(විනිතා එම් ගමගේ)
ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු බවත් ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
ඉඩම් ප‍්‍රතිපත්තියක් ඉක්මණින් සම්පාදනය විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
එවන් නීතියක් සම්පාදනය කිරීමේ දී කිසිවිටෙකත් ධනපති පන්තියට හෝ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු අතර රටේ අහිංසක දුක්විඳින ගොවි ජනතාවට භූමියේ අයිතිය හිමිකර දීම වගකිව යුතු රජයක ප‍්‍රමුඛ අරමුණ විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
එකම රටක ඉඩම් භාවිතය පිළිබඳව ද නීති සම්පාදනය විය යුතු අතර නව සංශෝධන යටතේ ඊට අදාල කොන්දේසි කිසිසේත් ඉවත් නොවිය යුතු බව ද සිරිසේන මහතා කීය.
ඉඩම් පිළිබඳ බලය ප‍්‍රාදේශීය සභා වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වය ද පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව ද අදාළ පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ ඉඩම් පනත සංශෝධනය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (20) පැවැති සාකච්ඡාවකදීය.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, පී හැරිසන්, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ යන ඇමතිවරු ද අදාල අමාත්‍යංශ ලේකම්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
රජයට අයිති කදුරට වතු ආශ්‍රිත ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම ඉතා කූඨ ආකාරයෙන් සිදු වෙමින් පවතී. වතු සමාගම් මගින් පාලනය වන ඉඩම් තුල, එම වතු වල සේවය කරන පවුල් වල පුද්ගලයන් විසින් අනවසරයෙන් වගා කිරීම, නිවාස තැනීම, විශේෂයෙන් මාර්ග ආශ්‍රිතව වෙළදාම් කිරීමට කඩ සෑදීම, කෝවිල් ඉදිකිරීම සිදු කර ඇත. මේ පිළිබඳව වතු සමාගම් වලින් හෝ අදාළ වසමේ ග්‍රාම නිළධාරි විසින් හෝ සොයා බැලීමක් කරන්නේ නැත. සුළුවෙන් පටන් ගෙන ස්ථීර ගොඩනැගිලි ඉදිකර තම භුක්තියට සවිකර ගනී. කදුරට වතු පරිපාලනය කරන පාලනාධිකාරීන් මේවා සොයා නොබැලීමත්, ඉඩම් සම්බන්ධ වගකිවයුතු නිළධාරීන් මේ ගැන සොයා නොබැලීමත් හා වතු ජනතාවගේ ඉහල දේශපාලන මැදිහත් වීම් ද මෙයට හේතු වී ඇත. අනවසරයෙන් භුක්ති විදින සියලු වතු ඉඩම් රජයේ පාලනය නතු කර අනවසර ඉදිකිරීම් වහා ඉවත් කළ යුතුය. මේ පිළිබඳව රජය විසින් විධිමත් අධීක්ෂණයකින් යුතුව නීතිය සැමට සාධාරණ ලෙස ක්‍රියාත්මක කළ යුතුය. මහජනතාවගේ පොදු දේපොළ කූට ලෙස, සාවද්‍ය පරිහරණයට ලක් වීම පොදු මහජනතාවට කරන බලවත් අසාධාරණයක්.
රටක් අල්ලගන්නවනම් භූමිය අල්ලගන්න ඕන යුද්ද කරලා රට අල්ලගන්න උවමනා නෑ
නැතිව නැතිව රටේ තියන වටිනා ඉඩම් සියලම දේශපාලුවෝ ටික කොල්ලකාගෙන දැන්ද මතක්වෙන්නේ පොදු ජනයා ගැන? කිඹුල් කඳුළු. මස්ටික හුරාගෙනම කළා කටුටික දැක්කම පොදු ජනයා මතක්වෙලා.
අක්කර 50 නීතියට මොකද උනේ. අනේ අපරාදේ සමහරු තමන්ට තිබුන අක්කර දහස් ගණනක ඉඩම් නැතිකර ගත්තා.
වෙලා තියෙන ප්‍රශ්නය තමයි ජනාධිපති කලින් මොනවා මොනවා කිව්වත් පොරොන්දු උනත් අන්තිමේදී ඒක සිද්ධ වෙන්නේ රටට මහා නස්පැත්තියක් වෙන විධියට. මොකද අන්තිමට කැබිනට් එක ඔහුගේ පාලනයෙන් කනෙන් රිංගලා ගිහින් මේ පනත් රටට අවාසියක් වෙන විදියට සිද්ධ කෙරෙන එක තමයි පහුගිය කාලෙම වුනේ. උදාහරණයකට බලන්න කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ. පොරොන්දු උනාට ගැරන්ටි නැහැ.
නිතර ඇහෙන "යුතුයි" කියන වචනය ඕන ගොන් බඳින කණුවකට කියන්න පුළුවන්. රටට හෝ දැයට යමක් කරලා "මම කලෙමි" කියා පෙන්වීම වෙනම දෙයක්.