(ඩයනා උදයංගනී)
දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය කිහිපයේදී ගිගුරුම් සහිත තද වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම බස්නාහිර, මධ්‍යම සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
සෙසු පළාත්වලද මිලිමීටර 75ක පමණ වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.
ඉදිරි දිනවලදීද මෙම වැසි තත්ත්වය බලාපොරොත්තු වන අතර විටින් විට අඩු වැඩි වෙමින් නොවැම්බර් මස දෙවැනි සතිය දක්වාම දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට වැසි ඇතිවනු ඇතැයි ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහනේ සිටීමෙන් වැළකීම, කුඹුරු, තේ වතු, ක‍්‍රීඩා පිටි, ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳීමෙන් වැළකීම, රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටීම ආදී ආරක්‍ෂිත ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර අද (20) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 110.8 ක වර්ෂාපතනයක් යාපනය දිස්ත‍්‍රික්කයේ අච්චුවේලි ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇත.
2025 දෙසැම්බර් මස 04
213
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
383
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉදිරි පැය කිහිපයේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි