IMG-LOGO

2024 ජුනි මස 14 වන සිකුරාදා


‘ඉඩී අමීන්ගේ පාලනයට සමාන කිරීමේ උත්සහයක රජය නිරතවෙනවා’

(නිමල කොඩිතුවක්කු)
 
ත‍්‍රස්තවාදවය වැළැක්වීමේ නව පනත යටතේ රට ඉඩී අමීන්ගේ පාලනයකට සමාන තත්වයකට පත්කිරීමේ උත්සාහයක වත්මන් රජය නිරත වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා කොළඹදී අද (28) පැවසීය.

රටේ පවතින  සියලුම මානව හිමිකම්, සියලුම  වෘත්තීය අයිතිවාසිකම් මාධ්‍ය නිදහස වළලා දැමීම සඳහා  මෙම පනත මගින් රජය සැළසුම්සහගතව උත්සාහ කරන බවද දිසානායක මහතා කියා සිටියේය.

පුංචි බොරැල්ලේ  පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ  නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා මෙසේද කීවේය.

‘‘ත‍්‍රස්තවාදවය වැළැක්වීමේ නව පනත යටතේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා උත්සාහ කරන්නේ ශිෂ්‍යයන්, වෘත්තීය සමිති  පාරට බැස්සොත්, රාජ්‍ය දේපළවලට හානි කළොත් එම පිරිසට සිර දඬුවම් ලබා දෙන්නයි. ඉඩී අමීන්ගේ වගේ පාලන සමයන් වලදී තමයි මේ වගේ නීති පනවා තිබුණේ.

මේ පනතින් මාධ්‍යයට පවා තහංචි පැනවෙනවා. මේ තත්වය යටතේ තොරතුරු  දැනගැනීමේ නිදහස,  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තියෙන මානසික  නිදහස ආදිය සියල්ලක්ම මේ පනතින් අහවර වෙනවා. 

ඒ අනුව මේ රටේ තියෙන සියලු මානව හිමිකම්, සියලු  වෘත්තිය අයිතිවාසිකම් මාධ්‍ය නිදහස වළලා දැමීම සඳහා  සැළසුම් සහගතව අග‍්‍රාමාත්‍යවරයා මේ පනත ඉදිරිපත් කරලා තියෙනවා.

මානව හිමිකම් කොමිසමට අපිට විරුද්ධ යෝජනාව ගෙනාවේ ඇමරිකාවයි. පහුගිය දිනවල ඇමරිකාව මේ මානව හිමිකම්  කොමිසම අසූචි ගොඩක් කියලා ඒකෙන් ඉවත් වුණා."



අදහස් (0)

‘ඉඩී අමීන්ගේ පාලනයට සමාන කිරීමේ උත්සහයක රජය නිරතවෙනවා’

ඔබේ අදහස් එවන්න

දියත

මොන පක්ෂය ආවත් අපේ සහය දෙනවා
2024 ජුනි මස 14 61 0

මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් එය ඇහුම්කන්දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූ


වැද්දොයි සුද්දයි මොනර මස් කාලා
2024 ජුනි මස 14 856 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොණරෙකු දුනු, ඊතල, වලින් මරා පුළුස්සා මස්කර ආහාරයට ගන්නා අයුරු රූ ගතකර සම


වාහන සිහිනය හැබෑ කරවන මාර්ග සිතියමක්
2024 ජුනි මස 14 447 0

ශ්‍රී ලංකාව 2025 වසර වනවිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයු


ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නවා
2024 ජුනි මස 14 506 2

තමන්ට පහර දි තුවාල සිදු කළ බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


විදුහල්පතිගේ පහර කෑ සිසුවා රෝහලේ
2024 ජුනි මස 14 628 1

මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු එම පාසලේ 9ශ්‍රේණීයේ සිසුවෙකුට කළ පහරදීමකින් සිසුවා රෝහල්ගත කර ඇත.


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපකුලපතිවරුන්ට ලිපියක්
2024 ජුනි මස 14 1022 4

සරසවිය අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් මේ වසරේ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය උපකුලපතිවරුන්ට දන්වා ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1273 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2995 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2453 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site