ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපතට ඔබ්බෙන් මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හට ගත්තේය.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ කිලෝ මීටර් 10 ක් මුහුදු පතුළේය. භූමි කම්පාවත් සමඟ සුනාමියක් ගැන බියක් හටගත් නමුත් භූ කම්පන විශේෂඥයන් තහවුරු කළේ භූමි කම්පාව හේතුවෙන් සුනාමික් හට ගැනීමේ අවස්ථාවක් නොමැති බවය.
විද්‍යාඥයන් එසේ පැවැසුවේ භූමි කම්පාව හටගත් ගැඹුර සහ එහි ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමිනි.
2004 වසරේ අප ශ්‍රී ලංකාවට පවා බලපෑම් ඇති කළ බිහිසුණු සුනාමිය නිර්මාණය වූයේ ද ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදු පතුළේ හටගත් අති ප්‍රබල භූමි කම්පාවක් හේතුවෙනි. එම භූමි කම්පාව, රික්ටර් පරිමාණයේ ඒකක 9.1 ක් සටහන් කළේය.
එම බිහිසුණු සුනාමියට හසුවීමෙන් මියගිය ගණන 2,20,000 ට වඩා වැඩිය. එයින්, 1,70,000 ක් ඉන්දුනීසියානුවන්ය.
ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ 'ගිනි වළල්ල' යන නමින් හැඳින්වෙන භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, භූමි කම්පා හට ගැනීම බහුලව සිදුවෙයි.
(රොයිටර්)
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දුනීසියාවට ඔබ්බෙන් භූමිකම්පාවක්: සුනාමි අනතුරක් නෑ