වැනිදා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට ද සහභාගීවීමට නියමිතය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන ගුවන් සමාගමක් තිබුනේම නැද්ද? අනුන්ගේ ජනප්‍රියත්වයෙන් පමණක් නොවෙයි, අනුන්ගේ විපතින් පවා ප්‍රයෝජන ගන්න නම් බොහෝම දක්ෂයි. කොරෝනා සමයේ විදේශගත ලාංකිකයින්ව ගසාකෑවා... මේ සමාගම් බංකොළොත්ම වේවා..!!
කෝ අප්පා මේ විශාරද මාස්ටර්ලා ටික.? සර්පිනාව මීයොකාලා ඔක්කොම අවුල්වෙලාවත්ද? බැරිවෙලාවත් යොහානිට ශුභ පැතුමක්වත් එවන්න හිතෙන්නෙම නැද්ද?