IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ඉතාලියේ දී මියගිය පුද්ගලයකුගේ සිරුර 25 වසරකට පසු ලංකාවට

(එෆ්. අස්ලම්)
 
ඉතාලියේ දී වසර 25 කට පෙර මියගිය යාපනයේ පදිංචිකරුවකුගේ සිරුර ඉකුත් 6 වැනි දා යාපනයට ගෙනවිත් අවසන් ගෞරවය සඳහා නිවසේ තබා මිහිදන් කර තිබේ.

මෙසේ ගෙනවිත් ඇත්තේ දැනට වසර 25 කට පෙර ඉතාලියේ දී මියගිය යාපනය චාවකච්චේරිහි පදිංචිව සිටි එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තාගේ සිරුරයි.

එවකට 49 වැනි වියෙහි පසුවූ  එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තා ඉතාලියට ගොස් රැකියාවක් කරමින් සිටියදී හදිසියේ රෝගාතූර වී 1994 මැයි 24 වැනි දා මිය ගොස් ඇත.

මිය යන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ යුද්ධය දරුණුව පැවති හෙයින් දේහය මෙරටට ගෙන ඒමට නොහැකි බව කියමින් 25 වසරක් පුරා සිරුර ආරක්ෂාකාරී ලෙස තැබීමට කටයුතු කෙරිණි.

යුද්ධය මීට පෙර අවසන් වුවද සිරුර සුරක්ෂිත කිරීමේ ගිවිසුමට අනුව 25 වසරක් ගතවන තුරු එරට සමාගම සිරුර නිදහස් කළ නොහැකි බව සඳහන් කිරීමෙන් 25 වසරකින් පසු සිරුර මෙරටට ගෙන්වා අවසන් ගෞරව දක්වා මිහිදන් කිරීමට ඔහුගේ භාර්යාව කටයුතු කර ඇත.



අදහස් (2)

ඉතාලියේ දී මියගිය පුද්ගලයකුගේ සිරුර 25 වසරකට පසු ලංකාවට

kule Monday, 08 April 2019 12:14 PM

යුද්ධය පැවැති සමයේ ඉතාලියේදී මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ මෘත දේහයන් කොතෙකුත් ලංකාවට ගෙනාවාද? 1994 යාපනය එල්.ටී.ටී.ඊ. සංවිධානය පාලනය කරමිනුයි සිටියේ තම වැසියෙකුගේ මෘත ශරීරයක් යාපනයට ගෙනඒමට අවසර නොදුන්නා නම් ඒ සංවිධානයේ කුරීරුකමයි. අවශ්‍යතාවය තිබුණානම් ඔහුගේ අවසන් කටයුතු කොළඹදී හෝ කරන්නට තිබුණා... අවුරුදු 25ක නීතිය ගැනනම් සැකයි. හරියට යුදසමයේ සිදුවූ යුද අපරාද මානව හිමිකම් සංවිදානයට හෙලිකල අයගේ නම් ගම් වසර 30කින් පසු හෙළිකරනවා කිව්වා වගේ....

:       35       536

මුරුගානන්ද Tuesday, 09 April 2019 02:33 AM

දැන් මෙයා වෙන කොහේ හරි ඉපදිලා සාමාන්‍ය පෙළ විභාගෙත් පාස් වෙලා ඇති.

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site