IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ඉදිරියේදී රටේ ප්‍රශ්න ගණනාවක් ඇති වන නිසා අතුරු සම්මත ගිණුමට ඡන්දය දුන්නා ‘

(නාලක සංජීව දහනායක)


ජනවාරි මස පළමුවැනිදා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිවීම සහ තවත් ප‍්‍රශ්න ගණනාවක් රටෙහි ඇතිවන බැවින් අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකළ බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා අද (27) පැවැසීය.


මේ  අවස්තාව මඟ හැරුණද අයවැය ලේඛනය සම්බන්දයෙන් ඡන්ද විමසීමේදී විපක්‍ෂයේ ශක්තිය බලාගැනීමට හැකිවනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.


මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කණ්ඩායමට විපක්‍ෂානායකධූරය ලැබිය යුතු බවට ආර්.සම්පන්ධන් මහත්තයත් පළවෙනි දවසේ පිළිගත්තා. තමන් තවමත් විපක්‍ෂනායක කියල ඔහු දැන් කියනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක් අංශයකට විතරක් නෙවෙයි සෑම අංශයකටම තිබිය යුතුයි.


 මේ කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකසිය එකක මන්ත‍්‍රී කණ්ඩායම පිළිගන්නේ නැතුව මන්ත‍්‍රීවරුන් දහසයක් ඉන්න ද්‍රවිඩ ජාතික සන්ධානය විපක්‍ෂය විදියට පිළිගන්න කියලද. මේ මොහොතේදී ආණ්ඩුවටත්  ඕන තමන්ගේ පදේට නටන විපක්‍ෂයක් පත්කර ගන්නයි.මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මොකද්ද කියල මටනම් තේරෙන්නේ නැහැ. 


මේ පාර්ලිමේන්තුවේ කාටවත් බහුතරයක් නැහැ. ඒ නිසා මහා මැතිවරණයක් පවත්වා බහුතරය සහිත ස්ථාවර පාර්ලිමේන්තුවක් පත්කර ගනිමු. ඒ සඳහා ජනතාවට අවස්ථාවක් දෙමු. විපක්‍ෂය විදියට අපි  ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම්.


එමෙන්ම තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂය පසුගිය කාලයේදී කිව්වා. නමුත් ද්‍රවිඩ ජාතික සන්ධානත් ඡුන්දය දීලත්  අතුරු සම්මත ගිණූමට ලැබුනේ ඡන්ද 102ක් පමණයි. වෙනදා ආණ්ඩුවේ බහුතරය ගැන කතාකරපු කතානායකවරයා එදා බහුතරය ගැන කතා කළේ නැහැ. 


අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න අපිටත් අවස්ථාවක් තිබුණා. අපි එහෙම කළානම් ජනවාරි පළවෙනිදා ඉඳලා රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගන්න බැරිව යනවා. ඒ නිසා අතුරු සම්මත ගිණුමට විරුද්ධව අපි ඡන්දය පාවිච්චි නොකර හිටියා.

නමුත් ආණ්ඩුව අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී අපි නිකන් ඉන්නේ නැහැ. එහිදී තමන්ගේ ශක්තිය බලාගන්න පුළුවන් යැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.


බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය. 
 

 



අදහස් (0)

‘ඉදිරියේදී රටේ ප්‍රශ්න ගණනාවක් ඇති වන නිසා අතුරු සම්මත ගිණුමට ඡන්දය දුන්නා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site